Home Sinhala Pant සහ Iyerගේ අර්ධ ශතක මැද ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

Pant සහ Iyerගේ අර්ධ ශතක මැද ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

264

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 28කට එක් කඩුල්ලක් දැවී ජයග්‍රහණය සඳහා ලකුණු 419ක් පිටුපසින් සිටිනවා.

තරගයේ පළමු දිනය වූ ඊයේ (12) සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිතිකරුවන් ලකුණු 252කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 86කට කඩුලු 6ක් දැවී ලකුණු 166ක් පිටුපසින් පසු වුනා.

අද (13) දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලසිත් ඇඹුල්දෙණියයි. ලකුණක් ලබා සිටි ලසිත් Jasprit Bumrah පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා. සුරංග ලක්මාල් ලකුණු පහකට Ashwinගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 21කට පිටියෙන් ඉවත් කරමින් සිය කඩුලු 5 සම්පූර්ණ කර ගැනීමට Bumraට හැකි වුනා.

ලකුණු 08ක් ලබා සිටි විශ්ව ප්‍රනාන්දු Ashwinගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 109කට සීමා වුනා.

සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව 42ක් වන විට ලකුණු 22ක් ලබා සිටි Mayank Agarwal පිටියෙන් ඉවත් වුනේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියේ එක්වූ ඉන්දීය නායක Rohit Sharma සහ Hanuma Vihari එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 56ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව Sharma අර්ධ ශතකය පෙනෙන මානයේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 46ක් රැස්කරගෙන තිබුණා.

පාදයේ ආබාධ තත්වයක් සමඟ ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 35ක් රැස්කර සිටි Hanuma Vihari සහ ලකුණු 13ක් ලබා සිටි Virat Kohli පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ඉන්දීය ලකුණු පුවරුව 139/4ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Rishabh Pant පන්දු 28ක් තුළ අර්ධ ශතකයක් රැස් කරමින් ඉන්දීය ක්‍රීඩකයෙකු ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුනා.

ලකුණු 50ක් ලබා ගත් Rishabh Pant ප්‍රවීන් ජයවික්‍රමගේ තෙවැනි කඩුල්ල බවට පත්වෙමින් පිටියෙන් ඉවත් වූ අතර රාත්‍රි ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු 5ක් දැවී ලකුණු 199ක් රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 342ක් ඉදිරියෙන් සිටියා.

හයවැනි කඩුල්ල සඳහා ලකුණු 63ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 22ක් ලබා සිටි තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Shreyas Iyer තරගයේ දෙවැනි අර්ධ ශතකය රැස් කරමින් ලකුණු 67ක් ලබා ගැනීමෙන් අනතුරුව ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා.

Ravichandran Ashwin ලකුණු 13කට සහ Axar Patel ලකුණු 09කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූ අතර ඒ සමඟින් කඩුලු 9ක් දැවී ලකුණු 303ක් රැස් කර සිටි ඉන්දීය දෙවැනි ඉනිම අත්හිටුවීමට ඉන්දීය නායකයා තීරණය කළා.

ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 303කට සීමා වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට ජයග්‍රහණයට හිමි වූ ඉලක්කය ලකුණු 447ක්.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලබා ගැනීමට Jasprit Bumraට හැකි වුනේ ළහිරු තිරිමාන්න ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවමිනුයි.

දෙවැනි කඩුල්ල සඳහා කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න එක්ව ගොඩනැගූ ලකුණු 28ක නොබිදුණු සම්බන්ධතාවය නිසාවෙන් දෙවැනි දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ලකුණු 28කට එක් කඩුල්ලක් දැවී ලකුණු 419ක් පිටුපසින් සිටිනවා.

මෙම තරගාවලියේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.


Result


Sri Lanka
109/10 (35.5) & 208/10 (59.3)

India
252/10 (59.1) & 303/9 (68.5)

Batsmen R B 4s 6s SR
Rohit Sharma c Dhananjaya Lakshan b Lasith Embuldeniya 15 25 1 1 60.00
Mayank Agarwal run out (Niroshan Dickwella) 4 7 1 0 57.14
Hanuma Vihari c Niroshan Dickwella b Praveen Jayawickrama 31 81 4 0 38.27
Virat Kohli lbw b Dhananjaya de Silva 23 48 2 0 47.92
Rishab Pant b Lasith Embuldeniya 39 26 7 0 150.00
Shreyas Iyer st Niroshan Dickwella b Praveen Jayawickrama 92 98 10 4 93.88
Ravindra Jadeja c Lahiru Thirimanne b Lasith Embuldeniya 4 14 1 0 28.57
Ravichandran Ashwin c Niroshan Dickwella b Dhananjaya de Silva 13 33 1 0 39.39
Axar Patel b Suranga Lakmal 9 7 0 1 128.57
Mohammed Shami c Dhananjaya de Silva b Praveen Jayawickrama 5 8 1 0 62.50
Jasprit Bumrah b 0 10 0 0 0.00


Extras 17 (b 7 , lb 8 , nb 2, w 0, pen 0)
Total 252/10 (59.1 Overs, RR: 4.26)
Fall of Wickets 1-10 (1.3) Mayank Agarwal, 2-29 (9.3) Rohit Sharma, 3-76 (26.2) Hanuma Vihari, 4-86 (27.3) Virat Kohli, 5-126 (32.4) Rishab Pant, 6-148 (36.4) Ravindra Jadeja, 7-183 (47.1) Ravichandran Ashwin, 8-215 (49.6) Axar Patel, 9-229 (53.5) Mohammed Shami, 10-252 (59.1) Shreyas Iyer,

Bowling O M R W Econ
Vishwa Fernando 3 0 18 0 6.00
Suranga Lakmal 8 3 12 1 1.50
Lasith Embuldeniya 24 2 94 3 3.92
Praveen Jayawickrama 17.1 3 81 3 4.74
Dhananjaya de Silva 7 1 32 2 4.57
Batsmen R B 4s 6s SR
Kusal Mendis c Shreyas Iyer b Jasprit Bumrah 2 7 0 0 28.57
Dimuth Karunaratne b Mohammed Shami 4 13 1 0 30.77
Lahiru Thirimanne c Shreyas Iyer b Jasprit Bumrah 8 6 2 0 133.33
Angelo Mathews c Rohit Sharma b Jasprit Bumrah 43 85 3 2 50.59
Dhananjaya de Silva lbw b Mohammed Shami 10 24 1 0 41.67
Charith Asalanka c Ravichandran Ashwin b Axar Patel 5 8 1 0 62.50
Niroshan Dickwella c Rishab Pant b Jasprit Bumrah 21 38 1 0 55.26
Lasith Embuldeniya c Rishab Pant b Jasprit Bumrah 1 16 0 0 6.25
Suranga Lakmal b Ravichandran Ashwin 5 9 0 0 55.56
Praveen Jayawickrama not out 1 1 0 0 100.00
Vishwa Fernando st b 8 8 0 0 100.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 109/10 (35.5 Overs, RR: 3.04)
Fall of Wickets 1-2 (2.1) Kusal Mendis, 2-14 (4.2) Lahiru Thirimanne, 3-14 (5.1) Dimuth Karunaratne, 4-28 (11.5) Dhananjaya de Silva, 5-50 (17.3) Charith Asalanka, 6-85 (28.1) Angelo Mathews,

Bowling O M R W Econ
Jasprit Bumrah 10 4 24 5 2.40
Ravichandran Ashwin 8.5 1 30 2 3.53
Mohammed Shami 6 1 18 2 3.00
Ravindra Jadeja 6 1 15 0 2.50
Axar Patel 5 1 21 1 4.20
Batsmen R B 4s 6s SR
Mayank Agarwal c Dhananjaya de Silva b Lasith Embuldeniya 22 34 0 0 64.71
Rohit Sharma c Angelo Mathews b Dhananjaya de Silva 46 79 0 0 58.23
Hanuma Vihari b Praveen Jayawickrama 35 79 0 0 44.30
Virat Kohli lbw b Praveen Jayawickrama 13 16 0 0 81.25
Rishab Pant c & b Praveen Jayawickrama 50 31 0 0 161.29
Shreyas Iyer lbw b Lasith Embuldeniya 67 87 0 0 77.01
Ravindra Jadedja b Avishka Fernando 22 45 0 0 48.89
Ravichandran Ashwin c Niroshan Dickwella b Praveen Jayawickrama 13 25 0 0 52.00
Axar Patel b 9 10 0 0 90.00
Mohammed Shami not out 16 8 0 0 200.00


Extras 10 (b 8 , lb 1 , nb 1, w 0, pen 0)
Total 303/9 (68.5 Overs, RR: 4.4)
Bowling O M R W Econ
Suranga Lakmal 10 2 34 0 3.40
Lasith Embuldeniya 20.5 1 87 3 4.24
Vishwa Fernando 10 2 48 1 4.80
Dhananjaya de Silva 9 0 47 1 5.22
Praveen Jayawickrama 19 2 78 4 4.11


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne lbw b Jasprit Bumrah 0 3 0 0 0.00
Dimuth Karunaratne b 107 174 0 0 61.49
Kusal Mendis st b 54 30 0 0 180.00
Angelo Mathews b 1 5 0 0 20.00
Dhananjaya de Silva c & b 4 21 0 0 19.05
Niroshan Dickwella st b 12 39 0 0 30.77
Charith Asalanka c & b 5 20 0 0 25.00
Lasith Embuldeniya lbw b 2 22 0 0 9.09
Suranga Lakmal b 1 4 0 0 25.00
Vishwa Fernando c & b 2 6 0 0 33.33
Praveen Jayawickrama not out 0 4 0 0 0.00


Extras 20 (b 16 , lb 3 , nb 1, w 0, pen 0)
Total 208/10 (59.3 Overs, RR: 3.5)
Bowling O M R W Econ
Jasprit Bumrah 9 4 23 3 2.56
Mohammed Shami 6 0 26 0 4.33
Ravichandran Ashwin 19.3 3 55 4 2.85
Ravindra Jadedja 14 2 48 1 3.43
Axar Patel 11 1 37 2 3.36



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<