පානදුර හා වරාය අධිකාරිය පෙරමුණේ

467
SLC Premier League 2016/17 tier B January 29th roundup

පුරා මාස දෙකකට අධික කාලයක් කණ්ඩායම් 9ක් තරග වැදුණු ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරග අද (29) අවසන් වූයේ, පැවැත්වූ අවසන් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.

සිරිසෝම පානදුරට ඉණිමක ජයග්‍රහණයක් ගෙන එයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ ක්‍රිකට් බිම උණුසුම් කරන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන් අදියරේ තරග දෙකක් අද (28) අවසන් වූ අතර, අනෙක් තරග දෙක අද දෙවන දිනය සඳහා ක්‍රියාත්මක විය.

නාවික හමුදා ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය අතර තරගය  

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, වරාය අධිකාරී ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 117ක් පසුපසින් සිටිමින් අවසන් දිනය ආරම්භ කල අතර, නාවික හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් බුද්ධික හසරංග 4 පහර 9ක් සමඟින් ලකුණු 61ක් තමන් සතු කරගන්නා ලදි. පන්දු යැවීමේදී චානක කොමසාරු කඩුලු 5ක් දවාගන්නා ලදී.

ලකුණු 28ක පළමු ඉණිමේ වාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ඇරඹූ වරාය අධිකාරී ක්‍රීඩා සමාජයේ වමත් පිතිකරු යොහාන් ද සිල්වා, නැවතත් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 45ක් ලබාගෙන ලකුණු 176කින් තම ක්‍රීඩා සමාජය පෙරමුණට ගෙන යන ලදී.  ඉශාන් අබේසේකර හා සුදාරක දක්ෂිණ කඩුලු 4 බැගින් දවාලමින් එම ඉණිම බිඳහෙලීමට සමත් විය.

ලකුණු 177ක ඉලක්කයක් වේගවත්ව හඹායාමට නාවික හමුදා ක්‍රීඩා සමාජය උත්සාහ කලද, එය අසාර්ථක විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට වරාය අධිකාරී ක්‍රීඩා සමාජයට හැකිවිය.

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම  දැවී  ලකුණු 260 (පන්දුවාර 93.2): යොහාන් ද සිල්වා 96, නිශාන් පෙරේරා 36, ඉශාන් රංගන 35, ඉශාන් අබේසේකර 3/58

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 232 (පන්දුවාර 77.4): බුද්ධික හසරංග 61, මදුර මදුසංක 56, කුසල් එදිරිසූරිය 47, චානක කොමසාරු 5/59, චාමිකර එදිරිසිංහ 4/62

ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය දෙවන ඉණිම  – සියල්ලන්ම  දැවී  ලකුණු 148 (පන්දුවාර 57): යොහාන් ද සිල්වා 45, අනුක් ද සිල්වා 26, චාමිකර එදිරිසිංහ 20, සුදාරක දක්ෂින 4/37, ඉශාන් අබේසේකර 4/47

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 33 (පන්දුවාර 5): චමින්ද බණ්ඩාර 3/19


කළුතර නගර සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

දෙමෝදර ආරෝන් පිටියේදී ජය පරාජයෙන් තොරව නිමාවූ මෙම  තරගයේ දී කාගේත් අවධානය දිනාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිමට වමතින් පිත්ත හසුරු වන රොස්කො තට්ටිල් නොදැවී ලකුණු 50*ක් ලබා ගත්තේ 4 පහර 5කින් තම ඉණිම වර්ණවත් කරගෙනයි.

නැවතත් තරගයට අතරින් පතර වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පැය කිහිපයක්ම ප්‍රමාද විය. කෙසේ වෙතත් ගුවන් හමුදා කණ්ඩායමේ පළමු ඉණිමේ කඩුලු 6ක් දවාලීමට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක යොහාන් රශ්මික ද සිල්වා සමත් විය.

කළුතර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 147 (44.1): සුලාන් ජයවර්ධන 30, මංගල කුමාර 24, අචිර එරංග 4/56, සහන් ජයවර්ධන 2/29

ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 41): රොස්කො තට්ටිල් 50*, යොහාන් රශ්මික ද සිල්වා 6/38, තරිදු සිරිවර්ධන 2/49

කළුතර ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 4 (පන්දුවාර 3.5):

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු හා දෙවන ස්ථාන ලබා ගැනීමට පානදුර ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය සමත් වූ අතර, තරගාවලිය අවසානයේ  ඒ ඒ අංශවලින් පෙරමුණේ ගැනීමට පහත ක්‍රීඩකයින් සමත් වී ඇත.

වැඩිම ලකුණු ලාභින් තිදෙනා,

  • හශාන් ප්‍රභාත් ලකුණු 619 (කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය)
  • යොහාන් ද සිල්වා ලකුණු 615 (ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය)
  • බුද්ධික හසරංග ලකුණු 570 (ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය)

වැඩිම කඩුලු ලාභින් තිදෙනා ,

  • ගයාන් සිරිසෝම කඩුලු 91 (පානදුර ක්‍රීඩා සමාජය)
  • චාමිකර එදිරිසිංහ කඩුලු 53 (ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය)
  • චානක කොමසාරු කඩුලු 52 (ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට