ගෙවුනු දවස සැප්තැම්බර් 10 – අවසන් පූර්ව තරගයේ ජයක් ඉසිපතනයට

664
Sep - 10

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

ඉසිපතන, කින්ග්ස්වුඩ් පෙරමුණට

මයිලෝ කුසලාන වයස අවුරුදු 18න් පහළ ලීග් රග්බි තරගාවලියේ අවසන් පූර්ව අදියර පැවැත්වුනේ රාජගිරියේ පිහිටි ආනන්ද විදුහල් රග්බි පිටියේදීයි. එහිදී හොටපු ශූරයන් වන කොළඹ ඉසිපතන විද්‍යාලය කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමගත් කොළඹ සහිරා විද්‍යාලය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමගත් තරග වැදිණි.

අවසන් ලකුණු තත්ත්වය

  • ඉසිපතන විද්‍යාලය : 08 – 00 : ශාන්ත අන්තෝනි විද්‍යාලය
  • කිංග්ස්වුඩ් විද්‍යාලය : 17 – 05 : සහිරා විද්‍යාලය

ක්‍රිකට් –

සම්පත් බැංකුවට අභියෝගයක් නොවු ශතකය

24 වන වරට පැවැත්වෙන සිංගර් – වෙළඳ සේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදීම හිරපු ශූරයන් වන MAS ඇක්ටිව් කණ්ඩායමට පරාජයක වේදානාව උරුම කරමින් පෙරළිකාර ජයක් ලබන්නට තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඩිමෝ කණ්ඩායම සමත් විය.

ඊයේ (10) පැවති අනෙක් තරගයේදී ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමේ ඉලක්කය සාර්ථකව හඹා යන්නට සම්පත් බැංකු කණ්ඩායම සමත් විය.

ලකුණු පුවරුව :

MAS ඇක්ටිව් කණ්ඩායම  – සියල්ලන් දැවී – 116 (27.1) : ඇන්ඩි සොලමන්ස් –  29, ජෙහාන් මුබාරක් – 21, සමීර සොයිසා – 19, පුලින තරංග 3/05, තික්ෂිල ද සිල්වා – 3/23, ජේසන් පෙරේරා – 2/20.

ඩිමෝ කණ්ඩායම  – 118/4 (33.4) : හෂාන් දුමිඳු – 52*, රමේෂ් මෙන්ඩිස් – 26*, ලක්ඛණ ජයසේකර – 22, සචිත්‍ර සේනානායක – 2/29.

ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායම  – සියල්ලන් දැවී – 262 (49.1) : මිලින්ද සිරිවර්ධන – 130, චරිත් අසලංක – 40, මිනෝද් භානුක – 27, නිපුන කාරියවසම් – 27, ජීවන් මෙන්ඩිස් – 4/24, නුවන් පෙරේරා – 2/52, කසුන් රාජිත – 2/71.

සම්පත් බැංකු කණ්ඩායම  – 263/5 (46.4) : රුමේෂ් බුද්ධික –  90*, සමීන් කඳනාරච්චි – 48, දසුන් ශානක – 33, ජීවන් මෙන්ඩිස් – 26, චලන ද සිල්වා – 2/52.

සම්පූර්ණ ලිපිය: මිලින්දගේ ශතකය අපතේ: MAS ඇක්ටිව්ට අනපේක්ෂිත පරාජයක්


MAS සහ කැන්රිච් සමාගම් වලට ජය

වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ පසුගිය දා ආරම්භ වූ අතර එහි තවත් තියුණු තරඟ දෙකක් ඊයේ (10) නිමාවට පත්විය. මෙම තරඟ වලින් කැන්රිච් හා MAS Silueta යන ආයතන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන ලදි.

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම –239-10 (49.3) ශෙහාන් ප්‍රනාන්දු 51, විශ්ව දීමන්ත 40, රොෂාන් ලක්සිරි 39, ලක්ෂාන් ජයසිංහ 5/34, එරංග රත්නායක  3/29

මොබිටෙල් කණ්ඩායම – 185-10 (39.5) ලහිරු ජයකොඩි 83, රොන් චන්ද්‍රගුප්ත 36, පසිදු තිරිමාදුර 20, ප්‍රභාත් ජයසූරිය 2/34, කසුන් විදුර 2/16

MAS Silueta කණ්ඩායම – 233/10 (48.1): පැතුම් වඩුගේ 48, බුද්ධික ද සිල්වා 45, ඒ. ජයසිංහ 28, තුශිත් ද අල්විස් 2/29, රුවින්ද තක්ෂල 2/36.

පෑන් ඒශියා කණ්ඩායම – 143/10 (33.5): විරාජ්  දීපාල් 32, චාමික සසංක 27, කවීන් ද  සිල්වා 27, කෞෂල්‍ය ගජසිංහ 4/12, රුමේෂ් සිල්වා 3/51.

සම්පූර්ණ ලිපිය: MAS Silueta හා කැන්රිච්ට තවත් ජයක්


BMS ක්‍රීඩකයෝ අවසන් සටනට

ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) සහ බංගලාදේශ් ලිබරල් කලා විශ්ව විද්‍යාලය (ULAB) අවසන් තරගයේ අසුන් වෙන්කර ගනිමින් රෙඩ් බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරග ඊයේ (10) නිමාවට පත් වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.

ULAB – 179/5 (20) | ඒවන් ජෝන්ස් 51, ජෙරී පයික් 29, රුබන් හර්මන් 20*, තෝමස් කෙබර් 20*, මරේ කුට්සි 18, ශෙහාන් ජයසූරිය 2/27, ඩෙවින් පත්මනාදන් 1/22, භානුක රාජපක්ෂ 1/39.

BMS – 181/4 (19) | මනෝජ් සරත්චන්ද්‍ර 47*, ජනිත් ලියනගේ 43, වන ගේශාන් විමලධර්ම 32, නිරෝෂන් දික්වැල්ල 31, තෝමස් කේබර් 1/28, විලී ලූඩික් 1/28, වින්සන්ට් මෝර් 1/29.

සම්පූර්ණ ලිපිය: බංගලාදේශ් කණ්ඩායම සමඟ BMS අවසන් තරගයට


15න් පහල පාසල් ක්‍රිකට් සංග්‍රාමය

සිංගර් ආයතනය මගින් මෙවර සංවිධානය කරනු ලබන පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 15න් පහල පළමු පෙල දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඊයෙන් (10) ආරම්භ විය.  එහිදි මොරටුව සෙබස්තියන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයද, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලයද කරට කර තරග වැදුනු අතර පළමු දිනය නිමාවන විට ලකුණු පුවරුව මෙසේ සටහන් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) 310-09 (90) ජනිශ්ක පෙරේරා 109, ශෙනාල් ප්‍රනාන්දු 82, සුකිත ප්‍රසන්න 40, ඔසද සඳරුවන් 5/58, කවීන් චතුශ්ක 2/32

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම 164-10 (42.2) ලක්ෂාන් කාශ්‍යප 41, මෝක්ෂ සංකල්ප 31, දිනෙත් වන්නිආරච්චි 5/39

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 124-8 (46) ක්‍රිශාන් මුණසිංහ 34, දිල්මින් රත්නායක 23*, කමිදු කමලසූරිය 4/30

සම්පූර්ණ ලිපිය: ජනිශ්ක පෙරේරාගෙන් සෙබෙස්තියන් විදුහලට ශතකයක්

දවසේ නිමාව