ගෙවුනු දවස: ඔක්තෝම්බර් 12 – කොදෙව්වන් හඹා යෑම ඇරඹේ

550

Footballsl v wi

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

පාපන්දු –

පාසල් පාපන්දු කණ්ඩායම් 11ක් පහතට

මතභේදයට තුඩු දෙන තීරණයක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් පාසල් එකොළහක් සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහල අන්තර් පාසල් පාපන්දු තරඟාවලියේ දෙවන කාණ්ඩය දක්වා පහතට දැමීමට තීරණය කර ඇත. ඒ අනුව 2016 සමස්ත ලංකා අන්තර් පාසල් 19න් පහල තරඟාවලියේ පළමු කාණ්ඩයට ඇතුලත් වන්නේ පාසල් 14ක් පමණි.

A කාණ්ඩය – මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය (කටුනේරිය), සාන්ත ජෝසප් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, වික්‍රමබාහු විදුහල (ගම්පොල), ශාන්ත බෙනඩික් විදුහල.

B කාණ්ඩය – හමීඩ් අල් හුසේයිනී විදුහල, සහිරා විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, සිරි කුරුස විද්‍යාලය (කළුතර), ලුම්බිණි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය.

සම්පූර්ණ ලිපිය: පාසල් එකොළහක් 19න් පහල පාපන්දු තරඟාවලියේ පළමු කාණ්ඩයෙන් ඉවතට?


ක්‍රිකට් –

දිමුත්ගෙන් යළිත් විශිෂ්ඨ පිතිකරණයක්

සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර 11 වනදා මහනුවර පල්ලේකැලේ පිටියේදී ආරම්භ වූ දෙවන සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය තුළ විශාල් සිං ඇතුළු කොදෙව්වන් හොඳින් පිතිකරණයේ නිරත වෙමින් නිමාවට පත් වූ අතර ඊයේ (12) එම තරගයේ දෙවන දිනය ක්‍රියාත්මක විය.

කොදෙව් A පළමු ඉණිම – 509/9 dec (137.4): විශාල් සිං 161, ජමාර් හැමිල්ටන් 99, රජේන්ද්‍ර චන්ද්‍රික 84, ශිම්රන් හේට්මයර් 48, චරිත් අසලංක 4/104, දිමුත් කරුණාරත්න 1/6

ශ්‍රී ලංකා A පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 128/4 (40): දිමුත් කරුණාරත්න 66*, නිරෝෂන් දික්වැල්ල 38*, කියොන් ජෝශප් 2/4

සම්පූර්ණ ලිපිය: දෙවන දිනය වර්ණවත් කල විශාල්ගේ පිතිකරණය

දිනයක නිමාව