මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය අද සිට

CAVA U-20 Men Volleyball Championship 2024

90

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලිය අද (06) සිට මේ මස 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගාවලිය සඳහා උස්බකිස්තානය, නේපාලය, කිරිකිස්තානය, ටර්කිමස්තානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් 6 සහභාගී වේ. තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන් එළැඹෙන ආසියානු 20න් පහළ කුසලානය සඳහා සහභාගී වීමට සුදුස්සන් ලෙසින් නම් කෙරේ.  

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් මනුජ නිසල් කටයුතු කරන අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ලලිත් ප්‍රේමලාල් මහාතායි.  

තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු කර තිබේ.  

තරග කාලසටහන 

  • ඔක්තෝබර් 06 වැනිදා

පස්වරු 1.00 – උස්බකිස්තානය සහ කිරිකිස්තානය අතර 

පස්වරු 4.00 – ශ්‍රී ලංකාව සහ නේපාලය අතර 

පස්වරු 6.00 – ටර්කිමස්තානය සහ මාලදිවයින අතර 

  • ඔක්තෝබර් 07 වැනිදා

පස්වරු 2.00 – ටර්කිමස්තානය සහ කිරිකිස්තානය අතර 

පස්වරු 4.00 – උස්බකිස්තානය සහ නේපාලය අතර 

පස්වරු 6.00 – ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර 

  • ඔක්තෝබර් 08 වැනිදා

පස්වරු 2.00 – නේපාලය සහ මාලදිවයින අතර 

පස්වරු 4.00 – ශ්‍රී ලංකාව සහ කිරිකිස්තානය අතර 

පස්වරු 6.00 – උස්බකිස්තානය සහ ටර්කිමස්තානය අතර 

  • ඔක්තෝබර් 09 වැනිදා 

පස්වරු 2.00 – උස්බකිස්තානය සහ මාලදිවයින අතර 

පස්වරු 4.00 – ශ්‍රී ලංකාව සහ ටර්කිමස්තානය අතර 

පස්වරු 6.00 – නේපාලය සහ කිරිකිස්තානය අතර 

  • ඔක්තෝබර් 10 වැනිදා

පස්වරු 2.00 – නේපාලය සහ ටර්කිමස්තානය අතර 

පස්වරු 4.00 – ශ්‍රී ලංකාව සහ උස්බකිස්තානය අතර 

පස්වරු 6.00 – කිරිකිස්තානය සහ මාලදිවයින අතර 

  • ඔක්තෝබර් 11 වැනිදා

පෙරවරු 10.00 – 5 සහ 6 වැනි ස්ථාන සඳහා තරගය 

පස්වරු 1.00 – 1 වැනි අවසන් පූර්ව තරගය 

පස්වරු 3.00 – 2 වැනි අවසන් පූර්ව තරගය 

  • ඔක්තෝබර් 12 වැනිදා

පස්වරු 1.00 – 3 සහ 4 වැනි ස්ථාන සඳහා තරගය 

පස්වරු 3.00 – අවසන් මහා තරගය 

තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම 

මනුජ නිසල් (නායක), සසිඳු ප්‍රබෝද්, ශක්ති විදුරංග, අදීශ් තේනුක, උදිත ප්‍රියාන්, ලසිත් නිමේෂ, හිරුන් රෝචන, චමෝද් ඉසුරු, සනුජය මනිත්, තිසර දේශාන්, සත්සර නිමේෂණ සහ හේෂාන් ප්‍රනාන්දු.  

නිලධාරීන්  

 චමින්ද ලක්ෂ්මන් කුමාර මහතා (කණ්ඩායම් කළමණාකරු), ලලිත් ප්‍රේමලාල් මහතා (ප්‍රධාන පුහුණුකරු), උපේන්ද්‍ර පෙරේරා මහතා (සහාය පුහුණුකරු), මොරිස් චමින්ද මහතා (අභ්‍යාසක) 

මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලිය සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<