Home Sinhala වර්ෂාවේ බාධා මැද 350කට වැඩි ඉලක්කයක්!

වර්ෂාවේ බාධා මැද 350කට වැඩි ඉලක්කයක්!

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි. වර්ෂාවේ බාධා මැද ක්‍රියාත්මක වූ අද දිනය (30) නිමාවෙද්දී ශ්‍රී ලංකාව පෙරට වඩා හොඳ තත්ත්වයක පසුවෙයි. ඒ අද පන්දු යවන්නන් දක්ෂතා අතරට පැමිණි බැවිනි. 

කෙසේවෙතත් හෙට දිනයේ ශ්‍රී ලංකාවට අවාසිදායක ප්‍රතිඵලයක් සමඟින් තරගය නිමාවීමේ අවදානම ද මුළුමනින්ම දුරුවී ගොස් නැත. එය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේ දක්වන දස්කම් මතයි.

පිතිපෙළ කඩා වැටෙද්දී සිම්බාබ්වේ ග්‍රහණය දැඩිවෙයි

තරගාවලි ජයක් පිලිබඳ සුබ සිහින දකිමින් සිටි ශ්‍රී ලංකා පිළට මරු පහරක් එල්ල වූ දිනයක් ලෙස අද (29) හරාරේ හිදී ක්‍රියාත්මක…………..

අද තරගය ඇරඹෙන විට සිම්බාබ්වේ පිළ තරගය තුල අණසක පතුරුවා තිබූ අතර කඩුලු 9ක්ම අතැතිව ඔවුන් ශ්‍රී ලංකා ඉනිමට වඩා ලකුණු 175ක් ඉදිරියෙන් පසුවූහ. එබැවින් පෙරළිකාර ජයක් අපේක්ෂා කිරීමට නම් ඔවුන්ට අවශ්‍ය වූයේ තම දෙවැනි ඉනිම සාර්ථක කර ගැනීම පමණි. කෙසේනමුත් අද දිනය කඩුල්ලක් සමඟින්ම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පිළට හැකිවූ අතර එහිදී දැවී ගියේ ලකුණු 15ක් ලබා සිටි රෙගිස් චකබ්වායි. මෙම කඩුල්ලේ හිමිකාරීත්වය වමතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට හිමිවිය.

එතැන් සිට නැවතත් ලකුණු 47ක සබඳතාවයක් ගොඩ නැගීමට ප්‍රින්ස් මැස්වෝරේ සහ බ්‍රෙන්ඩන් ටේලර් සමත් වූ අතර ඔවුන් දෙදෙනා හොඳ ලකුණු වේගයක්ද රඳවා ගැනීමට උත්සාහ දරන බව පෙනෙන්නට තිබුණි. ඉතාමත් හොඳින් ගොඩ නැගෙමින් තිබූ මෙම සබඳතාවය අවසානයේ නිමා වන්නේ ප්‍රින්ස් මැස්වෝරේ දුවද්දී දැවී යාමත් සමඟයි. එහිදී ලකුණු 35ක් ලබමින් අර්ධ ශතකය වෙත ලඟා වෙමින් සිටි ඔහුගේ මෙම අනවශ්‍ය ලකුණක් කරා දුවයාම සියතින් ගෙල සිඳ ගැනීමක් බඳුවිය.

ඉන්පසු තවත් නවක සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු වූ ටිමිසෙන් මරුමා පිටියට පිවිසි අතර වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටින්නට ඔහුට හැකි නොවීය. ඒ පන්දු 14කට මුහුණ දුන් නමුදු කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වූ ඔහු අවසානයේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක්වීම නිසයි. එතකින් නොනැවතුනු ශ්‍රී ලංකා පිළ අද දිවා විවේකය සඳහා ගියේ ඔවුන්ට තිබූ විශාලම හිසරදය වූ බ්‍රෙන්ඩන් ටේලර්වද ක්‍රීඩාගාරයට කැඳවා ගනිමිනි.

පාකිස්තානයට එන කණ්ඩායමේ නායකත්වය සංගාට

පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව…………

ඒ වනවිට පන්දු 75කට මුහුණ දී සිටි ඔහු හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියේ ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේ දී සුපිරි අභියෝගයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. මේ අනුව ශ්‍රී ලංකා පිළ දිවා විවේකයට පෙර කඩුලු 5ක් දවාගෙන සිටියද සිකන්දර් රාසා සහ ශෝන් විලියම්ස් තව දුරටත් නොදැවී සිටීම තරමක අවදානමක් ගැන ඉඟියක් කියා පෑවේය. බලාපොරොත්තු වූ පරිදිම මොවුන් දෙදෙනා අතර ලකුණු 70ක සබඳතාවයක් වර්ධනය වූ අතර සිම්බාබ්වේ පිළට ලකුණු 300ක වඩා වැඩි ඉදිරියක් ලබා ගැනීමටද මෙම සබඳතාවය උපකාරී විය.

අවසානයේ පන්දු යවන්නන් මාරු කිරීම් කිහිපයකින්ම පසුව මෙම සබඳතාවය බිඳ දැමීමට හැකිවූයේ විශ්ව ප්‍රනාන්දුටයි. ඒ වනවිට සිකන්දර් රාසා හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබාගෙන සිටියේය. රාසාගේ දැවී යාමෙන් පසු හරාරේ පිටියට වැසි ඇද හැලුණු අතර කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් සිදුවූයේ තවදුරටත් ක්‍රීඩා නොකොටම මදක් වේලාසනින් තේ පානය සඳහා යොමුවීමටයි. ඒ වනවිට සිම්බාබ්වේ ඉනිම ලකුණු 222ට කඩුලු 6ක් ලෙස සටහන් විය. ඒ ලකුණු 335ක ඉදිරියක් සමඟයි.

තේ විවේකයෙන් පසු වැඩි කාලයක් ගතවන තෙක් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ අතර එතැන් පටන් අද දිනය නිමාවන තෙක්ම යැවීමට හැකි වූයේ පන්දුවාර 6ක් පමණි. ඒ නැවත වතාවක් හරාරේ පිටියට වැසි පතිත වීම නිසයි. ඒ අතරේ පසුපෙළ පිතිකරු ටිනොටෙන්ඩා මුටොම්බොසි ලකුණු 8කට දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. මේ වනවිට තවත් කඩුලු 3ක් අතැතිව සිටින සිම්බාබ්වේ පිළ තම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 354ක් ඉදිරියෙන් සිටියි.

2020 IPL වෙනස් වෙයි; නිපන්දුවට අලුතින් විනිසුරුවෙක්!

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය අන් තරගාවලිවලට………..

එබැවින් බොහෝදුරට හෙට දිනයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිළට පිතිකරණයේ යෙදීමේ අවස්ථාව ලැබෙනු ඇති අතර අභියෝගය වන්නේ දිනයේ නිමාව තෙක්ම කඩුල්ලේ රැඳී සිටීමයි. කෙසේවෙතත් අද සිව්වැනි දිනයට වර්ෂාවේ බලපෑම ලැබීමත් සමඟ තරග වාසි බොහෝදුරට සමබර වූ නිසා හෙට දිනයේ තරග ප්‍රතිඵල 3න් ඕනෑම එකක් ලැබීමේ සම්භාවිතාවක් පවතී. 

Result
Match drawn

Sri Lanka
293/10 (119.5) & 204/3 (87)
Zimbabwe
406/10 (115.3) & 247/7 (75)
BatsmenRB4s6sSR
Prince Masvaure c Niroshan Dickwella b Lahiru Kumara9441020.45
Kevin Kasuza b Suranga Lakmal38974039.18
Craig Ervine c Oshada Fernando b Dhananjaya de Silva121111109.09
Brendan Taylor lbw b Suranga Lakmal6262101100.00
Sean Williams b Dhananjaya de Silva10713710378.10
Sikandar Raza c Angelo Mathews b Lasith Embuldeniya72994272.73
Regis Chakabva c Niroshan Dickwella b Lasith Embuldeniya31693044.93
Tinotenda Mutombodzi lbw b Dhananjaya de Silva33994033.33
Donald Tiripano c Suranga Lakmal b Lasith Embuldeniya13471027.66
Carl Mumba not out11192057.89
Victor Nyauchi c Dhananjaya de Silva b Lasith Embuldeniya6101060.00
Extras12 (b 8 , lb 3 , nb 1, w 0, pen 0)
Total406/10 (115.3 Overs, RR: 3.52)
Fall of Wickets 1-21 (13.6) Prince Masvaure, 2-49 (19.4) Craig Ervine, 3-114 (32.6) Kevin Kasuza, 4-133 (36.5) Brendan Taylor, 5-292 (71.6) Sikandar Raza, 6-324 (78.5) Sean Williams, 7-362 (95.2) Regis Chakabva, 8-386 (110.1) Tinotenda Mutombodzi, 9-394 (111.6) Donald Tiripano, 10-406 (115.3) Victor Nyauchi,
BowlingOMRWEcon
Suranga Lakmal2293721.68
Vishwa Fernando1414503.21
Lahiru Kumara2056013.00
Lasith Embuldeniya42.3818244.30
Dhananjaya de Silva1717134.18
BatsmenRB4s6sSR
Dimuth Karunarathne lbw b Sikandar Raza441203036.67
Oshada Fernando c Regis Chakabva b Donald Tiripano441194036.97
Kusal Mendis c Carl Mumba b Sikandar Raza22731130.14
Angelo Mathews c Regis Chakabva b Carl Mumba641583240.51
Dinesh Chandimal c & b Sikandar Raza690166.67
Dhananjaya de Silva b Sikandar Raza42645165.62
Niroshan Dickwella lbw b Sikandar Raza160016.67
Suranga Lakmal c Tinotenda Mutombodzi b Sikandar Raza5270018.52
Lasith Embuldeniya c Brian Mudzinganyama b Sikandar Raza5390012.82
Vishwa Fernando c Regis Chakabva b Victor Nyauchi38815046.91
Lahiru Kumara not out3220013.64
Extras19 (b 9 , lb 10 , nb 0, w 0, pen 0)
Total293/10 (119.5 Overs, RR: 2.45)
Fall of Wickets 1-94 (36.2) Dimuth Karunarathne, 2-104 (43.1) Oshada Fernando, 3-134 (62.5) Kusal Mendis, 4-142 (64.5) Dinesh Chandimal, 5-226 (86.3) Dhananjaya de Silva, 6-228 (88.2) Niroshan Dickwella, 7-242 (94.3) Suranga Lakmal, 8-244 (97.1) Angelo Mathews, 9-268 (108.4) Lasith Embuldeniya, 10-293 (119.5) Vishwa Fernando,
BowlingOMRWEcon
Carl Mumba1844312.39
Sikandar Raza43811372.63
Donald Tiripano24123011.25
Victor Nyauchi22.574011.78
Tinotenda Mutombodzi1214804.00
BatsmenRB4s6sSR
Prince Masvaure run out (Dhananjaya de Silva)351053133.33
Craig Ervine c Niroshan Dickwella b Vishwa Fernando13431030.23
Regis Chakabva c Dhananjaya de Silva b Lasith Embuldeniya15391038.46
Brendan Taylor lbw b Lahiru Kumara67757189.33
Timycen Maruma st Niroshan Dickwella b Lasith Embuldeniya014000.00
Sikandar Raza lbw b Vishwa Fernando34744045.95
Sean Williams not out53776168.83
Tinotenda Mutombodzi b Suranga Lakmal8220036.36
Donald Tiripano not out120050.00
Extras21 (b 4 , lb 15 , nb 1, w 1, pen 0)
Total247/7 (75 Overs, RR: 3.29)
Fall of Wickets 1-32 (11.2) Craig Ervine, 2-64 (23.3) Regis Chakabva, 3-111 (38.2) Prince Masvaure, 4-124 (42.4) Timycen Maruma, 5-151 (49.3) Brendan Taylor, 6-221 (67.5) Sikandar Raza, 7-240 (74.3) Tinotenda Mutombodzi,
BowlingOMRWEcon
Suranga Lakmal1853411.89
Dhananjaya de Silva723204.57
Vishwa Fernando2054322.15
Lahiru Kumara1023803.80
Lasith Embuldeniya2008124.05


BatsmenRB4s6sSR
Oshada Fernando lbw b Sikandar Raza471084043.52
Dimuth Karunarathne c Regis Chakabva b Carl Mumba12380031.58
Kusal Mendis not out11623313149.79
Angelo Mathews c Craig Ervine b Victor Nyauchi13691018.84
Dinesh Chandimal not out13750017.33
Extras3 (b 1 , lb 1 , nb 1, w 0, pen 0)
Total204/3 (87 Overs, RR: 2.34)
Fall of Wickets 1-26 (13.4) Dimuth Karunarathne, 2-107 (38.1) Oshada Fernando, 3-140 (61.2) Angelo Mathews,
BowlingOMRWEcon
Sikandar Raza32106311.97
Donald Tiripano16101500.94
Carl Mumba411313.25
Sean Williams1604903.06
Victor Nyauchi1234313.58
Tinotenda Mutombodzi721902.71

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<