බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Sri Lanka Tour of Bangladesh 2024

74
Sri Lanka Tour of Bangladesh 2024

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි වී ඇති අතර, උප නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ඇති.

ආබාධයක ලක් වීම නිසා බංග්ලාදේශ සංචාරය අහිමි වූ අසිත ප්‍රනාන්දු වෙනුවට එක්දින සංචිතයට පිවිසි ලහිරු කුමාර හට ටෙස්ට් සංචිතයේ ද ඉඩ වෙන් වී ඇති අතරේ ම, ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළ වනිඳු හසරංග ද නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙවරත් පැතුම් නිස්සංක හට ටෙස්ට් සංචිතයේ ඉඩක් හිමි වී නැහැ.

ශ්‍රී ලංකා සංචිතය:

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිශාන් පීරිස්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ චාමික ගුණසේකර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 දා ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<