සුමේධ සහ නදීශා රිදී පදක්කම් දිනයි!

Asian Throwing Championship 2026

9

ආසියානු විසි කිරීමේ ශූරතාවලියට (Asian Throwing Championship) සහභාගී වූ සුමේධ රණසිංහ සහ නදීශා ලේකම්ගේ විසින් රිදී පදක්කම් ද්විත්වයක් ජය ගැනීමට අද (03) සමත් වුනා. 

අද උදෑසන කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ නදීශා ලේකම්ගේ විසින් මීටර් 56.79ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එය මෙම වසර සඳහා ඇගේ හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා. 

ඒත් සමඟම නදීශාට මෙම ඉසව්වේ රිදී පදක්කම හිමි වූ අතර, ජපාන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වසින් රන් සහ ලෝකඩ පදක්කම් ජය ගැනීමට සමත් වුනා. 

මේ අතර මීට මොහොතකට පෙර සුමේධ රණසිංහ පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු මීටර් 76.95ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා. 

එය මෙම වසර සඳහා ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස සටහන් වූ අතර, ඔහුට ද ඉසව්වෙන් රිදී පදක්කම හිමි වුනා. 

මේ අතර එම ඉසව්වේ රන් පදක්කම උස්බෙකිස්තාන ක්‍රීඩකයකු විසින් හිමි කර ගනිද්දී, ලෝකඩ පදක්කම දකුණු කොරියාවට හිමි වුනා. 

ආසියානු විසි කිරීමේ ශූරතාවලිය අද දිනයෙන් අවසන් වීමට නියමිතයි. 

දෙස්, විදෙස් මලල ක්‍රීඩා පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<