ෂෙහාන්, තරංග, දිමුත් සහ දසුන් දක්ෂ පිතිකරණයක

1607
SLC Domestic cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (21) අවසන් වූ අතර එහි දී හලාවත මේරියන්ස්, එන්. එන්. සී, සැරසන්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. ඔවුන් වෙතින් පරාජය වූයේ ටැමිල් යූනියන්, බී. ආර්. සී, කෝල්ට්ස් සහ රාගම කණ්ඩායම් ය.

ද සිල්වා යුගලය ටැමිල් යූනියන් හා NCC සමාජවලට ජය ගෙනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 10ක් ඊයේ (18)

ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 4ක පහසු ජයග්‍රහණයක් අත්විය. තරගයේ වඩාත්ම කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ දකුණතින් දඟපන්දු යවන චතුර රන්දුණු ය. ඔහු ප්‍රතිවාදී කඩුලු 6ක් ලකුණු 30ක දී දවා ගත්තේය.

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 113 (40.3) රමිත රඹුක්වැල්ල 20, තරංග පරණවිතාන 47, ඇන්ඩි සොලමන්ස් 3/12, චතුර රන්දුණු 6/30

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 114 (29.3) තානුක දාබරේ 26, සාලිය සමන් නොදැවී 16, බිනුර ප්‍රනාන්දු 3/19


හලාවත මේරියන්ස් සහ බී. ආර්. සී. අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 30ක ජයග්‍රහණයක් හිමි වූයේ තරගය අවසන් වීමට තවත් පන්දු 24ක් ඉතිරිව තිබිය දී ය. කාසියේ වාසිය දිනූ බී. ආර්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මේරියන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 256ක් පමණි.

එම ඉනිමේ දී නායක ෂෙහාන් ජයසූරිය පන්දු 83ක දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේය.

බී. ආර්. සී. ප්‍රතිවාදීන් ලකුණු 226කට සීමා වූ අතර එම ඉනිමේ දී කඩුලු රකින ක්‍රීඩක දේශාන් ඩයස් පන්දු 70ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත් අතර යටි පෙළින් පිතිකරණයට පිවිසි විකුම් සංජය පන්දු 39ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්හ.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 256 (49.4) කසුන් විදුර 29, ෂෙහාන් ජයසූරිය 84, රොහිත් දමෝදරන් 32, රුක්ෂාන් ෂෙහාන් 21, ඉසුරු උදාන 29, විකුම් සංජය 2/52,  රුමේෂ් බුද්ධික 2/46, චාමිකර එදිරිසිංහ 2/46

බී. ආර්. සී; සියලුම දෙනා දැවී 226 (46.2) දේශාන් ඩයස් 60, ටී. එන්. සම්පත් 25, රුමේෂ් බුද්ධික 37, විකුම් සංජය නොදැවී 55, අසිත ප්‍රනාන්දු 2/39, ඉසුරු උදාන 2/43, ඩිල්ශාන් ගුණවර්ධන 3/35


කෝල්ට්ස් සහ එන්. සී. සී. අතර තරගය

පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 218න් ලකුණු 83ක හිමිකාරිත්වය නිසල තාරකට හිමි විය. ඔහු පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිමේ දී එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 220ක් ලබා ගනිමින් තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගත්හ. ඔවුන් එම ඉලක්කය පසු කළේ 37 වැනි පන්දු වාරයේ දී ය.

එම ජයග්‍රාහී ඉනිමේ වඩාත් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළේ උපුල් තරංග සහ නායක ඇන්ජලෝ පෙරේරා ය. උපුල් තරංග පන්දු 83ක දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත් අතර ඇන්ජලෝ පෙරේරා පන්දු 78ක දී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 74ක් ලබා ගත්හ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 218 ( 49.1) සහන් ආරච්චිගේ 31, නිසල තාරක 83, නුවන් කුලසේකර 22, ෆර්වීස් මහරූෆ් 2/16, දුශ්මන්ත චමීර 5/51

එන්. සී. සී; කඩුලු 5ක් දැවී ලකුණු 220 (36.4) උපුල් තරංග 72,  ඇන්ජලෝ පෙරේරා 74, ෆර්විස් මහරූෆ් නොදැවී 30, අකිල ධනංජය 2/34

රුහුණ නීල වර්ණයෙන් බැබළෙන 118 වැනි නිල් සටන

මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින් දෙවැනි තැන හිමි


රාගම ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර තරගය

රාගම ක්‍රිකට් සමාජය සහ එස්. එස්. සී. අතර පැවති තරගයේ දී කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගයේ දී සුපිරි දක්ෂතා දැක්වීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.

රාගම ක්‍රිකට් සමාජය පළමුවෙන් පන්දුවට පහර දෙමින් රැස් කළ ඉනිමේ දී ලහිරු මිලන්ත ලකුණු 48ක් ලබා ගත්තේය. එම ඉනිමේ කඩුලු 4ක් ලකුණු 25කට දවා ගැනීමට නායක සචිත්‍ර සේනානායක සමත් විය.

පිළිතුරු ඉනිමේ දි ධනුශ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න සහ දසුන් ශානක අර්ධ ශතක ලබා ගැනීමට සමත් වූහ.

රාගම ක්‍රිකට් සමාජය සියලු දෙනා දැවී 206 (48); ලහිරු මිලන්ත 48, රොෂේන් සිල්වා 37, සමින්ද ප්‍රනාන්දු 20, සමීර ද සොයිසා 39, සචිත්‍ර සේනානායක 4/25

එස්. එස්. සී; කඩුලු 2ක් දැවී 207 (36.5) ධනුශ්ක ගුණතිලක 53, කෞෂාල් සිල්වා 20, දිමුත් කරුණාරත්න නොදැවී 70, දසුන් ශානක නොදැවී 54, ලහිරු මිලන්ත 2/43

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<