ධනුෂ්ක වසර 27ක වාර්තාවක් බිඳ හෙළයි

420
Chathura Ranasinghe Facebook
Chathura Ranasinghe Facebook

ඇමරිකාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ධනුෂ්ක සඳරුවන් එහි දුර පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

ධනුෂ්ක එහි දී මීටර් 7.82ක දුරක් වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු විසින් බිඳ හෙළීමට සමත් වුනේ වසර 27කට පෙර එනම් 1995 වසරේ දී ඇමරිකාවේ දී ම Benildus Fernando මීටර් 7.75ක දස්කමක් දක්වමින් පිහිටවූ ගෘහස්ථ දුර පැනීම ජාතික වාර්තාවයි.

ඒ අනුව වසර 27ක දීර්ඝ කාලීන වාර්තාවක් තමන් සතුකර ගැනීමට ධනුෂ්කට හැකිව ඇති අතර මෙම වාර්තාව සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලබා ගැනීමට යොමුකර ඇති බව ද වාර්තා වේ.

ඇමරිකාවේ Texas A&M සරසවිය නියෝජනය කරමින් තරග වදින ධනුෂ්ක පසුගිය වසරේ ද දුර පැනීම ඉසව්වෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු 2021 වසරේ දී මීටර් 7.84ක දස්කමක් දක්වමින් ඇමරිකාවේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ද සමත් වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<