අසිත ප්‍රනාන්දුට බංග්ලාදේශ සංචාරය අහිමි වෙයි!

Sri lanka Tour of Bangladesh 2024

118
Sri lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වයට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හට අහිමි වී තිබෙනවා.

නිමා වූ ඇෆ්ගනිස්තාන එක්දින සහ විස්සයි විස්ස තරගවලින් හි කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ අසිත, මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලිය අතරතුර ආබාධයකට (Hamstring Injury) ලක් වී තිබෙනවා. ඒ හේතුවෙනුයි ඔහුට ඉදිරි බංග්ලාදේශය සංචාරය අහිමි වී තිබෙන්නේ.

එමෙන්ම අසිතගේ ආදේශක ක්‍රීඩකයා ලෙස බොහෝ විට ලහිරු කුමාර තෝරා ගැනීමට ඉඩ ඇති බවත් වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තරග සංචාරය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<