දික්වැල්ලට පළමු එක්දින තරගය අහිමි වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

82

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින පිතිකරු ලෙස ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල මේ මස 22 වැනිදා පැවැත්වෙන කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත මට්ටමකට පැමිණ ඇත. ඒ ඔහුට ඩෙංගු උණ රෝගය වැළඳී තිබෙන නිසයි.

මලියදේව සහ ත්‍රිත්ව 13න් පහළ සම ශූරතාවය දිනයි

සිංගර් කුසලාන වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ 2019/20…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මේ පිළිබඳව ThePapare.com වෙත තහවුරු කළ අතර මේ තරගාවලිය වෙනුවෙන් පැවති පුහුණුවීම් අතරතුර වයස අවුරුදු 26ක් වන දික්වැල්ලට මේ ඩෙංගු උණ රෝගය වැළඳ තිබේ.

දික්වැල්ල මේ තරගාවලිය තුල තරග වදිනු ලබන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ඇතුලත්ව සිටින ක්‍රීඩකයෙකි. එම සංචිතය පසුගිය 12 වැනිදා සිට පී. සරා සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පුහුණුවීම් වල නිරත වෙන ලදි.

“Munchee වෙළඳසේවා ක්‍රිකට් ශූරතාවය” මැලිබන් දිනා ගනියි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන Munchee වෙළඳසේවා…

2019 මාර්තු මාසයට පසුව මේ වමත් පිතිකරුවා එක්දින තරග ක්‍රීඩා කර නොමැති නමුත් ටෙස්ට් සහ විස්සයි විස්ස තරග කිහිපයක්ම ක්‍රීඩා කර ඇත. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග කළ ශ්‍රී ලංකා සංචිතයේ ද දොරටුව වැසී ගිය දික්වැල්ල පසුගිය දා නිමා වූ ඉන්දීය විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වූ සංචිතය සඳහා ද ඇතුළත් වූයේ නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස් මේ ද මේ වන විට ඩෙංගු උණ රෝගය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින අතර අපි ඔවුන් දෙදෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<