ගෙවුනු දවස සැප්තැම්බර් 13 – ඉසිපතනය ද්විත්ව ශතකයක් අභියස

712
Sri Lanka Sports News Last day summary

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

 ක්‍රිකට් 

ප්‍රීමා කුසලානය 10 වැනි වරටත්

10 වැනි වරටත් පවත්වනු ලබන වයස අවුරුදු 15න් පහල අන්තර් දිස්ත්‍රික්, අන්තර් පලාත් ප්‍රීමා ශූරතා කුසලාන තරගාවලිය පිලිබඳව දැනුවත් කිරීමේ නිල මාධ්‍ය සාකච්ඡාව ඊයේ (13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුලස්ථානයේදි පැවැත්වූයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ සහ ප්‍රීමා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලදාරීන්ගේ ද සහභාගීවත්වයෙනි.

දිස්ත්‍රික් තරග අගෝස්තු මස 20 වැනිදා සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා කණ්ඩායම් 39කගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර පලාත් කණ්ඩායම් දොලොස් දෙනාගේ තරග මේ මස 17 වැනි දා සිට 23 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර අැත. අර්ධ අවසන් තරගය සැප්තැම්බර් 26 වැනි දා පැවැත්වේ.

සජීවී රූපවාහිනි විකාශනයක් සමඟින් අවසන් මහා තරගය සැප්තැම්බර් 29 සහ 30 යන දිනයන් දෙක පුරා SSC ක්‍රීඩා පිටියේදි පැවැත්වේ.

සම්පූර්ණ ලිපිය: 15න් පහල ප්‍රීමා ක්‍රිකට් ශූරතාවය අඛණ්ඩව 10වැනි වරටත්


ද්විත්ව ශතකයක් අභියස

සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 19න් පහල පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරඟ කිහිපයක්ම ඊයේ (13) ආරම්භ විය. එහිදි පලමු දිනය නිමා වන විට වැඩි ගෞරවයන් දිනා ගැනීමට ඉසිපතන විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාල සමත් විය.

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – 145/10 (41.5) හිරුන සිගේරා 35, ශානක බණ්ඩාර 30, මොහොමඩ් රිෆාස් 22, මදුශික සඳරුවන් 4/30, නෙරන්ජන් වන්නිආරච්චි 3/33, ලහිරු ඩිල්ශාන් 2/30

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය නිමාවන විට) – 285/05 (41) පැතුම් නිස්සංක 192*, හෙශාන් ප්‍රනාන්දු 25, කලණ පෙරේරා 22,  තනුල චමෝද්  2/66

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – 91/10 (22.5) අශාන් සේනාධීර 31, තිලංග උදීශාන් 5/41, ධනංජය ලක්ෂාන් 4/38

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 201/07 (62) හසරු චාමිකර 60, ආධිත්‍යය සිරිවර්ධන 36, දුවීන් සසිදු 36*, රවිශ්ක විජේසිරි 34*, මාස් රහීම් 3/56, තිමිර කුමාර 3/55

සම්පූර්ණ ලිපිය: පැතුම් නිස්සංක ඉසිපතනය ඔසවා තබයි

දවසේ නිමාව