අවිශ්ක තරිඳු පාසල් ක්‍රිකට් වාර්තා පොත් උණුසුම් කරයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

112

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක අවිශ්ක තරිඳු ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 350ක් ලබා ගනිමින් ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් වාර්තා පොත් අතර නව වාර්තාවක් පිහිටුවීමට අද (18) සමත් විය.

අවිශ්ක තරිඳු ත්‍රිත්ව ශතකය අභියස

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර්…….

වත්තල දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ලුම්බිණි විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි සාන්ත අන්තෝනි ඉනිම වෙනුවෙන් නායක අවිශ්ක තරිඳු ඊයේ දිනය අවසන් වන විට නොදැවී ලකුණු 278ක් ලබාගෙන සිටියේය.

තරගයේ දෙවන දිනය වූ අද දිනයේ දී අවිශ්ක තරිඳු සිය ඉනිම සඳහා තවත් ලකුණු 72ක් එකතු කරගත් අතර ලකුණු 350 සීමාවේ දී ඔහුගේ ඉනිම අවසන් නිමාවට පත් විය. ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටියේ මෑත කාලය තුල එක් ඉනිමක් තුල වාර්තා වූ සුපිරිතම ඉනිම මෙය වන අතර මේ ඉනිම සඳහා 4 පහර 56ක් සහ 6 පහර තුනක් අන්තර්ගතය.

මලියදේව සහ ත්‍රිත්ව 13න් පහළ සම ශූරතාවය දිනයි

සිංගර් කුසලාන වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ 2019/20 අවසන් මහා තරගය ඊයේ (16) මහනුවර ……..

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සතු දත්තයන් අනුව මෙය ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයේ පාසල් ක්‍රිකට් තරගයක එක් ඉනිමක් තුල දී ලබා ගත් දැවැන්තම ලකුණු ප්‍රමාණය මෙය වේ. 

ශ්‍රී ලංකා 19න් පහළ පාසල් ක්‍රිකට් පිටිය තුල එක් ඉනිමක දී ක්‍රීඩකයෙක් වාර්තා කර තිබෙන ලකුණු ප්‍රමාණයන් පහත පරිදි වේ,

  1. අවිශ්ක තරිඳු (වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය) – ලකුණු 350 – 2020 වසරේ දී ලුම්බිණි විද්‍යාලයට එරෙහිව
  2. ධම්මික වාස් ගුණවර්ධන (මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – ලකුණු 310 – 1996 වසරේ දී මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව
  3. ඉන්දික ද සේරම් (මාතර සාන්ත තෝමස් විද්‍යාලය) – ලකුණු 304 – 1993 වසරේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව
  4. ජැක් ඇන්ඩර්සන් (කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය) – ලකුණු 291 – 1917 වසරේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<