Home Sinhala මැතිව්ස් – ධනංජය ශතක සබඳතාවයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයක්

මැතිව්ස් – ධනංජය ශතක සබඳතාවයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

5110

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර Dhaka හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (25) අවසන් වුනා.

දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිටියේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 83ක් පසුපසින් සිටිමින්.

දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 143ක් ලබාගෙන සිටි අතර දිනයේ ක්‍රියාත්මක කෙරුණු පළමු පන්දුවෙන්ම ඊයේ (24) අවසන් පන්දුවාර කිහිපයේ සිට සැදෑ ආරක්ෂක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ කසුන් රාජිතගේ කඩුල්ල දවා ගැනීමට Ebadot Hossain සමත් වුනා.

සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 29 වැනි අර්ධ ශතකය ලබා ගත් නායක දිමුත් කරුණාරත්න Shakib Al Hasanගේ විශිෂ්ට පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී ගියා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ මුල්පෙළ සවිමත් කළ කරුණාරත්න 4 පහර 9ක් එල්ල කරමින් පන්දු 155ක් තුල ලකුණු 80ක් ලබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවට යම් පීඩනයක් එල්ල කරමින් දිනයේ පළමු ලකුණු 25 තුල ශ්‍රී ලංකා කඩුලු 2ක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුනා.

අනතුරුව පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 199ක් ලබා ගත් ඇන්ජලෝ මැතිව්ස් සමඟ 5 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වුණු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා මැදපෙළ තරමක් ස්ථාවර කර ගනිමින් පන්දුවට පහර දීමට සමත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා එක්ව දිවා ආහාරය වන විට පන්දු 85ක් තුල නොදැවුණු ලකුණු 46*ක සබඳතාවයක් ගොඩනැංවූවා.

දිවා ආහාරයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ඇදහැළුණු වර්ෂාව තේ පානය අවසන් වන තුරුම පැවැත්වීම නිසා දිනය තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු පන්දුවාර 39ක් අපතේ ගියා.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට තරගය නැවතත් ආරම්භ වුනු අතර මැතිව්ස් සහ ධනංජය 5 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 56ක් ශ්‍රී ලංකා ලකුණු සටහනට එකතු කරමින් පන්දු 191ක් තුල ලකුණු 102ක ශතක සබඳතාවයක් ගොඩනැංවූවා.

එම ශතක සබඳතාවය බිඳ දමමින් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 10 වැනි අර්ධ ශතකය ලබා ගත් ධනංජය 4 පහර 9ක් එල්ල කරමින් ලකුණු 58කට දවා ගැනීමට Shakib සමත් වුනේ දිනයේ දැවී ගිය කඩුලු 3න් 2ක් තමන් සතු කරගෙනයි.

අවසානයේ දී අයහපත් ආලෝක තත්වය මත තරගය නවතාලීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පිළිවෙළින් ලකුණු 58*ක් සහ ලකුණු 10*ක් ලබාගෙන සිටිනවා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් 38 වැනි අර්ධ ශතකය වාර්තා කළ මැතිව්ස් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය තුල වැඩිම 6 පහර එල්ල කළ ක්‍රීඩකයාගේ වාර්තාව තමාගේ නමට ඉදිරියෙන් සටහන් කරගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීමට සමත් වීම කැපී පෙනුනා.

හෙට (26) තරගයේ සිව්වැනි දිනයයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය, ThePapare.com සමඟින්.

Result


Sri Lanka
506/10 (165.1) & 28/0 (3)

Bangladesh
365/9 (116.2) & 162/10 (55.3)

Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  b Kasun Rajitha 0 2 0 0 0.00
Tamim Iqbal c Praveen Jayawickrama b Asitha Fernando  0 4 0 0 0.00
Najmul Hossain Shanto b Kasun Rajitha 8 21 1 0 38.10
Mominul Haque c Niroshan Dickwella b Asitha Fernando  9 9 2 0 100.00
Mushfiqur Rahim not out 175 355 21 0 49.30
Shakib Al Hasan (vc) lbw b Kasun Rajitha 0 1 0 0 0.00
Liton Das c Kusal Mendis b Kasun Rajitha 141 246 16 1 57.32
Mosaddek Hossain c Niroshan Dickwella b Kasun Rajitha 0 3 0 0 0.00
Taijul Islam c Niroshan Dickwella b Asitha Fernando  15 37 0 0 40.54
Khaled Ahmed c Niroshan Dickwella b Asitha Fernando  0 2 0 0 0.00
Ebadot Hossain not out 0 20 0 0 0.00


Extras 17 (b 9 , lb 3 , nb 2, w 3, pen 0)
Total 365/9 (116.2 Overs, RR: 3.14)
Fall of Wickets 1-1 (0.2) Mahmudul Hasan Joy , 2-6 (1.4) Tamim Iqbal, 3-16 (5.1) Mominul Haque, 4-24 (6.4) Najmul Hossain Shanto, 5-24 (6.5) Shakib Al Hasan (vc), 6-296 (92.1) Liton Das, 7-296 (92.4) Taijul Islam, 8-349 (107.1) Khaled Ahmed,

Bowling O M R W Econ
Kasun Rajitha 28.2 7 64 5 2.27
Asitha Fernando  26 2 93 4 3.58
Praveen Jayawickrama 38 9 108 0 2.84
Ramesh Mendis 14 0 53 0 3.79
Dhananjaya de Silva 6 0 27 0 4.50
Dimuth Karunarathne 4 1 8 0 2.00
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Najmul Hossain Shanto b Ebadot Hossain 57 91 8 1 62.64
Dimuth Karunarathne b Shakib Al Hasan (vc) 80 155 9 0 51.61
Kusal Mendis lbw b Shakib Al Hasan (vc) 11 49 0 0 22.45
Kasun Rajitha b Ebadot Hossain 0 12 0 0 0.00
Angelo Mathews not out 145 342 12 2 42.40
Dhananjaya de Silva c Liton Das b Shakib Al Hasan (vc) 58 95 9 0 61.05
Dinesh Chandimal c Tamim Iqbal b Ebadot Hossain 124 219 11 1 56.62
Niroshan Dickwella c Liton Das b Shakib Al Hasan (vc) 9 10 1 0 90.00
Ramesh Mendis lbw b Ebadot Hossain 10 11 2 0 90.91
Praveen Jayawickrama c Liton Das b Shakib Al Hasan (vc) 0 3 0 0 0.00
Asitha Fernando  run out (Shakib Al Hasan (vc)) 2 6 0 0 33.33


Extras 10 (b 0 , lb 8 , nb 2, w 0, pen 0)
Total 506/10 (165.1 Overs, RR: 3.06)
Fall of Wickets 1-95 (25.5) Oshada Fernando, 2-139 (43.1) Kusal Mendis, 3-144 (46.2) Kasun Rajitha, 4-164 (55.6) Dimuth Karunarathne, 5-266 (87.5) Dhananjaya de Silva, 6-465 (156.6) Dinesh Chandimal, 7-501 (162.5) Ramesh Mendis, 8-502 (163.3) Praveen Jayawickrama, 9-506 (165.1) Asitha Fernando , 10-482 (192.5) Niroshan Dickwella,

Bowling O M R W Econ
Khaled Ahmed 23 1 85 0 3.70
Ebadot Hossain 38 4 148 4 3.89
Shakib Al Hasan 40.1 11 96 5 2.39
Mosaddek Hossain 12 1 38 0 3.17
Taijul Islam 49 10 124 0 2.53
Mominul Haque 3 0 7 0 2.33
Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  c Kusal Mendis b Asitha Fernando  15 27 3 0 55.56
Tamim Iqbal c Kusal Mendis b Asitha Fernando  0 11 0 0 0.00
Najmul Hossain Shanto run out (Praveen Jayawickrama) 2 11 0 0 18.18
Mominul Haque c Niroshan Dickwella b Kasun Rajitha 0 2 0 0 0.00
Mushfiqur Rahim b Kasun Rajitha 23 39 4 0 58.97
Liton Das c & b Asitha Fernando  52 135 3 0 38.52
Shakib Al Hasan (vc) c Niroshan Dickwella b Asitha Fernando  58 72 7 0 80.56
Mosaddek Hossain lbw b Ramesh Mendis 9 22 1 0 40.91
Taijul Islam lbw b Asitha Fernando  1 10 0 0 10.00
Ebadot Hossain not out 0 5 0 0 0.00
Khaled Ahmed b Asitha Fernando  0 1 0 0 0.00


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 162/10 (55.3 Overs, RR: 2.92)
Fall of Wickets 1-19 (3.2) Mominul Haque, 2-15 (5.1) Tamim Iqbal, 3-19 (7.2) Najmul Hossain Shanto, 4-23 (9.1) Mahmudul Hasan Joy , 5-53 (20.3) Mushfiqur Rahim, 6-156 (47.5) Liton Das, 7-163 (51.1) Shakib Al Hasan (vc), 8-169 (52.2) Taijul Islam, 9-169 (54.1) Mosaddek Hossain, 10-169 (55.3) Khaled Ahmed,

Bowling O M R W Econ
Kasun Rajitha 12 5 40 2 3.33
Asitha Fernando  17.3 5 51 6 2.95
Praveen Jayawickrama 13 0 47 6 3.62
Ramesh Mendis 11 2 20 1 1.82
Dhananjaya de Silva 2 0 10 0 5.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando not out 21 9 3 1 233.33
Dimuth Karunaratne not out 7 9 1 0 77.78


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 28/0 (3 Overs, RR: 9.33)
Bowling O M R W Econ
Taijul Islam 1 0 16 0 16.00
Shakib Al Hasan 1 0 7 0 7.00
Ebadot Hossain 1 0 5 0 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<