වීරසිංහගේ අර්ධ ශතකය ජන මාධ්‍යයට ජය ගෙනෙයි

154

ජන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම හා වෙළඳ සංගම් ක්‍රිකට් එක්ස් කෝ කණ්ඩායම අතර ඊයේ (6) වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී තෙවන වරටත් පැවැත්වූ සුහද විස්සයි විස්ස තරගය ලකුණු 9කින් ජයග්‍රහණය කිරීමට ජන මාධ්‍ය කණ්ඩායම සමත් විය.

වෙළඳ සංගම් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවන ලද්දේ එහි සභාපති වන රොශාන් ඉද්දමල්ගොඩ විසින් වන අතර ජන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන රන්ජන් පරණවිතාන විසින් මෙහෙයවන ලදි.

ලහිරු තිරිමාන්න පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කරයි

දිනෙන් දින තරගකාරීත්වය වැඩි වන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් Tier A ක්‍රිකට් තරගාවලියේ අද (06) දිනයේ කැපී පෙණෙනම……

කාසියේ වාසිය දිනූ වෙළඳ සංගම් ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පිවිසි ජන මාධ්‍යවේදීන්ගේ පිලේ පළමු කඩුලු 3 ඉක්මනින්ම දවා ගැනීමට වමතින් වේගපන්දු යැවූ සංජය විජේසිංහ ඇතුළු වෙළඳ සංගම් ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ලකුණු 19ක් වන විට කඩුලු 3ක් දැවී තිබුණු ජන මාධ්‍ය කණ්ඩායම ඉහළ ලකුණකට ගෙන ඒමේ පදනම සැකසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දර්ශන මල්දෙණිය හා ThePapare.com හි දමිත් වීරසිංහ සමත් විය. එහි දී ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 73ක් පමණක් වැය කරමිනි.

වමතින් පිත්ත හසුරුවන වීරසිංහ 4 පහර 9ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 67ක් රැස්කර ගත්තේ පන්දු 51ක් පමණක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි. අනෙක් අන්තයෙන් ඔහුට සහය වූ මල්දෙණිය නොදැවී ලකුණු 35*ක් ලබාගෙන ඉනිමේ අවසානය දක්වා ක්‍රීඩා කළේය. එසේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේම දිනේශ් උපේන්ද්‍ර පන්දු 20ක් තුළ වේගවත් ලකුණු 37*ක් රැස්කර ගත්තේ ජන මාධ්‍යවේදීන්ගේ ඉනිම ලකුණු 171ක් දක්වා රැගෙන යමිනි.

ත්‍රිත්ව හා සාන්ත බෙනඩික්ට් පූර්ණ ජයක පහස ලබයි

ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබාගත් අද (6) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ……

ලකුණු 172ක් හඹා යාමට පිටියට පිවිසි වෙළඳ සංගම් ක්‍රිකට් එක්ස් කෝ කණ්ඩායමේ කඩුලු 5ක් පළමු පන්දුවාර 6 තුළ දවා ගැනීමට ජන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම සමත් විය. ආරම්භක වමත් පිතිකරු ලෙස පිටියට පිවිසි වසන්තලාල් ප්‍රනාන්දු  අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 58ක් ලබා ගන්නා ලදි. එම ඉනිමට 4 පහර 7ක් හා 6 පහර 2ක් ඇතුළත් විය. ඔහුට අගනා සහයක් දුන් තරන්ද්‍ර කළුපෙරුම හා ලසන්ත ජයවර්ධන පිළිවෙළින් ලකුණු 12ක් හා ලකුණු 30ක් ලබා ගත්තේය. චාමර පෙරේරා ලකුණු 23යි.

දකුණතින් වේගපන්දු යවන ප්‍රියාල් වීරසිංහ ලකුණු 29ක් තුළ කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර ඔහු ජන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම නියෝජනය කළේ ස්වාධීන රූපවාහිනී සේවය නියෝජනය කරමිනි. අවසානයේ වෙළඳ සංගම් ක්‍රිකට් එක්ස් කෝ කණ්ඩායම ලකුණු 162කට සීමා කළ ජනමාධ්‍යවේදීන්ගේ කණ්ඩායම ලකුණු 9ක තියුණු ජයක් ලබා ගත්තේය.

ජන මාධ්‍යවේදීන්ගේ කණ්ඩායම – 171/4 (20): දමිත් වීරසිංහ 67, දිනේශ් උපේන්ද්‍ර 37*, දර්ශන මල්දෙණිය 35*,  සංජය විජේසිංහ 2/17.

වෙළඳ සංගම් ක්‍රිකට් එක්ස් කෝ කණ්ඩායම – 162/8 (20): වසන්තලාල් ප්‍රනාන්දු 58, ලසන්ත ජයවර්ධන 30, චාමර පෙරේරා 23, ප්‍රියාල් වීරසිංහ 5/29, සමීර පීරිස් 2/28.

  • හොඳම පිතිකරු – වසන්තලාල් ප්‍රනාන්දු
  • හොඳම පන්දු යවන්නා – ප්‍රියාල් වීරසිංහ
  • තරගයේ වීරයා – දමිත් වීරසිංහ

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න