ගෙවුනු දවස ජුනි 20 – දකුණු අප්‍රිකාවට එරෙහි වගකීම් අවිශ්කට

369
Sri Lanka Sports News Last day summary june 20

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

ක්‍රිකට් –>

හතුරුසිංහ 2019 දක්වාම බංගලාදේශයට

බංග්ලාදේශ ක්‍රිකට් ණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව 2019 තෙක් දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතය කටයුතු කර තිබේ.

ඒ අනුව 2019 වසරේ එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය අවසන් වන තෙක් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් ඔහු කටයුතු කරනු ඇත.

2014 වසරේ මැයි මාසයේදී වසර දෙකක කාලයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් තනතුර බාර ගත් හතුරුසිංහ, ඔහුගේ උපදෙස් සමඟ එක්දින තරග 29න්18ක් ජයගත්තේ අතර එක්දින තරගාවලි පහක්ද ජය ගෙන අැත.

19න් පහල නායකත්වය අවිශ්කට

එළඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වන වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමේ නායකත්වයට මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ දක්ෂ ක්‍රීඩකයෙකු වන අවිශ්ක ෆර්නැන්ඩෝ නම් කර අැත.

15 දෙනෙකුගෙන් යුතු සංචිතයේ උපනායකත්වය සම්මු අශාන්ට හිමිව අැති අතර අතිරේක ක්‍රීඩකයින් 3 දෙනෙකුද නම් කර අැත. තරගය ජුනි මස 23 වන දා සිට අාරම්භ වන අතර දකුණු අප්‍රිකානු තරුණයෝ ටෙස්ට් තරග 3කටත්, එක්දින තරග 3කටත් සහභාගී වේ.

සංචිතය: අවිශ්ක ප්‍රනාන්දු (නායක), සම්මු අශාන් (උපනායක), දමිත සිල්වා, විශාඩ් රන්දික, සංජුල අබේවික්‍රම, විශ්ව චතුරංග, නවින්දු නිර්මාල්, අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, පැතුම් නිශ්ශංක, ප්‍රවීන් ජයවික්‍රම, තිසරු ඩිල්ෂාන්, තිලාන් ප්‍රශාන්, වනිත වන්නිනායක, තිලංග උදීශාන්

තවත් ක්‍රිකට් පුවත් කියවන්න – පිවිසෙන්න ක්‍රිකට් පිටුවට

අතිරේක ක්‍රීඩකයින් – ශැනොගීත් ෂන්මුගනාදන්, ජෙහාන් ඩැනිඑල්, මිශේන් සිලවා

තරග කාල සටහන:

  • පුහුණු තරග: ජුනි 20 – 21 MCA ක්‍රීඩාංගනයේදි
  • පළමු ටෙස්ට් තරගය: ජුනි මස 23, 24, 25 – පි. සරා. ඔ්වල් ක්‍රීඩාංගණය
  • දෙවන ටෙස්ට් තරගය:  ජුනි මස 28, 29, 30 – වෙලගෙදර ක්‍රීඩාංගණය
  • තෙවන ටෙස්ට් තරගය: ජුලි මස 3, 4, 5 – පල්ලෙකැලේ
  • ප්‍රථම එක්දින තරගය: ජුලි 9 – පි. සරා. ඔ්වල් ක්‍රීඩාංගණය
  • දෙවන එක්දින තරගය: ජුලි 11 – NCC ක්‍රීඩාංගණය
  • තෙවැනි එක්දින තරගය: ජුලි 13 – SCC ක්‍රීඩාංගණය

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා 19 න් පහළ නායකත්වය අවිශ්ක ප්‍රනාන්දුට

ප්‍රථම පුහුණු තරගයේ විස්තර:

ඊයේ දිනයේ පැවැත් වු වයස අවුරුදු 19න් පහල ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වු තරගයෙන් දකුණත් පිතිකරු රේනාඩ් වැන් ටොන්ඩර් විසින් ශතකයක් ලබා ගැනීමට සමත් විය.

19 පහල දකුණු අප්‍රිකානු  කණ්ඩායම: 343/5 (73.4), රේනාඩ් වැන් ටොන්ඩර් 147, විඅන් මෝල්ඩර් 79, අශේන් වර්ණකුලසූරිය 2/62

19 පහල ශ්‍රී ලංකා කණ්ඩායම: 33/3 (14), කේෂාන් වන්නිඅාරච්චි 15*, අකොහ්නා මියකා 2/6

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා 19 පහළ සභාපති කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවෙන් ශතකයක්

දවසේ නිමාව