සමුරායි ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසී

1515

ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තවත් තරගයක් අද (9) ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක වූ අතර එහි දී තරග වට 03-00ක් ලෙස ඉතා විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ජපන් ක්‍රීඩකයින් සමත් විය.

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සුපිරි 8

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ ……

තරගාවලිය ආරම්භ කරමින් පැවති මූලික වටයේ තරගවල දී සුවිශේෂී දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පමණක් දෙවෙනි වෙමින් පිළිවෙළින් තායිලන්ත සහ මියන්මාර කණ්ඩායම් ද්විත්වය පරාජයට පත්කළහ. ඒ අවසරයෙන් අවසන් කණ්ඩායම් අට අතරට පිවිසීමේ භාග්‍ය උදාකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම හට පරාජයේ වේදනාව විඳ දරා ගැනීමට සිදු වූයේ තම දකුණු ආසියාතික ප්‍රතිවාදියා වන පාකිස්තාන කණ්ඩායම හමුවේ තරග වට 3-1ක් වශයෙන් සහ චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ තරග වට 3-0ක් ලෙසත් පරාජයට පත්වීමත් සමඟිනි.

ප්‍රතිවාදී ජපාන කණ්ඩායම තමන් සහභාගී වූ සියලුම තරග ජයග්‍රහණය කරමින් ඉතා ප්‍රබල මානසික මට්ටමකින් පසු වූ අතර ඔවුන් කෙසේ හෝ අවසන් කණ්ඩායම් හතර අතරට ගමන් කිරීමේ අභිලාශයෙන් මෙම තරගයට අවතීර්ණ විය.

තරගයේ ආරම්භක මිනිත්තු 10තුල දී දෙපිලේම ක්‍රීඩකයින් ඔවුන්ට ආවේණික වූ ක්‍රමෝපායන් භාවිතා කරමින් තරගයේ ග්‍රහණය තමන් නතු කර ගැනීමට කරට කර සටනක නියැලුණු අතර ජපන් කණ්ඩායම නිහඬව තබා ගනිමින් තරග වටයේ පෙරමුණ හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වනු දක්නට ලැබුණි.

කෙසේ නමුත් අවසන් ලකුණු කිහිපයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පන්දු පිරිනැමීමේ දී සහ පිටිය රැකීමේ සිදු වූ අතපසුවීම් කිහිපයක් නිසාවෙන් පළමු වටයේ ජය ලකුණු 25-21ක් ලෙස හිමි කරගැනීමට ජපාන කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාවට සෑම වටයක දී ම ලකුණු දෙකක් හරස් වෙයි

ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම අද (08) ………

පළමු වටයේ දී ජපන් කණ්ඩායම පන්දුවට පහර එල්ල කිරීමේ දී වේගය පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූ අතර ශ්‍රී ලංකා අන්තයේ ක්‍රීඩකයින් නොමැති කලාපයන් ඉලක්ක කරමින් නිසි ලෙස පන්දුව ස්ථානගත කිරීමට අවස්ථාවන් කිහිපයක දී ම ඔවුන් සමත් වීම වඩාත් කැපී පෙණුනි.

කෙසේ නමුත් දෙවන වටය ආරම්භයේ සිටම තරගයේ වැඩි වාසි තම කණ්ඩායම දෙසට හරවා ගත් ජපන් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට වඩාත් යුහුසුළුව ක්‍රීඩා කරනු දැකගන්නට ලැබුණි.

ජපානය වැනි ඉහළ තාක්ෂණයකින් සන්නද්ධ කණ්ඩායමක් හමුවේ වූවද තම ක්‍රීඩා කෞශල්‍යයන් මැනවින් විදහා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට වරින් වර හැකි වූ නමුත් විශේෂයෙන්ම පන්දුව ආවරණය කිරීමේ දී ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් පෙන්වූ දුර්වලතාවන් නිසාවෙන් එම තරග වටයේ ජයග්‍රහණය ද ඔවුන් අතින් ඉතා අවාසනාවන්ත අයුරින් ගිලිහී ගියේය. දෙවන තරග වටය අවසානයේ දී ලකුණු පුවරුව 25-16ක් ලෙස දිස් විය.

3 සහ 4 වැනි වටයේ දී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක්

2019 ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවට …….

පසුගිය තරග කිහිපයේ දී ම ඉතාමත් දක්ෂ අයුරින් පන්දු ප්‍රහාරයන් දියත් කළ කවිඳු පබසර මෙම තරගයේදීත් ඔහුගේ සුපුරුදු සැලැස්මන් ක්‍රියාත්මක කිරීමට උත්සහ දරනු දක්නට ලැබුනත්, ජපාන කණ්ඩායමේ ප්‍රවේගකාරී තරග රටාවට නිසියාකාරව අනුගත වීමට කවිඳු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අපොහොසත් විය.

ඒ අනුව තීරණාත්මක තෙවන වටය ද ලකුණු 25-14ක් ලෙස ඉතා පහසුවෙන් ජය ගත් ජපාන කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ දී 5-8 වැනි ස්ථානයන් සඳහා පැවැත්වෙන තරග වටය සඳහා තේරී පත්විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<