පැතුම් නිස්සංක ඉසිපතනය ඔසවා තබයි

3050
Pathum Nissanka

සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 19න් පහල පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරඟ කිහිපයක්ම අද (13) ආරම්භ විය.

පසුගිය ලිපි: 15න් පහල ප්‍රීමා ක්‍රිකට් ශූරතාවය අඛණ්ඩව 10වැනි වරටත්

කොළඹ ඉසිපතන විද්‍යාලය හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කොළඹ කෝල්ට්ස් පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ඉසිපතන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ ඇරියුමින් පිටියට පැමිණි ජනාධිපති විද්‍යාල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට හිරුන සිගේරා සමත් විය. ඔහු තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 35ක් ලබාගන්නා ලදි. අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකිරීමට මදුශික සඳරුවන් ඇතුළු ඉසිපතන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.

ජනාධිපති විද්‍යාලය පළමු ඉණිම – 145/10 (41.5) හිරුන සිගේරා 35, ශානක බණ්ඩාර 30, මොහොමඩ් රිෆාස් 22, මදුශික සඳරුවන් 4/30, නෙරන්ජන් වන්නිආරච්චි 3/33, ලහිරු ඩිල්ශාන් 2/30

අනතුරුව  පළමු ඉණිම ආරම්භ කල ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, මෙම ඉණිම තුළ ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 168 කින් දැවැන්ත ලකුණු 192*ක් නොදැවී ලබාගන්නා ලදි. ඔහුගේ ඉණිම වේගවත් හා මනරම් පිති ප්‍රහාර වලින් පරිපූර්ණ ඉණිමක් වූ අතර, ඔහුගේ තාක්ෂණය ද ඉහළ මට්ටමක පැවැත්විණි. පැතුම්ගේ වර්ණවත් ඉණිම සඳහා 4 පහර 27ක් හා 6 පහර 4ක් අන්තර්ගත විය.

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය නිමාවන විට) – 285/05 (41) පැතුම් නිස්සංක 192*, හෙශාන් ප්‍රනාන්දු 25, කලණ පෙරේරා 22,  තනුල චමෝද්  2/66


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

දකුණු පළාතේ පසුගිය ශූරයින් ලෙස මෙම තරඟය සඳහා අවතීර්ණ වන රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම හා අලුතින් මෙම තරගාවලියේ A කාණ්ඩය සඳහා උසස් වීම් ලබාගත් කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර පැවැත්වෙන මෙම තරඟය ගාල්ලේ දී අද (13) ඇරඹිනි.

පළමුව පිතිකරණයට පැමිණි සාන්ත මරියා විද්‍යාලයට පළමු ඉණිම තුළ සාර්ථක ලකුණක් ලබාගැනීමට තිලංග උදීශාන් හා ධනංජය ලක්ෂාන් ඉඩ ලබා දුන්නෙ නැත. අශාන් සේනාධීර පමණක් යම් මට්ටමකට හෝ එම පන්දු හමුවේ නොසැලී ක්‍රීඩා කල අතර අවසානයේ ඔහු ලකුණු 31කට දැවී යන ලදි.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – 91/10 (22.5) අශාන් සේනාධීර 31, තිලංග උදීශාන් 5/41, ධනංජය ලක්ෂාන් 4/38

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල රිච්මන්ඩ් කණ්ඩායම පළමු ඉණිම තුළ හා පළමු දිනය තුළ මෙම තරඟයේ ආධිපත්‍යය පැතිරවීමට සමත් විය. එසේ බලය විදහා දැක්වීම සඳහා හසරු චාමිකර ලකුණු 60ක් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ලබාගන්නා ලදි. අනෙක් අන්තයෙන් ආධිත්‍යය සිරිවර්ධන ලකුණු 36ක් ලබාගෙන තම සහය කණ්ඩායම වෙනුවෙන් ලබාදෙන ලදි. පළමු දිනය අවසන් වනවිට දුවින් සසිදු හා රවිශ්ක විජේසිරි පිළිවෙලින් ලකුණු 36*ක් හා ලකුණු 34*ක් නොදැවී ලබාගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) – 201/07 (62) හසරු චාමිකර 60, ආධිත්‍යය සිරිවර්ධන 36, දුවීන් සසිදු 36*, රවිශ්ක විජේසිරි 34*, මාස් රහීම් 3/56, තිමිර කුමාර 3/55

මෙම තරඟ දෙකේම දෙවන හා අවසන් දිනය හෙට (14) ඒ ඒ ක්‍රීඩාගංන වලදී පැවැත්වෙනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට