ගෙවුනු දවස මාර්තු 11 – රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

260

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

කඳුරට සටන ජය පරාජයෙන් තොරයි

TCK vs SACK

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 1914 වසරේ දී ආරම්භ කෙරුණු කන්ද උඩරට නිල් මහා සටනේ 100 වැනි තරගය ඊයේ (10) ආරම්භ කෙරුණු අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (11) අවසන් විය. තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම  – කඩුලු 5ක් දැවී ලකුණු 270 dec (77): හසිත බෝයගොඩ 90, ශැනොගීත් ශන්මුගනාදන් 83, ත්‍යාගරාජා බනුගොබන් 40*, මොහොමඩ් අලවි 3/57, විරාජිත් ජයසිංහ 1/60

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 99/6 (29): ජනිදු හිම්සර 34, මොහොමඩ් අල්ෆර් 09, විමුක්ති කොටිකාවත්ත 3/28, තිසරු ඩිල්ශාන්  2/09

සම්පූර්ණ තරග වාර්තාව: කඳුරට සටන ජය පරාජයෙන් තොරයි; වැඩි ගෞරවය ත්‍රිත්ව විද්‍යාලයට


රන් සටනට වැස්සෙන් බාධා

67th Battle Of The Goldsසාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර 67 වන වරටත් පැවති “රන් මහා සටන” ඊයේ (11) සවස පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නතර කල හෙයින් තරගය නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් ලෙසිනි.

වේල්ස් කුමාර විදුහල (පළමු ඉනිම) සියල්ලන් දැවී ලකුණු 230 (71.5): විශ්ව චතුරංග 88, දිලංක මදුරංග 32, සංජය ප්‍රනාන්දු 24, ප්‍රවීන් ජයවික්‍රම 5/62, තුෂාර ප්‍රනාන්දු  2/17 සහ නුවන් ප්‍රන්දු 2/39

සාන්ත සෙබස්තියන් විදුහල (පළමු ඉනිම) සියල්ලන් දැවී ලකුණු 221 (59.1): මිශෙන් සිල්වා 77, නිමේෂ් බණ්ඩාර 43, තුෂාර ප්‍රනාන්දු 40, කෞමාල් නානායක්කාර 5/46 සහ  තාරුක ප්‍රනාන්දු 3/50)

වේල්ස් කුමාර විදුහල (දෙවන ඉනිම) ලකුණු 41/1 (7)

සම්පූර්ණ තරග වාර්තාව: මොරටු රන් මහා සටනටත් වැස්ස හරස් වෙයි


නිල් මහා සටනේ තීරණය වැස්සට යට වේ

138th-Battle-of-the-Blues-final-day

පැය දෙකකටත් අධික කාලයක් පැවති අයහපත් ආලෝක තත්වයත්, අතොරක් නැතිව ඇද හැලුණු පොද වැස්සත් නිසාවෙන් තරග උණුසුම සේදී ගිය 138 වැනි නිල් මහ සටන ඊයේ (11) ජය පරාජයෙන් තොරව නිමා විය. ඒ අනුව ගියවර පැවති නිල් මහ සටනේ දී රාජකීය විද්‍යාලය දිනා ගත් ශූරතා කුසලානය තමන් සතු කර ගැනීමේ අදිටනින් පිටියට පිවිසි තෝමසුවන්ට අද තම බලාපොරොත්තු සඵල කර ගැනීමට හැකි වූයේ නැත.

රාජකීය විද්‍යාලය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 255 (පන්දුවාර 71.3): රෝනුක ජයවර්ධන 32, පසිඳු සූරියබණ්ඩාර 35, කවිඳු මදරසිංහ 38, හිමේෂ් රාමනායක 41, ගනිත් සන්දීප 42, කළණ පෙරේරා 5/47, පවිත් රත්නායක 2/69.

සාන්ත තෝමස් විද්‍යාලය (ප්‍රථම ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 357 (පන්දුවාර 93.1): රවිඳු කොඩිතුවක්කු 98, දුලිත් ගුණරත්න 35, සිතාර හපුහින්න 59, රොමේෂ් නල්ලපෙරුම 90*, හිමේෂ් රාමනායක 4/103, මනුල පෙරේරා 2/56, හේලිත විතානගේ 2/81.

රාජකීය විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 154 (පන්දුවාර 41.2): කවිඳු මදරසිංහ 25, අහාන් වික්‍රමසිංහ 31, තෙවිඳු සේනාරත්න 50, කළණ පෙරේරා 2/60, තෙවින් ඊරියගම 3/46, පවිත් රත්නායක 2/11.

සම්පූර්ණ තරග වාර්තාව: අයහපත් ආලෝකය තත්වය තෝමසුවන්ගේ ජය වළක්වයි


එක් දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

Sri Lanka A vs England Lions

එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර මසක පමණ කාලයක් තිස්සේ පැවැත්වුන දීර්ඝ ක්‍රිකට් සංචාරය අවසන් කරමින් ඊයේ (11) එහි පස්වන හා අවසන් නිල නොවන එක්දින තරගය පැවැත් වූ අතර එම තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 12කින් ජයග්‍රහණය ලබා ගනිමින් එක්දින තරගාවලිය ගෞරවාන්විත අවසන් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 46.1): දනුෂ්ක ගුණතිලක 51, දසුන් ශානක 32, විකුම් සංජය 30*, රමිත් රඹුක්වැල්ල 23, තෝමස් හෙල්ම් 5/33, ලෙයිම් ලිවින්ස්ටන් 2/27

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 124 (D/L) (පන්දුවාර 26.3): කීට්න් ජෙනින්ස් 38, බෙන් ඩක්ට් 28, චතුරංග ද සිල්වා 2/20, දනුෂ්ක ගුණතිලක 2/25

සම්පූර්ණ තරග වාර්තාව: අවසන් ජයත් ලයන්ස් කණ්ඩායමට; ශූරතාවය ශ්‍රී ලංකාවට


බංගලාදේශය පරාජය වේ

Sri Lanka vs Bangladesh

පසුගිය කාලයේ පැවති ජාත්‍යන්තර තරග වල දී ලොව ප්‍රබල කණ්ඩායම් කිහිපයක් ඉදිරියේ පෙරළිකාර ජයග්‍රහණ වාර්තා කළ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පා තබන්නේ ශ්‍රී ලංකාවට සිය මව්බිමේ දීම ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි.

ශ්‍රී ලංකාවේ තණතිලි පිළිබඳ හසල දැනුමක් ඇති චන්දික හතුරුසිංහ ඔවුන්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීම මෙම ඉලක්කය ජය ගැනීම සඳහා ඔවුන්ට ඇති අවස්ථාව තවදුරටත් ඉහළ නංවන්නක් බවට පත්විය. නමුත් ඊයේ (11) ගාල්ලේ දී නිමාව දුටු පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකා දඟ පන්දුවේ ශක්තිය ඉදිරියේ දැවැන්ත පරාජයක් උරුම කර ගන්නට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.

බංගලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 46): මුෂ්ෆිකර් රහීම් 85, සෞම්‍ය සර්කාර් 71, තමීම් ඉක්බාල් 57, මෙහෙදි හසන් 41,  දිල්රුවන් පෙරේරා 3/53, රංගන හේරත් 3/72, සුරංග ලක්මාල් 1/42.

ශ්‍රී ලංකා (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 274 (පන්දුවාර 69): උපුල් තරංග 115, දිනේෂ් චන්දිමාල් 50*, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 32, මෙහෙදි හසන් 2/77, ශකීබ් අල් හසන් 2/104.

බංගලාදේශ (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 60.2): සෞම්‍ය සර්කාර් 53, ලිතන් දාස් 35, මුෂ්ෆිකර් රහීම් 34, මෙහෙදි හසන් 28, රංගන හේරත් 6/59, දිල්රුවන් පෙරේරා 2/66, අසේල ගුණරත්න 1/16, ලක්ෂාන් සඳකැන් 1/29.

සම්පූර්ණ තරග වාර්තාව: දඟ පන්දුවේ ශක්තියෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්


   රග්බි   

පීතරයෝ ඩී. එස්. පරාජය කරති

St Peter’s College v D.S.Senanayake College

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කෝඩුකාරයන් වන කොළඹ ඩී එස්. සේනානායක විද්‍යාලය සමඟ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 36 – 05ක් ලෙස ජය ගන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය. පළමු අර්ධය තුල ඔවුන් පෙරමුණ ගෙන සිටියේ ලකුණු 17 – 00 ක් ලෙසයි.

.

.තරග වාර්තාව: ඩී. එස්. අභියෝගයට පීතරයන්ගෙන් සාර්ථක පිළිතුරක්

දිනයක අවසානය