Home Sinhala දිමුත් සහ ඕෂධගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්

දිමුත් සහ ඕෂධගේ අර්ධ ශතකවලින් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

470
Sri Lanka tour of Bangladesh 2022 - 2nd Test Day 2

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (24) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු 143ක් ලබාගෙන සිටියා.

පළමු දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබා සිටි අතර Mushfiqur Rahim නොදැවී ලකුණු 115ක් සහ Litton Das ලකුණු 135ක් ලබාගෙන සිටියා.

එමෙන්ම ඊයේ (23) පන්දු රකිමින් සිටින විට ඇති වූ අසනීප තත්වයක් නිසාවෙන් රෝහල්ගත කළ කුසල් මෙන්ඩිස් ද අද නැවතත් කණ්ඩායම සමඟ එක්ව පන්දු රැකීමට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක් වූ Litton Das ලකුණු 141කට දවා ගනිමින් හයවැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 272ක සම්බන්ධතාවය අවසන් කිරීමට කසුන් රාජිතට හැකි වුනා.

එම පන්දුවාරයේම නැවතත් ක්‍රියාත්මක වූ රාජිත නව පිතිකරුවා වූ Mosaddek Hossain ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ බංග්ලාදේශ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 296ක් බවට පත් කරමිනුයි.

ඉන්පසු පිටියට පැමිණි Taijul Islam සමඟ එක්වූ Rahim අටවැනි කඩුල්ල සඳහා ලකුණු 49ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කරන Rahim ලකුණු 150 සීමාව පසු කළා.

හත්වැනි කඩුල්ලේ සම්බන්ධතාවට තිත තබමින් Taijul Islam ලකුණු 15කට සහ Khaled Ahmed ලකුණු නොලබාම දවා ගැනීමට අසිත ප්‍රනාන්දුට හැකි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක සහනයක් ගෙන දෙමිනුයි.

දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 361ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරන Mushfiqur Rahim ලකුණු 171ක් ලබා සිටියා.

දිවා ආහාරයෙන් පන්දුවාර කිහිපයකට පසුව Ebadot Hossain දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වීම නිසාවෙන් Rahim අගනා ඉනිම නොදැවී ලකුණු 175ක් ලෙස අවසන් කිරීමට ඔහුට සිදු වුනා.

ඒ සමඟ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365කට සීමා වෙද්දී අගනා පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත කඩුලු 5ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 365ක් පිටුපසින් සිටිමින් සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සඳහා තේ පානයට තරගය නතර කරන විට ලකුණු 84ක නොබිදුණු සම්බන්ධතාවක් පිහිටුවීමට දිමුත් කරුණාරත්නට සහ ඕෂධ ප්‍රනාන්දුට හැකි වුනා.

තේ පානයට තරගය නතර කරන විට සිය පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ඕෂධ ප්‍රනාන්දු නොදැවී ලකුණු 52ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 31ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

තේ පානයෙන් කෙටි වේලාවකට පසු ලකුණු 57ක් ලබා සිටි ඕෂධ ප්‍රනාන්දු දවා ගැනීමට Ebadot Hossainට හැකි වුනේ ලකුණු 95ක ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවයට තිත තබමිනුයි.

ඉන්පසු පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සමඟ එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 44ක සම්බන්ධයක් ගොඩනැගීමෙන් අනතුරුව Shakib Al Hasanගේ පන්දුවක් හමුවේ දැවී ගියේ දිනය නිමා වීමට පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දීයි.

ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉතා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න නොදැවී ලබා ගත් ලකුණු 70 නිසාවෙන් දෙවැනි දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 222ක් පිටුපසින් පසු වුනා.

තරගයේ තෙවැනි දිනය හෙටයි (25). තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.


Result


Sri Lanka
506/10 (165.1) & 28/0 (3)

Bangladesh
365/9 (116.2) & 162/10 (55.3)

Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  b Kasun Rajitha 0 2 0 0 0.00
Tamim Iqbal c Praveen Jayawickrama b Asitha Fernando  0 4 0 0 0.00
Najmul Hossain Shanto b Kasun Rajitha 8 21 1 0 38.10
Mominul Haque c Niroshan Dickwella b Asitha Fernando  9 9 2 0 100.00
Mushfiqur Rahim not out 175 355 21 0 49.30
Shakib Al Hasan (vc) lbw b Kasun Rajitha 0 1 0 0 0.00
Liton Das c Kusal Mendis b Kasun Rajitha 141 246 16 1 57.32
Mosaddek Hossain c Niroshan Dickwella b Kasun Rajitha 0 3 0 0 0.00
Taijul Islam c Niroshan Dickwella b Asitha Fernando  15 37 0 0 40.54
Khaled Ahmed c Niroshan Dickwella b Asitha Fernando  0 2 0 0 0.00
Ebadot Hossain not out 0 20 0 0 0.00


Extras 17 (b 9 , lb 3 , nb 2, w 3, pen 0)
Total 365/9 (116.2 Overs, RR: 3.14)
Fall of Wickets 1-1 (0.2) Mahmudul Hasan Joy , 2-6 (1.4) Tamim Iqbal, 3-16 (5.1) Mominul Haque, 4-24 (6.4) Najmul Hossain Shanto, 5-24 (6.5) Shakib Al Hasan (vc), 6-296 (92.1) Liton Das, 7-296 (92.4) Taijul Islam, 8-349 (107.1) Khaled Ahmed,

Bowling O M R W Econ
Kasun Rajitha 28.2 7 64 5 2.27
Asitha Fernando  26 2 93 4 3.58
Praveen Jayawickrama 38 9 108 0 2.84
Ramesh Mendis 14 0 53 0 3.79
Dhananjaya de Silva 6 0 27 0 4.50
Dimuth Karunarathne 4 1 8 0 2.00
Batsmen R B 4s 6s SR
Oshada Fernando c Najmul Hossain Shanto b Ebadot Hossain 57 91 8 1 62.64
Dimuth Karunarathne b Shakib Al Hasan (vc) 80 155 9 0 51.61
Kusal Mendis lbw b Shakib Al Hasan (vc) 11 49 0 0 22.45
Kasun Rajitha b Ebadot Hossain 0 12 0 0 0.00
Angelo Mathews not out 145 342 12 2 42.40
Dhananjaya de Silva c Liton Das b Shakib Al Hasan (vc) 58 95 9 0 61.05
Dinesh Chandimal c Tamim Iqbal b Ebadot Hossain 124 219 11 1 56.62
Niroshan Dickwella c Liton Das b Shakib Al Hasan (vc) 9 10 1 0 90.00
Ramesh Mendis lbw b Ebadot Hossain 10 11 2 0 90.91
Praveen Jayawickrama c Liton Das b Shakib Al Hasan (vc) 0 3 0 0 0.00
Asitha Fernando  run out (Shakib Al Hasan (vc)) 2 6 0 0 33.33


Extras 10 (b 0 , lb 8 , nb 2, w 0, pen 0)
Total 506/10 (165.1 Overs, RR: 3.06)
Fall of Wickets 1-95 (25.5) Oshada Fernando, 2-139 (43.1) Kusal Mendis, 3-144 (46.2) Kasun Rajitha, 4-164 (55.6) Dimuth Karunarathne, 5-266 (87.5) Dhananjaya de Silva, 6-465 (156.6) Dinesh Chandimal, 7-501 (162.5) Ramesh Mendis, 8-502 (163.3) Praveen Jayawickrama, 9-506 (165.1) Asitha Fernando , 10-482 (192.5) Niroshan Dickwella,

Bowling O M R W Econ
Khaled Ahmed 23 1 85 0 3.70
Ebadot Hossain 38 4 148 4 3.89
Shakib Al Hasan 40.1 11 96 5 2.39
Mosaddek Hossain 12 1 38 0 3.17
Taijul Islam 49 10 124 0 2.53
Mominul Haque 3 0 7 0 2.33
Batsmen R B 4s 6s SR
Mahmudul Hasan Joy  c Kusal Mendis b Asitha Fernando  15 27 3 0 55.56
Tamim Iqbal c Kusal Mendis b Asitha Fernando  0 11 0 0 0.00
Najmul Hossain Shanto run out (Praveen Jayawickrama) 2 11 0 0 18.18
Mominul Haque c Niroshan Dickwella b Kasun Rajitha 0 2 0 0 0.00
Mushfiqur Rahim b Kasun Rajitha 23 39 4 0 58.97
Liton Das c & b Asitha Fernando  52 135 3 0 38.52
Shakib Al Hasan (vc) c Niroshan Dickwella b Asitha Fernando  58 72 7 0 80.56
Mosaddek Hossain lbw b Ramesh Mendis 9 22 1 0 40.91
Taijul Islam lbw b Asitha Fernando  1 10 0 0 10.00
Ebadot Hossain not out 0 5 0 0 0.00
Khaled Ahmed b Asitha Fernando  0 1 0 0 0.00


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 162/10 (55.3 Overs, RR: 2.92)
Fall of Wickets 1-19 (3.2) Mominul Haque, 2-15 (5.1) Tamim Iqbal, 3-19 (7.2) Najmul Hossain Shanto, 4-23 (9.1) Mahmudul Hasan Joy , 5-53 (20.3) Mushfiqur Rahim, 6-156 (47.5) Liton Das, 7-163 (51.1) Shakib Al Hasan (vc), 8-169 (52.2) Taijul Islam, 9-169 (54.1) Mosaddek Hossain, 10-169 (55.3) Khaled Ahmed,

Bowling O M R W Econ
Kasun Rajitha 12 5 40 2 3.33
Asitha Fernando  17.3 5 51 6 2.95
Praveen Jayawickrama 13 0 47 6 3.62
Ramesh Mendis 11 2 20 1 1.82
Dhananjaya de Silva 2 0 10 0 5.00


Batsmen R B 4s 6s SR
Oshada Fernando not out 21 9 3 1 233.33
Dimuth Karunaratne not out 7 9 1 0 77.78


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 28/0 (3 Overs, RR: 9.33)
Bowling O M R W Econ
Taijul Islam 1 0 16 0 16.00
Shakib Al Hasan 1 0 7 0 7.00
Ebadot Hossain 1 0 5 0 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<