ලසිත් මාලිංග Rajasthan Royals සමඟ එක්වෙයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3847

ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන IPL තරග වාරය සඳහා Rajasthan Royals කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස බඳවා ගෙන තිබෙනවා.

IPL පිළිබඳව අත්දැකීම් රාශියකින් සැඳුම්ලත් මුම්බායි Mumbai Indians කළ මාලිංග IPL තරගාවලියට පුහුණුකරුවෙකු ලෙස එකතු වන දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 2018 වසරේ දී ඔහු Mumbai Indians වෙනුවෙන් වේගපන්දු යවන උපදේශකයෙකු ලෙස කටයුතු කළා.

ඕස්ට්‍රේලියාව සමඟ පසුගිය දා පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස ද මාලිංග කටයුතු කළා.

IPL තරගාවලි ඉතිහාසය තුළ කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති Mumbai Indians නියෝජනය කරමින් තරග 122ක දී දවා ගෙන ඇති සමස්ත කඩුලු සංඛ්‍යාව 170ක්.

IPL තරගාවලියේ 2022 වසරේ අදියර එළඹෙන මාර්තු 26 වැනිදා ආරම්භ වන්නේ Chennai Super Kings සහ Kolkata Knight Riders අතර තරගයත් සමඟිනුයි. 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලූම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<