දනුෂ්කට ආබාධයක්; තිසර නැවතත් ශ්‍රී ලංකා සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

147

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (19) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය.

දික්වැල්ලට පළමු එක්දින තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින පිතිකරු ලෙස ක්‍රීඩා ….

මෙම සංචිතය සඳහා තිසර පෙරේරා නැවතත් කැඳවා තිබෙන අතර ආබාධවලට ලක්ව සිටි ඉසුරු උදාන සහ නුවන් ප්‍රදීප් එම ආබාධවලින් පූර්ණ සුවය ලබා නැවතත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ඇතුළත්ව සිටියි.

පසුගිය දා නිමා වූ පාකිස්තානු තරග සංචාරයේ දී දස්කම් අතරට පැමිණි ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධයක් නිසාවෙන් සංචිතය සඳහා තෝරාගෙන නොමැති අතර ඕෂද ප්‍රනාන්දුගේ ද අතෙහි යම් ආබාධයක් මතුව තිබෙන බව වාර්තා වේ.

තිසර පෙරේරා 2019 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවති බංග්ලාදේශ තරගාවලියට පසුව ශ්‍රී ලංකා එක්දින සංචිතයක් සඳහා නම් වූ පළමු අවස්ථාව මෙයයි.

ඩෙංගු උණ රෝගය වැළඳී සුවය ලබා සිටින නිරෝෂන් දික්වැල්ල මේ මස 22 වැනිදා පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා සහභාගී නොවන නමුත් දෙවන සහ අවසන් එක්දින තරග දෙක සඳහා ඔහුව තෝරාගැනීම සඳහා තේරීම් කමිටුවට සහ කණ්ඩායම් නායකයාට අවස්ථාව ලැබේ. 

දික්වැල්ල ද 2019 මාර්තු මාසයට පසුව එක්දින තරග ක්‍රීඩා කර නොමැති නමුත් ටෙස්ට් සහ විස්සයි විස්ස තරග කිහිපයක්ම ක්‍රීඩා කර ඇත. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග කළ ශ්‍රී ලංකා සංචිතයේ ද දොරටුව වැසී ගිය දික්වැල්ල පසුගිය දා නිමා වූ ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වූ සංචිතය සඳහා ද ඇතුළත් වූයේ නැත.

දනුෂ්කට අමතරව අවසන් වරට පාකිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේ දී නායකයා ලෙසින් කටයුතු කළ ලහිරු තිරිමාන්නට 15 දෙනා අතර ස්ථානයක් හිමි නොවීම කැපී පෙනෙයි. පාකිස්තානයට එරෙහිව පැවති තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ආරක්ෂක හේතූන් මත සහභාගී නොවූ නමුත් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා ඇතුළත්ව සිටීම නිසා තිරිමාන්නට ඔහුගේ අසුන අහිමි වී ඇත.

නම් කරන ලද එක්දින කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදාන ඇතුළත්ව සිටින අතර දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වනිඳු හසරංග, ශෙහාන් ජයසූරිය සහ ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටියි.

අවිශ්ක තරිඳු පාසල් ක්‍රිකට් වාර්තා පොත් උණුසුම් කරයි

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් ……..

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග 57ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව තරග 26ක් ජයග්‍රහණය කරන විට, කොදෙව්වන් තරග 28ක් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් සිටියි. කොදෙව් කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ කොදෙව්වන්ව තරග 3-0ක් ලෙස පූර්ණ එක්දින තරගාවලි පරාජයකට ලක් කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, නුවන් ප්‍රදීප්, කුසල් පෙරේරා, ලහිරු කුමාර.

ඉවතට – ලහිරු තිරිමාන්න, දනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, කසුන් රජිත.

දින 24 ක කාලයක් තිස්සේ මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගය සඳහා පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී සහභාගී වනු ඇත. ඒ සමඟ එස්. එස්. සී. පිටියේ දී එක්දින තරගයක් පවත්වනු ලබන්නේ වසර 3කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයක් වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන එම තරගයට පෙර මෙහි අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ දී අප්‍රේල් මස බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගය යි.

ලංකන් කණ්ඩායම නූලෙන් පළමු ඉනිම ගොඩ යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major….

මෙම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත අනෙක් එක්දින තරග 2 පිළිවෙළින් පෙබරවාරි 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ තෙවැනි සහ අවසන් එක්දින තරග මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි. 

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ ද අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පවත්වා තිබෙන්නේ 2017 වසරේ ජූලි මාසයේ දී වන අතර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජයට පත්විය.

තරග කාලසටහන 

  • පෙබරවාරි 17 – පළමු පුහුණු තරගය – පී. සරා ඕවල් පිටිය
  • පෙබරවාරි 20 – දෙවන පුහුණු තරගය – කටුනායක මේරියන්ස් පිටිය
  • පෙබරවාරි 22 – පළමු එක්දින තරගය – එස්. එස්. සී. (දිවා)
  • පෙබරවාරි 26 – දෙවන එක්දින තරගය – හම්බන්තොට (දිවා/රාත්‍රි)
  • මාර්තු 01 – තෙවන එක්දින තරගය – පල්ලෙකැලේ (දිවා/රාත්‍රි)
  • මාර්තු 04 – පළමු විස්සයි විස්ස තරගය – පල්ලෙකැලේ (රාත්‍රි)
  • මාර්තු 06 – දෙවන විස්සයි විස්ස තරගය – පල්ලෙකැලේ (රාත්‍රි)

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<