කුසල් රට පෙරට තබා IPL අතහරී

690
Kusal Janith Perera

ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය ප්‍රිමියර් ලීග් කොන්ත්‍රාත්තුව පිළිනොගෙන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩයමේ ස්ථානය තහවුරු කර ගැනීම සඳහා දේශීය තරගවලට ක්‍රීඩා කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

[rev_slider LOLC]

කුසල්ගේ කළමනාකරු රවී ද සිල්වාට අනුව, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩයම කුසල් පෙරේරා හට, පන්දුව පළුදු කිරීමේ සිදුවීම නිසා වසරක තහනමකට ලක්වූ ඩේවිඩ් වෝනර්ගේ ස්ථානය පිරිනමා තිබේ.

මේ වන විට ක්‍රියාත්මක වන සුපිරි පළාත් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කරන කුසල්, දඹුල්ල කණ්ඩයමේ පළමු තරගයට ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර නිමා වූ නිදහස් කුසලානයේ දී සුපිරි දස්කම් පෙන්වූ කුසල් තරග හතරක දී අර්ධ ශතක 3ක් ද සමඟින් ලකුණු 204ක් රැස්කර ගැනීමට සමත් විය.

ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි

ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව..

“ඔහු අයි පී එල් කොන්ත්‍රාත්තුව ලැබුණු එක ගැන බොහොම සතුටු උනා, නමුත් ඔහුට ජාතික කණ්ඩයමේ ස්ථානය දිනා ගැනීම ඊට වඩා වැදගත් වුනා, එම නිසා ශ්‍රී ලංකා සුපිරි පළාත් තරගාවලිය ක්‍රීඩා කිරීමට ඔහු තීරණය කළා. මේ තරගාවලියේ එක තරගයක් හෝ ඔහු ක්‍රීඩා කරාවි, ආකෘති තුනෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීම තමයි ඔහුගේ අරමුණ” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ රවී ද සිල්වා ප්‍රකාශ කර සිටියේය.

සුපිරි පළාත් තරගාවලිය අවසන් වූ පසු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ මැයි – ජුනි දක්වා පැවැත්වෙන කොදෙව් සංචාරය සඳහා පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතය.

කුසල් ජනිත් පෙරේරා ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කර ඇති නමුත් අවසන් වරට ඔහු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2016 දෙසැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

කුසල් ගත් තීරණය අනුවණ තීරණයක් ද? ඔබේ අදහස පහතින් Comment කරන්න

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<