උපුල් තරංග පසුකර දිනුක දිල්ශාන් ඉදිරියට

892

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිනුක දිල්ශාන්, ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩකයෙකු ලැබූ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව (ලකුණු 216) ලබා ගැනීමට කරන්දෙනිය විදුහල් පිටියේ දී සමත්විය.

කෞෂාල්ගේ සුපිරි ඉනිම ද්විත්ව ශතකයක් බවට පෙරළෙයි!

දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (24) නිමාවට පත්විය…..

මින්පෙර එම ලකුණු සංඛ්‍යාවට උරුමකම් කීවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු එක්දින හා විස්සයි විස්ස නායක මෙන්ම වත්මන් එක්දින හා විස්සයි විස්ස සංචිතයේ ආරම්භක පිතිකරු උපුල් තරංග විසිනි. ඒ ගාල්ල රිච්මන්ඩ් විදුහලට එරෙහිව අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී ලකුණු 212ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් වයස අවුරුදු 19 පහළ පළමු කොටසේ “A” කාණ්ඩයේ තරගයක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම් අතර කරන්දෙනිය මැදි විදුහල් ක්‍රීඩා පිටියේ දී ඊයේ (24) සහ අද (25) මෙම තරගය ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය දිනූ ධර්මාශෝක නායකයාගේ ආරාධනය අනුව තම ඉනිම ඇරඹූ සාන්ත තෝමස් ක්‍රීඩකයින් සියලු දෙනා ලකුණු 165 දී දැවී ගිය අතර තරුෂ කාවින්ද ලකුණු 32ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය පන්දු යැවීමේ දී උශාන් ඉමන්ත කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ඇරඹූ ධර්මාශෝක ක්‍රීඩකයින් සියලු දෙනා පන්දුවාර 78.4 දී ලකුණු 380ක් ලබා ගැනීමට සමත්වූ අතර එහි දී තම විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු  216 ලබා ගැනීමට දිනුක දිල්ශාන් සමත් වූ අතර ඔහු ඒ සඳහා වැය කරනු ලැබුවේ පන්දු 218ක් පමණි.

සචින් සංගීත් ලකුණු 51යි. පන්දු යැවීමේ දී සචිර රශ්මික සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය සාන්ත තෝමස් දෙවන ඉනිම තරගය නිමා වන විට 248/9ක් ලෙස සටහන් වී තිබුණු අතර තම කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට මිහිසල් අමෝද සමත් විය.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට නත්තල් තෑග්ගක්

උඳුවප් සීතලේ වෙළෙමින් ලොවක් අවදියෙන් නත්තල සපැමිණෙන තුරු බලා සිටිය දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ……..

ඔහු ලකුණු 110 ලබාගත් අතර ඔහුට අනගි සහයක් දැක්වු සචිර රශ්මික ලකුණු 57ක් ලබා ගැනීමට සමත් වූ විය. ඔවුන් හත්වන කඩුල්ල සඳහා ලකුණු 131ක සබඳතාවක් ද ගොඩනඟන ලදි. කෙසේ නමුත් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.

සාන්ත තොමස් පළමු ඉනිම 165 (51.3): හිරන්ත ලක්ශාන් 31, තරුෂ කාවින්ද 32, මලීෂ ද සේරම් 23, උශාන් ඉමන්ත 4/47, ඉසුරිදු මෙන්ඩිස් 2/20

ධර්මාශෝක පළමු ඉනිම 380 (78.4): දිනුක දිල්ශාන් 216, සචින් දංගීත් 51, රෝහාන් අරෝශන 33, සචිර රශ්මික 5/140, සිනෙත් සිතාර 2/43

සාන්ත තෝමස් දෙවන ඉනිම 248/9(82): මිහිසල් අමෝද 110, සචිර රශ්මික 57, තරුෂ කාවින්ද 30, උශාන් ඉමන්ත 4/45, ඉසුරිදු මෙන්ඩිස්  2/69

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න