Home Sinhala ඉන්දීය වේගපන්දුව ශ්‍රී ලංකා මුල්පෙළ අසරණ කරයි

ඉන්දීය වේගපන්දුව ශ්‍රී ලංකා මුල්පෙළ අසරණ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

158
Sri Lanka Tour of India 2022
 

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අද (12) අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 86ක් රැස් කරගෙන සිටියා.

බැංගලෝරයේ දී පැවැත්වෙන මෙම තරගය දිවා/රාත්‍රි තරගයක් වන අතර කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගය මෙය වීම විශේෂත්වයක්.

තරගාවලියේ පළමු තරගයෙන් විශාල ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වීම නිසාවෙන් තරගාවලිය සමකිරීමට සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ අවසන් ජාත්‍යන්තර තරගය මෙය වීම නිසාවෙන් ශ්‍රී ලංකාවට මෙම තරගය ඉතා වැදගත්.

පළමු ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත් පැතුම් නිස්සංක සහ එම තරගය ක්‍රීඩා කළ ළහිරු කුමාර ආබාධයට ලක්වීම නිසාවෙන් එම ස්ථාන සඳහා කුසල් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම කැඳවා තිබුණා.

අද තරගයට නම් කළ කණ්ඩායම්,

  • ශ්‍රී ලංකාව: Dimuth Karunaratne(c), Lahiru Thirimanne, Kusal Mendis, Angelo Mathews, Dhananjaya de Silva, Charith Asalanka, Niroshan Dickwella(w), Suranga Lakmal, Lasith Embuldeniya, Vishwa Fernando, Praveen Jayawickrama
  • ඉන්දියාව: Mayank Agarwal, Rohit Sharma(c), Hanuma Vihari, Virat Kohli, Rishabh Pant(w), Shreyas Iyer, Ravindra Jadeja, Ravichandran Ashwin, Axar Patel, Mohammed Shami, Jasprit Bumrah

මෙම තීරණාත්මක තරගයට අවශ්‍ය ආරම්භය ලබා ගත් ශ්‍රී ලංකාව ඉන්දීය ආරම්භක කඩුල්ල ලකුණු 10 දී දවා ගැනීමට සමත් වුනේ ආරම්භක පිතිකරු Mayank Agarwal දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමෙනුයි.

ඉන්දීය ලකුණු පුවරුව 29ක් වන විට ලකුණු 15ක් ලබා සිටි නායක Rohit Sharma දවා ගැනීමට දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට හැකි වුනේ ධනංජය ලබා ගත් උඩපන්දුව නිසාවෙනුයි.

තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව Hanuma Vihari ලකුණු 31කට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රමට හැකි වූ අතර, Virat Kohli ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුණේ 86/4ක් ලෙසයි.

ඉන්පසු පිටියට පිවිසි Rishabh Pant සහ Shreyas Iyer ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ සිය කඩුල්ල ආරක්ෂා කරගැනීමට සමත් වීම නිසාවෙන් තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 96ක් රැස්කර තිබුණා.

Rishabh Pant ලකුණු 39කට සහ පෙර තරගයේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ Ravindra Jadeja ලකුණු 04කට දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වෙද්දී ලකුණු පුවරුව දිස්වුණේ 148/6ක් ලෙසයි.

Ravichandran Ashwin ලකුණු 13කට ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී යද්දී Axar Patel ලකුණු 09කට පිටියෙන් ඉවත් වුනේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

ඉන්පසු පිටියට පිවිසි Mohammed Shami ලකුණු 5ක් ලබා සිටිය දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ධනංජය ද සිල්වා සමත් වුනේ ඉන්දීය ලකුණු පුවරුව 229/9ක් බවට පත්කරමිනුයි.

පිතිකරණයට තරමක් අසීරු වූ තණතිල්ලේ වේගවත් ඉනිමක් දියත් කරමින් සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ Shreyas Iyer ලකුණු 92කට ප්‍රවීන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ ඉන්දීය පළමු ඉනිම ලකුණු 252කට සීමා වුනා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වෙද්දී, ධනංජය ද සිල්වා කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනා.

සිය පළමු ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 2 දී දවා ගැනීමට Jasprit Bumrahට හැකි වුනේ කුසල් මෙන්ඩිස් ලකුණු දෙකකට පිටියෙන් ඉවත් කරමිනුයි.

ළහිරු තිරිමාන්න හට ද සාර්ථකව වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් Bumrah ඔහුව ලකුණු 08කට දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 14/2ක් බවට පත්කරමිනුයි.

ඉන්පසු ක්‍රියාත්මක වූ Mohammed Shami ලකුණු 04ක් ලබා සිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ ලකුණු 10ක් ලබා සිටි ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා මුල්පෙළ අසරණ කරමිනි.

තරගාවලිය තුළ පෙන්වූ අසාර්ථකත්වය නැවතත් පෙන්නුම් කළ චරිත් අසලංක ලකුණු 5ක් ලබා සිටිය දී Axar Patelගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 50ක් ලෙසයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43කට දවා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 85/6ක් බවට පත්කිරීමට Bumrahට හැකි වුනා.

කඩුලු 16ක් බිඳ වැටුණු පළමු දිනය අවසානයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 86ක් රැස්කර ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 166ක් පිටුපසින් සිටිනවා.


Result


Sri Lanka
109/10 (35.5) & 208/10 (59.3)

India
252/10 (59.1) & 303/9 (68.5)

Batsmen R B 4s 6s SR
Rohit Sharma c Dhananjaya Lakshan b Lasith Embuldeniya 15 25 1 1 60.00
Mayank Agarwal run out (Niroshan Dickwella) 4 7 1 0 57.14
Hanuma Vihari c Niroshan Dickwella b Praveen Jayawickrama 31 81 4 0 38.27
Virat Kohli lbw b Dhananjaya de Silva 23 48 2 0 47.92
Rishab Pant b Lasith Embuldeniya 39 26 7 0 150.00
Shreyas Iyer st Niroshan Dickwella b Praveen Jayawickrama 92 98 10 4 93.88
Ravindra Jadeja c Lahiru Thirimanne b Lasith Embuldeniya 4 14 1 0 28.57
Ravichandran Ashwin c Niroshan Dickwella b Dhananjaya de Silva 13 33 1 0 39.39
Axar Patel b Suranga Lakmal 9 7 0 1 128.57
Mohammed Shami c Dhananjaya de Silva b Praveen Jayawickrama 5 8 1 0 62.50
Jasprit Bumrah b 0 10 0 0 0.00


Extras 17 (b 7 , lb 8 , nb 2, w 0, pen 0)
Total 252/10 (59.1 Overs, RR: 4.26)
Fall of Wickets 1-10 (1.3) Mayank Agarwal, 2-29 (9.3) Rohit Sharma, 3-76 (26.2) Hanuma Vihari, 4-86 (27.3) Virat Kohli, 5-126 (32.4) Rishab Pant, 6-148 (36.4) Ravindra Jadeja, 7-183 (47.1) Ravichandran Ashwin, 8-215 (49.6) Axar Patel, 9-229 (53.5) Mohammed Shami, 10-252 (59.1) Shreyas Iyer,

Bowling O M R W Econ
Vishwa Fernando 3 0 18 0 6.00
Suranga Lakmal 8 3 12 1 1.50
Lasith Embuldeniya 24 2 94 3 3.92
Praveen Jayawickrama 17.1 3 81 3 4.74
Dhananjaya de Silva 7 1 32 2 4.57
Batsmen R B 4s 6s SR
Kusal Mendis c Shreyas Iyer b Jasprit Bumrah 2 7 0 0 28.57
Dimuth Karunaratne b Mohammed Shami 4 13 1 0 30.77
Lahiru Thirimanne c Shreyas Iyer b Jasprit Bumrah 8 6 2 0 133.33
Angelo Mathews c Rohit Sharma b Jasprit Bumrah 43 85 3 2 50.59
Dhananjaya de Silva lbw b Mohammed Shami 10 24 1 0 41.67
Charith Asalanka c Ravichandran Ashwin b Axar Patel 5 8 1 0 62.50
Niroshan Dickwella c Rishab Pant b Jasprit Bumrah 21 38 1 0 55.26
Lasith Embuldeniya c Rishab Pant b Jasprit Bumrah 1 16 0 0 6.25
Suranga Lakmal b Ravichandran Ashwin 5 9 0 0 55.56
Praveen Jayawickrama not out 1 1 0 0 100.00
Vishwa Fernando st b 8 8 0 0 100.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 109/10 (35.5 Overs, RR: 3.04)
Fall of Wickets 1-2 (2.1) Kusal Mendis, 2-14 (4.2) Lahiru Thirimanne, 3-14 (5.1) Dimuth Karunaratne, 4-28 (11.5) Dhananjaya de Silva, 5-50 (17.3) Charith Asalanka, 6-85 (28.1) Angelo Mathews,

Bowling O M R W Econ
Jasprit Bumrah 10 4 24 5 2.40
Ravichandran Ashwin 8.5 1 30 2 3.53
Mohammed Shami 6 1 18 2 3.00
Ravindra Jadeja 6 1 15 0 2.50
Axar Patel 5 1 21 1 4.20
Batsmen R B 4s 6s SR
Mayank Agarwal c Dhananjaya de Silva b Lasith Embuldeniya 22 34 0 0 64.71
Rohit Sharma c Angelo Mathews b Dhananjaya de Silva 46 79 0 0 58.23
Hanuma Vihari b Praveen Jayawickrama 35 79 0 0 44.30
Virat Kohli lbw b Praveen Jayawickrama 13 16 0 0 81.25
Rishab Pant c & b Praveen Jayawickrama 50 31 0 0 161.29
Shreyas Iyer lbw b Lasith Embuldeniya 67 87 0 0 77.01
Ravindra Jadedja b Avishka Fernando 22 45 0 0 48.89
Ravichandran Ashwin c Niroshan Dickwella b Praveen Jayawickrama 13 25 0 0 52.00
Axar Patel b 9 10 0 0 90.00
Mohammed Shami not out 16 8 0 0 200.00


Extras 10 (b 8 , lb 1 , nb 1, w 0, pen 0)
Total 303/9 (68.5 Overs, RR: 4.4)
Bowling O M R W Econ
Suranga Lakmal 10 2 34 0 3.40
Lasith Embuldeniya 20.5 1 87 3 4.24
Vishwa Fernando 10 2 48 1 4.80
Dhananjaya de Silva 9 0 47 1 5.22
Praveen Jayawickrama 19 2 78 4 4.11


Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne lbw b Jasprit Bumrah 0 3 0 0 0.00
Dimuth Karunaratne b 107 174 0 0 61.49
Kusal Mendis st b 54 30 0 0 180.00
Angelo Mathews b 1 5 0 0 20.00
Dhananjaya de Silva c & b 4 21 0 0 19.05
Niroshan Dickwella st b 12 39 0 0 30.77
Charith Asalanka c & b 5 20 0 0 25.00
Lasith Embuldeniya lbw b 2 22 0 0 9.09
Suranga Lakmal b 1 4 0 0 25.00
Vishwa Fernando c & b 2 6 0 0 33.33
Praveen Jayawickrama not out 0 4 0 0 0.00


Extras 20 (b 16 , lb 3 , nb 1, w 0, pen 0)
Total 208/10 (59.3 Overs, RR: 3.5)
Bowling O M R W Econ
Jasprit Bumrah 9 4 23 3 2.56
Mohammed Shami 6 0 26 0 4.33
Ravichandran Ashwin 19.3 3 55 4 2.85
Ravindra Jadedja 14 2 48 1 3.43
Axar Patel 11 1 37 2 3.36




තරගයේ දෙවැනි දිනය හෙට (13) ක්‍රියාත්මක වන අතර මෙම තරගාවලියේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<