කොදෙව් සංචාරයේ කිසිදු වෙනසක් නෑ

314

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සඳහා කැරිබියන් දූපත්වල සංචාරයක නිරත වීමට නියමිතව තිබුණ ද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණ පා සිටින මූල්‍යමය ගැටලු හේතුවෙන් එම සංචාරය අවිනිශ්චිත තත්ත්වයට පත්විය.

කෙසේ වෙතත් ඊයේ (22) කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය එම ගැටලු නිරාකරණය කර ඇති බවත් සංචාරයේ නියමිත පරිදි පැවැත්වෙන බවත් නිවේදනය කරන ලදි.

ශ්‍රී ලංකා කොදෙව් සංචාරය අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග තුනක් සඳහා එළඹෙන ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව්….

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැරිබියන් දූපත් වෙත සාදරයෙන් පිළිගන්නවා, ටෙස්ට් තරගාවලිය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගෙන තිබෙනවා, ටෙස්ට් තරග වෙනුවට එක්දින තරග තරගාවලියට ඇතුළත් කරන්නේ නැහැ.” බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී ඩේව් කැමරන් මහතා මාධ්‍යයට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ද ThePapare.com වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“බටහිර ඉන්දීය කොදෙව් පාලක මණ්ඩලය ඔවුන්ගේ තීරණය අපට දැන්වූවා, සැලසුම් කර ගත් පරිදි ටෙස්ට් තරග තුන පෙර පැවති කාලසටහනට අනුව ක්‍රියාත්මක වේවි’”

මුල් පුටුවේ සටනට සුමතිපාල, රණතුංග, ජයන්ත සහ මොහාන්

එළඹෙන 31වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට තරග වදිනු ලබන……

ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන විසිපස් වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කරා පියාසර කිරීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය ජුනි 6 වැනිදා පොර්ට්දී ඔෆ් ස්පේන් හිදී පැවැත්වෙන අතර දෙවන තරගය සාන්ත ලුසියා හිදීත් තෙවැනි තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස බාබඩෝස් හිදීත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම් බටහිර ඉන්දීය කොදෙව් හිදී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට තවමත් සමත්ව නැති අතර අවසාන වරට ඔවුන් කොදෙව් දූපත් හි සංචාරයක නිරත වූයේ වසර දහයකට පෙරය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<