චානුක ඩිල්ශාන් හොඳම පන්දු යැවීම වාර්තා කරයි

85

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නුගේගොඩ ක්‍රීඩා සමාජයේ 23 හැවිරිදි වමතින් දඟපන්දු යවන චානුක ඩිල්ශාන් තම පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට අද (16) දින සමත් විය. ඔහු කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 113කට කඩුලු 6ක් දවා ගත්තේය. 

පැතුම් වික්‍රමසිංහ තම හොඳම ඉනිම ක්‍රීඩා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (15) දවසේ පැවති තරග අතුරින් කැපී පෙනෙන දක්ෂතා….

නුගේගොඩ සහ කුරුණෑගල යූත් අතර තරගය 

පනාගොඩ දී පැවති මෙම තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වූවේය.  

නුගේගොඩ ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 47ක දී කඩුලු 2ක් දැවී 201) සියලු දෙනා දැවී 413 (103.5) ඉරෝෂ් සමරසූරිය 50, පැතුම් වික්‍රමසිංහ 118, ප්‍රමුද් හෙට්ටිවත්ත 85, අසන්ත බස්නායක 23, පසිඳු මධුශාන් 59, බාසිට් අලි 36, ලහිරු ජයරත්න 3/91, විනෝද් පෙරේරා 4/97, නවින් කවිකාර 3/107. 

කුරුණෑගල යූත් සමාජය : පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 14ක දී කිසිවෙකු නොදැවී 35) සියලුම දෙනා දැවී 300 (86.3) මාලිංග මලිගස්පේ 46, සංදීප් කුන්චිකූර් 69, සයින් අබ්බාස් 39, ඩිල්ශාන් කොල්ලුරේ 23, විනෝද් පෙරේරා 30, රන්දීර රණසිංහ 32, නවින් කවිකාර නොදැවී 22, චානුක ඩිල්ශාන් 6/113, පසිඳු මධුශාන් 2/70. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 106 (16) පැතුම් මධුශංක නොදැවී 59, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 21. 


නාවික හමුදාව සහ සෙබස්තියනයිට්ස් අතර තරගය 

වැලිසර දී පැවති මෙම තරගයේ පළමු ඉනිමේ වාසිය සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ සතුකර ගත්හ. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 153 (50.5) සමිත රංග 22, තරුෂ ප්‍රනාන්දු 31, නිලංක සඳකැන් 22, සමන් කුමාර 2/47, නවින් ගුණවර්ධන 6/57, රනේෂ් පෙරේරා 2/14. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දු 37ක දී කඩුලු 8ක් දැවී 144) සියලු දෙනා දැවී 166 (48.4) එස්. ප්‍රනාන්දු 24, දසුන් සෙනෙවිරත්න 41, තිලංක ද සිල්වා 24, නිලංක සඳකැන් 6/54. 

නාවික හමුදා ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 76ක දී කඩුලු 7ක් දැවී 205) සියලු දෙනා දැවී 273 (91.4) ශවිඳු දිසානායක 43, තරුෂාන් ඉද්මල්ගොඩ 45, ඩබ්ලිව්. මයන්ත 27, තරුෂ ප්‍රනාන්දු 27, ශාලිත් ප්‍රනාන්දු 31, සවිඳු පීරිස් 37, නවීන් ගුණවර්ධන 5/107, රනේෂ් පෙරේරා 2/31. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 199 (79) තිලංක ද සිල්වා 47, එස්. ප්‍රනාන්දු 32, රනේෂ් පෙරේරා නොදැවී 59, ඩිලංක අවර්ඩ්ට් 4/67. 

ජයසූරිය පළමු පෙළ 10 වැනි ශතකය වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (15 Group A….

කැන්ඩි කස්ටම්ස් සහ කළුතර ටවුන් අතර තරගය 

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 24ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.  

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 9ක් දැවී 443 (85) අකීල් ඉන්හාම් 148, දේව් සිං 79, සසිත් මනුරංග 54, සචිත්‍ර පෙරේරා 57, සම්පත් පෙරේරා නොදැවී 55, ආර්. පුංචිහේවා 3/78, ඉෂාන් අබේසේකර 3/116. 

කළුතර ටවුන් සමාජය : පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 03ක දී කඩුල්ලක් දැවී 6) සියලු දෙනා දැවී 237 (67.4) ගේෂාන් විමලධර්ම 39, කෙවින් පීරිස් 66, එරංග රත්නායක 45, හසිත නිර්මාල් 46, චිරාග් කුරානා 2/64, සම්පත් පෙරේරා 2/54, මෙතුෂාන් තිළිණ 2/44. 

කළුතර ටවුන් සමාජය : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට නතර කරන විට පන්දුවාර 15ක දී කඩුලු 3ක් දැවී 42) සියලු දෙනා දැවී 182 (62.3) හෂාන් චාමර 38, හසිත නිර්මාල් 79, ඉෂාන් අබේසෙර්කර 28, සම්පත් පෙරේරා 2/47, චිරාග් කුරානා 2/31, සචිත්‍ර පෙරේරා 2/17. 

Photos: Kandy Customs CC v Kalutara TC | SLC Major League Tier “B” Tournament 2019/20


ගාල්ල සහ පානදුර අතර තරගය 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අද දින නිමා වූයේ පළමු ඉනිමේ වැඩි ප්‍රසාද ලකුණු සත්කාරක ගාලු ක්‍රීඩකයන් සතු කරමිනි. 

ගාල්ල ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 175 (69.2) මන්සූර් අම්ජාඩ් 28, දමිත හුණුකුඹුර 29, රවිශ්ක විජේසිරි 48, රොෂාන් ජයතිස්ස 2/31, චලන ද සිල්වා 3/52, උමේෂ් කරුණාරත්න 4/48. 

පානදුර ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනය අවසානයේ පන්දුවාර 18ක දී කඩුලු 3ක් දැවී 32) සියලු දෙනා දැවී 161 (57.1) සංජික රිද්ම 27, උමේෂ් කරුණාරත්න නොදැවී 76, අහමඩ් ජමාල් 4/63, කවික ඩිල්ෂාන් 5/45. 

ගාල්ල ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම (දෙවැනි දිනය අවසානයේ පන්දුවාර 15ක දී කිසිවෙකු නොදැවී 43) සියලු දෙනා දැවී 216 (75.2) මංසූර් අහමඩ් 54, කවිඳු එදිරිවීර 25, රවිශ්ක විජේසිරි 22, විනුර දුල්සර 27, දමිත හුණුකුඹුර නොදැවී 39, චලන ද සිල්වා 2/55, ඩිල්ශාන් අබේසිංහ 2/35, රොෂාන් ජයතිස්ස 4/61. 

පානදුර ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 146 (36.2) විශ්ව චතුරංග 22, රාජු ගයාෂාන් නොදැවී 52, චලන ද සිල්වා නොදැවී 22, අහමඩ් ජමාල් 2/46, කවික ඩිල්ශාන් 2/54. 


වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව අතර තරගය 

දොඹගොඩ යුද හමුදා පිටියේ දී පැවති මෙම තරගයේ දී ඉනිමක සහ ලකුණු 219ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සමත් වූහ. 

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 70ක දී කඩුලු 4ක් දැවී 231) කඩුලු 8ක් දැවී 420 (115.5) රමේෂ් නිමන්ත 62, අදීශ නානායක්කාර 51, ඉෂාන් රංගන 73, හස්නයින් බෝකාරි 160, ගයාන් ද සිල්වා 3/86. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 18.5ක දී කඩුලු 5ක් දැවී 60) සියලු දෙනා දැවී 78 (28.2) රවිඳු සෙම්බකුට්ටිගේ 25, චානක කොමසාරු 4/23, රජීව වීරසිංහ 5/20. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 123 (40.1) උදයවංශ පරාක්‍රම 20, මාධව නිමේෂ් 43, චානක කොමසාරු 3/45, චමින්ද බණ්ඩාර 4/20. 

පුහුණු තරගයේ දී ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග පසුගිය දා ආරම්භ විය.

ශ්‍රී ලංකා පොලිසිය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 

තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය දෙවැනි දිනයට නතර කරන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 244ක් රැස්කර ගෙන සිටියහ. ඔවුන් මේ වන විට ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට වඩා ලකුණු 186ක් ඉදිරියෙන් සිටියි. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 170 (45.4) හර්ෂ විතාන 50, චාමර සිල්වා 33, සමීන් කඳනාරච්චි 24, මධුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 25, නිසාර් අහමඩ් 6/58, සුජාන් මයුර 2/34. 

පොලිස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 40ක දී කඩුලු 7ක් දැවී 153) සියලු දෙනා දැවී 228 (65.3) ලක්ෂාන් රොද්‍රිගෝ 41, මධුරංග සොයිසා 27, ගිටාන්ස් කෙහ්රා 20, සුපුන් මධුශංක 22, දුලාශ් උදයංග 54, ගයාන් සිරිසෝම 2/54, දිලීප ජයලත් 3/97, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 4/46. 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 244 (58) ඩිල්හාන් කුරේ 55, කසුන් ඒකනායක 27, චාමර සිල්වා 57, හර්ෂ විතාන 42, සමීන් කඳනාරච්චි නොදැවී 22, අසේල් සිගේරා 5/50.  

මෙම තරගය හෙට (17) දින අවසන් දිනයට ක්‍රියාත්මකය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<