මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 1914 වසරේ දී ආරම්භ කෙරුණු කන්ද උඩරට නිල් මහා සටනේ 100 වැනි තරගය ඊයේ (10) ආරම්භ කෙරුණු අතර තරගය ජය පරාජයෙන් තොරව අද (11) අවසන් විය. තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ශතක දෙකක් අහිමි වුවත්, ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ

1914 වසරේ දී බෝගම්බර ක්‍රීඩාංගණයෙන් ආරම්භ කෙරුණු “කන්ද උඩරට නිල් මහා සටන” පරම්පරා ගණනක් පසු කරමින් අද (10) සිය වැනි වරටත් දියත් කෙරුණේ, සුපුරුදු කණ්ඩායම් දෙක වන මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය සහභාගී වෙමිනුයි. තරගය මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය

කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලයේ නායක ශැනොගීත් ශන්මුගනාදන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේය.

එක් අන්තයක සිට හසිත බෝයගොඩ තම වගකීම හැකි උපරිමයෙන් දක්වද්දී, අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වුනු තුන් ඉරියව් ක්‍රීඩක  ශැනොගීත් ශන්මුගනාදන් 4 පහර 9ක් හා 6 පහර 2ක් සමඟ ලකුණු 83ක් ලබා සිටිය දී දැවී ගියේය.

අයහපත් ආලෝක තත්ත්වය මත ඊයේ දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි පූර්ණ වණසේකර හා ට්‍රිවෝන් වීරසූරිය අද තම විද්‍යාලයේ ඉනිම ආරම්භ කරන ලදි. ඒ වන විට ත්‍රිත්ව ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී ලකුණු 204ක් ලෙස සටහන් වී තිබුණි.

තවත් පන්දුවාර 17ක් පමණ ක්‍රීඩා කල ත්‍රිත්ව විද්‍යාලය, පූර්ණ වණසේකරගේ දැවී යාමට පසුව තම පළමු ඉනිම අත්හිටු වීමට තීරණය කරන ලදි.

[rev_slider dfcc728]

ත්‍රිත්ව විද්‍යාලයේ මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක තිසරු ඩිල්ශාන්, ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසි මොහොමඩ් අබ්සාර් හා සුනෙර ජයසිංහ ලකුණු 16ක් වන විට දවා ගැනීමට සමත් විය. සාන්ත අන්තෝනි කණ්ඩායම යම් පීඩනයක පසු වන බව වටහා ගත් ත්‍රිත්ව විද්‍යාලයේ නායක ශැනොගීත්, විමුක්ති කොටිකාවත්ත වෙත පන්දු යැවීමට අවස්ථාව ලබා දෙන ලදි.

ඒත් සමඟ විමුක්ති සාන්ත අන්තෝනි විද්‍යාලයේ ප්‍රබල පිතිකරුවන් වන ජනිදු හිම්සර, තීක්ෂ ගුණසිංහ හා තමාශ අබේකෝන් යන පිතිකරුවන්ගේ කඩුලු  දවා ගැනීමට සමත් විය.  සාන්ත අන්තෝනි විද්‍යාලයේ ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 99ක් ලෙස සටහන් වන විට වර්ෂාවෙන් තරගයට බාධා එල්ල විය. එම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. ජනිදු හිම්සර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම  – කඩුලු 5ක් දැවී ලකුණු 270 dec (77): හසිත බෝයගොඩ 90, ශැනොගීත් ශන්මුගනාදන් 83, ත්‍යාගරාජා බනුගොබන් 40*, මොහොමඩ් අලවි 3/57, විරාජිත් ජයසිංහ 1/60

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 99/6 (29): ජනිදු හිම්සර 34, මොහොමඩ් අල්ෆර් 09, විමුක්ති කොටිකාවත්ත 3/28, තිසරු ඩිල්ශාන්  2/09

පුද්ගල සම්මාන

  • තරගයේ වීරයා – හසිත බෝයගොඩ (ත්‍රිත්ව විද්‍යාලය)
  • දක්ෂතම පිතිකරු – ශැනොගීත් ශන්මුගනාදන් (ත්‍රිත්ව විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – විමුක්ති කොටිකාවත්ත (ත්‍රිත්ව විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – සඳරුවන් ධර්මරත්න (සාන්ත අන්තෝනි විද්‍යාලය)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට