මතභේදයට තුඩු දෙන තීරණයක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් පාසල් එකොළහක් සමස්ත ලංකා වයස අවුරුදු 19න් පහල අන්තර් පාසල් පාපන්දු තරඟාවලියේ දෙවන කාණ්ඩය දක්වා පහතට දැමීමට තීරණය කර ඇත. ඒ අනුව 2016 සමස්ත ලංකා අන්තර් පාසල් 19න් පහල තරඟාවලියේ පළමු කාණ්ඩයට ඇතුලත් වන්නේ පාසල් 14ක් පමණි.

පසුගිය ලිපි: කාම්බෝජයෙන් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහල පළමු කාණ්ඩයේ තරඟාවලිය ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය සංවිධානය කරන ප්‍රමුඛතම තරඟාවලියක් වන අතර මෙය ඔක්තෝම්බර් මස දෙවෙනි සතියේදී ආරම්භ වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය 1 කාණ්ඩයේ පැවති පාසල් 10ක් දෙවැනි කාණ්ඩයට පහත දමා ඇති අතර එම පාසල් අතර ද මැසිනොද් විද්‍යාලය මෙන්ම මීගමුව සාන්ත මේරී විද්‍යාලයද ඇතුලත් වීම විශේෂත්වයකි. මිගමුව ශාන්ත මේරී විද්‍යාලය යනු 2014 වසරේ දී අනුශූරතාවය දිනූ පාසලයි.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ ලේකම් නාලක දිසානායක මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉහත තීරණය පාසල්වල දක්ෂතා මත මෙන්ම තරඟ වලට සහභාගී වීම මතද ගනු ලැබූවක් බවයි.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කලේ ඇතැම් පාසල් නියමිත තරඟ  ක්‍රීඩා නොකිරීම නිසා සියලු තරඟ ක්‍රීඩා කරන පාසල් වලට එමනිසා අසාධාරණයක් සිදුවන බවයි.

2 කාණ්ඩයට පහල දැමු පාසල් වන්නේ  ඩී එස් සේනානායක විද්‍යාලය (කොළඹ), සහිරා විද්‍යාලය (මාවනැල්ල), වෙස්ලි විදුහල (කොළඹ) ධර්මරාජ විද්‍යාලය (මහනුවර), සාන්ත මරියා විද්‍යාලය (මීගමුව), සාන්ත තෝමස් විද්‍යාලය (මාතර), ද මැසිනොද් විද්‍යාලය (කඳාන), හින්දු විද්‍යාලය (කොළඹ), සාන්ත මරියා විද්‍යාලය (හලාවත), නාලන්ද විද්‍යාලය (කොළඹ), සාන්ත මරියා විද්‍යාලය (කෑගල්ල) යන පාසල් සමූහයයි.

මාරිස්ටෙලා විදුහල 2015 වර්ෂයේ ශූරතාවය දිනා ගත් අතර හමීඩ් අල හුසේයිනි විදුහල අනුශූරතාව දිනාගන්න ලදී. පසුගිය වසරේ දෙවන කාණ්ඩයේ ශූරතාවය දිනූ රාජකීය විදුහල මෙම වසරේදී පළමු කාණ්ඩයට ඇතුලත් කර තිබේ.

තරඟාවලියට ඇතුලත්වන කණ්ඩායම් 14 එක් කාණ්ඩයකට කණ්ඩායම් හත බැඟින් කණ්ඩායම් දෙකකට බෙදා තිබේ.

මාරිස්ටෙලා විදුහල A කාණ්ඩයෙන් තරඟ වදින අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලය (කටුනේරිය), සාන්ත ජෝසප් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, වික්‍රමබාහු විදුහල (ගම්පොල), සාන්ත බෙනඩික් විදුහල  ද A කාණ්ඩයට ඇතුලත්ය.

හමීඩ් අල් හුසේනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය B කණ්ඩායමට ඇතුලත් වන අතර සාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, සිරි කුරුස විද්‍යාලය (කළුතර), ලුම්බිණි විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය යන පාසල්ද B කාණ්ඩයට ඇතුලත්ය.

මුලික අදියරේ තරඟ ඔක්තෝම්බර් මස 12 සහ නොවැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර කණ්ඩායම් දෙකේ පළමු ස්ථානයට පත්වන කණ්ඩායම් හා දෙවෙනි ස්ථානයට පත්වන කණ්ඩායම් දෙසැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් පුර්ව වටයට තේරීපත්වීමට නියමිතයි.

A කාණ්ඩය – මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය (කටුනේරිය), සාන්ත ජෝසප් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, වික්‍රමබාහු විදුහල (ගම්පොල), ශාන්ත බෙනඩික් විදුහල.

B කාණ්ඩය – හමීඩ් අල් හුසේයිනී විදුහල, සහිරා විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, සිරි කුරුස විද්‍යාලය (කළුතර), ලුම්බිණි විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට