එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා නැවතත් පිටියට

137

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා එංගලන්ත කණ්ඩායම සමඟ නැවත පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

නායක දිමුත් ICC පළමු 10න් ඇද වැටෙයි?

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරුවන්….

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක සඳහන් වුනේ බෙන් ස්ටොක්ස්ගේ පියා හදිසියේ රෝගාතුරව ජොහැනස්බර්ග් හි රෝහල්ගත කළ බවත්, මේ වන විට ඔහු සුව අතට හැරෙමින් පවතින බවත්ය.

බෙන් ස්ටොක්ස්ගේ පියා ජෙඩ් ස්ටොක්ස් එංගලන්තයේ දකුණු අප්‍රිකා සංචාරය නැරඹීම සඳහා දකුණු අප්‍රිකාවට පැමිණ තිබූ අතර දරුණු ලෙස රෝගාතුර වීම නිසා ඔහු පසුගිය සඳුදා රෝහල්ගත කෙරිණි. බෙන් ස්ටොක්ස් සිය පියා සමඟ රෝහලේ නැවතීම නිසා ඔහුට අඟහරුවාදා පුහුණුවීම් මඟහැරුණු බව ජාත්‍යන්තර මාධ්‍ය පවසා තිබුණ.

පාකිස්තානයේ අලුත්ම ඊතලය – නසීම් ශා

ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ වඩාත්ම කතාබහට ලක්වූ පාකිස්තාන ක්‍රීඩකයා….

ස්ටොක්ස් පවුල සඳහන් කර තිබුණේ එම හදිසි අවස්ථාවේ දී තමන්ට උපකාර වුණු සියලු දෙනාටම තමන්ගේ කෘතඥතාව පළ කරන බවයි.

වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් හා ජෝෆ්රා ආචර් දෙදෙනාත් හදිසියේ අසනීප වීම නිසා එංගලන්තය ක්‍රීඩා කළ පුහුණු තරග ද්විත්වයට කළේ නැහැ. ජැක් ලීච්, ඔලී පෝප් හා ක්‍රිස් වෝක්ස් යන තිදෙනාත් අසනීප වීම නිසා කණ්ඩායමේ අවසන් පුහුණු සැසියට සහාභාගී වී නොමැති බව වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<