දිමුත් තවත් ඉදිරියට එද්දී ශ්‍රී ලංකාව එංගලන්තය සම කරයි

3272

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (24) නිකුත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙස්ට් පිතිකරුවා වෙමිනි

දොළොස් වසරක ඉතිහාසය අලුත් කරමින් තරගාවලියේ ජය සිංහයින්ට

පසුගිය 20 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන හා අවසන්…

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඊයේ (23) එස්. එස්. සී පිටියේ නිමාවූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක්වූ දස්කම් නිසා දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 754ක් දිනා ගනිමිනි. ඔහුගේ පුද්ගලික ක්‍රිකට් දිවිය තුල මෙතෙක් ලබාගත් ඉහළතම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය එයයි.

වමතින් පිත්ත හසුරුවන කරුණාරත්න එම ටෙස්ට් තරගාවලියේ ඉනිම 4කදී එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් ලබාගෙන ලකුණු 356ක් ලබාගත්තේ සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන ශතකය ද ලබා ගනිමිනි. ඊට අමතරව එම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් ලබා ගත්තේ කරුණාරත්න පමණක් වීම ද සුවිශේෂී වේ.

එම තරගය ක්‍රීඩා කිරීමට පෙර පැවති ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 31 වන තැන දිනා සිටි කරුණාරත්න පළමු ටෙස්ට් තරගයේ දී තරගාවලියේ වීරයා වෙමින් දැක්වූ එම දස්කම් නිසා ටෙස්ට් පිතිකරුවන් 24 දෙනෙකු අභිබවා එහි 7 වන ස්ථානය දක්වා පැමිණීමට ඔහුට හැකිව ඇත. කරුණාරත්නගේ සහාය පිතිකරු වූ ධනුෂ්ක ගුණතිලක තරගාවලිය පුරාවට ලකුණු 161ක් ලබාගත් නිසා ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පියවර 36ක් ඉදිරියට පැමිණ එහි 73 වන ස්ථානය දිනාගෙන තිබේ.

ධනුෂ්ක ගුණතිලක ගැන SLC පරීක්ෂණයක් ආරම්භ කරයි

ධනුෂ්ක ගුණතිලක හට සියලු ආකාරයේ ආකෘතිවලට බලපාන සේ ජාත්‍යන්තර..

ප්‍රසාද ලකුණු 733ක් ලබාගෙන ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ 9 වන ස්ථානය දිනා සිටි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් එම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ තවත් එක් පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකානු පිතිකරු ඩීන් එල්ගාර් තරගාවලිය තුල අසාර්ථක වීම නිසයි.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ද ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ එහි 8 වැනි ස්ථානය දිනා ගැනීමට රංගන හේරත් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 791ක් දිනා ගනිමිනි. නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 23 වන ස්ථානය දිනාගෙන ඇත්තේ ඔහුගේ පුද්ගලික ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානය ද දිනා ගනිමිනි. අකිල දනංජය එම ශ්‍රේණිගත කිරීමේ 39 වන තැනට පත්ව ඇත.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ප්‍රසාද ලකුණු 97ක් ලබා 6 වන ස්ථානය දිනාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ සම ස්ථානවල පසුවේ.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම වන අතර පිතිකරුවන් හා පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පෙරමුණ දිනාගෙන ඇත්තේ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් හා ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් විසිනි. නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ලොව අංක 1 ටෙස්ට් පන්දු යවන්නාව සිටි කගීසෝ රබාඩා හට දෙවන ස්ථානය දක්වා පසුබැසීමට සිදුව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය ජූලි 29 වැනිදා රංගිරි දඹුලු ක්‍රිකට් පිටියේ දී ආරම්භ වන අතර තරගයේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<