ලෝකෙන් ම එක වී බංග්ලාදේශයට පරාජය වීම

Sri Lanka Tour of Bangladesh

71
Sri Lanka Tour of Bangladesh

ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පසුගියදා සමත් වූවා.

පළමු තරගය

  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 255 (48.5)ජනිත් ලියනගේ 67, කුසල් මෙන්ඩිස් 59,Tanzim Hasan Sakib 3/44
  • බංග්ලාදේශය – කඩුලු 4ක් දැවී 257 (44.4)Najmul Hossain Shanto122, Mushfiqur Rahim නොදැවී 73, ඩිල්ශාන් මදුශංක 2/44
  • බංග්ලාදේශයට කඩුලු 6ක ජයක්.
  • තරගයේ වීරයා – Najmul Hossain Shanto(බංග්ලාදේශය)

දෙවැනි තරගය

  • බංග්ලාදේශය – කඩුලු 7ක් දැවී 286 (50.0)Towhid Hridoyනොදැවී 96, Soumya Sarkar 68, වනිඳු හසරංග 4/45
  • ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී 287 (47.1)පැතුම් නිස්සංක 114, චරිත් අසලංක 91, Shoriful Islam2/49
  • ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.
  • තරගයේ වීරයා – පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)

තෙවැනි තරගය

  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 235 (50.0) ජනිත් ලියනගේ නොදැවී 101, චරිත් අසලංක 37,  Taskin Ahmed3/42
  • බංග්ලාදේශය – කඩුලු 6ක් දැවී 237 (40.2) Tanzid Hasan84, Rishad Hossainනොදැවී 48, ලහිරු කුමාර 4/48
  • බංග්ලාදේශයට කඩුලු 4ක ජයක්.
  • තරගයේ වීරයා – Rishad Hossain(බංග්ලාදේශය)
  • තරගාවලියේ වීරයා – Najmul Hossain Shanto(බංග්ලාදේශය)

මීට පෙර 2021 වසරේ දී කුසල් පෙරේරා ගේ නායකත්වයෙන් යුත් තරග 3කින් යුත් තරගාවලිය ද තරග 2-1ක් ලෙසින් අපේ ක්‍රීඩකයෝ බංග්ලාදේශය හමුවේ පරාජය වුනා.

කෙසේ වෙතත් නිමා වූ තරගාවලිය පරාජය වූව ද මෙම තරගාවලියත් සමඟින් ලෝක එක්දින තරග ඉතිහාසයේ 2024 වසර වෙනුවෙන් මේ දක්වා අවසන් වූ තරගවල දී වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු ස්ථාන 4 ම වෙන්කර ගැනීමට අපේ ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා.

එහි පළමු ස්ථානය තරග 6ක දී ලකුණු 497ක් ලබා ගත් පැතුම් නිස්ංසකට ද, දෙවැනි ස්ථානය තරග 9ක ඉනිම් 8ක දී ලකුණු 358ක් ලබා ගත් චරිත් අසලංකට ද, තරග 9ක දී ලකුණු 350ක් ලබා ගත් කුසල් මෙන්ඩිස්ට ද සහ තරග 9ක ඉනිම් 6ක දී ලකුණු 346ක් ලබා ගත් ජනිත් ලියනගේට ද හිමි වුනා.

එමෙන් ම නිමා වූ තරගාවලියේ දී සිවු වැනි කඩුල්ල වෙනුවෙන් එතෙක් පැවැති ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමක් ද සිදු කෙරීම් විශේෂත්වයක් වූවා. නිමා වූ දෙවැනි තරගයේ දී පැතුම් නිස්සංක සහ චරිත් අසලංක එක් ව ලකුණු 185ක් ලබා ගනිමින් මෙම දක්ෂතාවට පිවිසියා.

එතෙක් එහි වාර්තාව සතු කරගෙන සිටියේ රොෂාන් මහානාම සහ අර්ජුන රණතුංග 1997 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 171ක සබඳතාවයි.

මේ අතර නිමා වූ බංග්ලාදේශ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමට ද ජනිත් ලියනගේ සමත් වීම කැපී පෙණුනා. ඔහු මේ ක්‍රීඩා කළේ තමන්ගේ තෙවැනි එක්දින තරගාවලියයි. ඔහු මෙම තරගාවලිය නිමා කරන්නේ ඉනිම 3ක දී ලකුණු 177ක් ලබා ගනිමින් වන අතර එහි සාමාන්‍ය 88.5ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වුනා.

එමෙන් ම ඔහු අවසන් එක්දින තරගයේ දී පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත් අතර එය ඔහුගේ මංගල ශතකය ද වූවා.

එම ලැයිස්තුවේ මෙරට දක්ෂතා අතර දෙවැනි ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් ශතකලාභියා වූ පැතුම් නිස්සංකයි. ඔහු ඉනිම 3ක දී ලකුණු 151ක් ලබා ගන්නවා. ඊට දෙවැනි තරගයේ දී පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් එල්ල කරන ලද ලකණු 114ක් ද ඇතුලත්.

එහි තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වෙන්නේ කණ්ඩායමේ උප නායක චරිත් අසලංක. ඔහු නිමා කරන ලද තරග ත්‍රිත්වයේ දී ලකුණු 146ක් ලබා ගන්නවා. ඊට දෙවැනි තරගයේ දී පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 91ක් ද ඇතුලත්.

ඊට අමතර ව මෙම ලැයිස්තුවට එක් වෙන්නේ ලකුණු 104ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් සහ ලකුණු 49ක් ලබා ගත් වනිඳු හසරංගයි.

පන්දු යැවීමේ දී මෙරට ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වූයේ වනිඳු හසරංගයි. ඔහු තරග 3ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 6ක්. ඒ අතර ඔහුගේ හොඳම බවට පත් වූයේ 2 වැනි තරගයේ දී ලකුණු 45කට දවා ගත් කඩුලු 4යි.

ඊට පසුව කඩුලු 5ක් දවා ගත් ලහිරු කුමාර ද සහ කඩුලු 4ක් දවා ගත් ඩිල්ශාන් මධුශංක ද මෙම ලැයිස්තුව හැඩ කළා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<