ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට අලුත් අයෙක්

438

ගෙවී ගිය දින කිහිපය තුළ දී මතභේදයට තුඩු දුන් ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සම්බන්ධව ගැටලුව සමථයකට පත් කරමින් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රෝයි ඩයස් මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයකට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ….

ඒ අනුව රෝයි ඩයස් මහතාට හිමි පළමු වගකීම වන්නේ මැයි මස අවසානය එළඹෙත්ම ඉන්දීය ‘A’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායමේ තරග සංචාරය සඳහා කණ්ඩායම සූදානම් කිරීම වේ. ඒ අනුව මෙතෙක් කලක් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලද අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, ‘A’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර, රෝයි ඩයස් මහතාට පිරිනැමීමටත්, එතෙක් කලක් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ලද අවිශ්ක ගුණවර්ධන මහතාව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කරන ලද බවත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිට සිය කොන්ත්‍රාත් කාලය අවසන් වී සිටින තිලාන් සමරවීරව ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් කිරීමට යන බවට ඇතැම් මාධ්‍ය විසින් ක්‍රිකට් පාලනාධිකාරිය විවේචනය වන අයුරින් ඉකුත් දින කිහිපයේ දී ප්‍රවෘත්ති පළ කර සිටි නමුත්, ඒ පුවතෙහි කිසිදු සත්‍යයක් නොමැති බව ද ප්‍රධාන විධායක නිලධාරිවරයා ThePapare.com හමුවේ අවධාරණය කර සිටියේය.

මෙවර ලෝක කුසලානයේ නායකයෝ

2019 ICC ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්. එංගලන්තයේ….

පසුගිය කාලය මුළුල්ලේම ශක්තිමත් දෙවැනි පෙළ ක්‍රිකට් කණ්ඩායමක් රහිතව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ අසාර්ථකත්වයට පත්වීමට සෘජුව බලපා සාධක අතර ප්‍රධාන තැනක් ගනු ලබන බව හඳුනා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු දෙවැනි පෙළ කණ්ඩායම හෙවත් ශ්‍රී ලංකා ‘A’ ක්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කිරීම අරමුණු කොට ගෙන මෙම සංශෝධන සිදු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද රෝයි ඩයස් මහතා ඉකුත් 2018 වසර ආරම්භයේ නවසීලන්තයේ පැවති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලැබීය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පලඟ ශූරතාව දිනා ගනු ලැබීය.

රෝයි ඩයස් මහතා යටතේ ඉන්දියාව බලා යෑමට නියමිත ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමඟ නිල නොවන ටෙස්ට් තරග 2කට සහ නිල නොවන එක්දින තරග 5කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<