15න් පහල ප්‍රීමා ක්‍රිකට් ශූරතාවය අඛණ්ඩව 10වැනි වරටත්

431
Prima Trophy Press Conference

10 වැනි වරටත් පවත්වනු ලබන වයස අවුරුදු 15න් පහල අන්තර් දිස්ත්‍රික්, අන්තර් පලාත් ප්‍රීමා ශූරතා කුසලාන තරගාවලිය පිලිබඳව දැනුවත් කිරීමේ නිල මාධ්‍ය සාකච්ඡාව අද (13) ශ්‍රී ලංකා ක්‍රිකට් අායතන මුලස්ථානයේදි පැවැත්වූයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ සහ ප්‍රීමා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලදාරීන්ගේ ද සහභාගීවත්වයෙනි.

පසුගිය ලිපි: ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ පිපෙන කුසුම කුසල් මෙන්ඩිස්‌

දශකයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ සංවිධානයෙන් සහ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියෙන් උතුර නැගෙනහිර අැතුලු ශ්‍රී ලංකාවේ සෑම පලාතක්ම අාවරණය කරමින් ග්‍රාමීය ක්‍රිඩකයන් හට සිය දක්ෂතා ප්‍රදර්ශණය කිරීමට අවස්තාව සැලසීමට, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමට සහ ක්‍රිකට් ක්‍රීඩාව උසස් තත්ත්වයකට ගෙන ඒම යන අරමුණු පෙරදැරි කරගනිමින් මෙම තරගාවලිය පවත්වනු ලැබේ.

දිස්ත්‍රික් තරග අගෝස්තු මස 20 වැනිදා සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා කණ්ඩායම් 39කගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර පලාත් කණ්ඩායම් දොලොස් දෙනාගේ තරග මේ මස 17 වැනි දා සිට 23 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර අැත. අර්ධ අවසන් තරගය සැප්තැම්බර් 26 වැනි දා පැවැත්වේ.

සජීවී රූපවාහිනි විකාශනයක් සමඟින් අවසන් මහා තරගය සැප්තැම්බර් 29 සහ 30 යන දිනයන් දෙක පුරා SSC ක්‍රීඩා පිටියේදි පැවැත්වේ.

“වර්තාමනයේ සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් අතරින් 80% පමණ පිට පලාත් වලින් ක්‍රිකට් ක්‍රීීඩාවට පිවිසුනු අය ඉතිං මම විශ්වාස කරනවා අපේ කණිශ්ඨ කණ්ඩායම්වලට මෙම 15න් පහල තරගාවලිය මනා තෝතැන්නක් වෙයි කියලා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මාධ්‍ය අමතමින් අදහස් දක්වන ලදි.

ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු යන වර්තමානයේ සිටින දැවැන්ත ක්‍රිකට් තරු පවා අතීතයේදි ප්‍රීමා ශූරතාවලි කුසලනාය සඳහා සහභාගී වූ ක්‍රීඩකයෝ වෙති.

ප්‍රීමා ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ෂූන් ටිඑන් මහතා මාධ්‍ය සාකච්ඡාවේදි අදහස් දක්වමින් පවසා සිටියේ “විශාල ප්‍රගතියක් සමඟින් අඛණ්ඩව වසර 09ක් පුරා මෙම තරගාවලිය සාර්ථකව පැවැත්වුනා, මෙම තරගාවලියේ අඛණ්ඩව 10 වැනි වරටත් අනුග්‍රාහකත්වය සපයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය සමඟ අත්වැල් බැඳ ගනිමින් කණිශ්ඨ ක්‍රිකට් අංශය දියුණු කිරීමට හැකිවීම ගැන අප ඉමහත් අාඩම්බරයට පත් වනවා” යැයි ඔහු පැවසීය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට