පීතරයින්ගේ අභියෝගය ඉසිපතනය භාරගනී

608
Isipathana v St. Peter's College

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් වටයේ සුවිශේෂි තරගයක් අද (02) රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්විය.

ඒ මෙතුවක් මෙම කාර්තුවේ අපරාජිත කිරුල දරණ ඉසිපතන විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහභාගී වෙමිනි. අතිශය තියුණු තරගයකින් පසුව ඉසිපතන විද්‍යාලය 24 – 20 ලෙස පීතරයින් පරදා ජයග්‍රහණය වාර්තා කර අවසන් මහා තරගය සඳහා වන ප්‍රවේශපත සිය නමට ලියවා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: වෙස්ලි ක්‍රීඩකයෝ පරදවා රාජකීයයෝ ඉදිරියටම

ඩිංකා පීරිස් මහතාගේ අාරම්භ සංඥාවත් සමඟ ක්‍රීඩකයෝ ගෝලය රැගෙන ලකුණු සොයා යෑම අාරම්භ කල අතර තරගයේ 5වැනි මිනිත්තුවේ ගයාන් වික්‍රමරත්නට ලකුණු ලබා ගැනීමට තිබු අවස්තාවක් ගිලිහි යන ලදි. ඉන්පසුව චමෝද් ෆර්නැන්ඩොගේ සහය අැතිව ඉසිපතන අාරක්ෂක වලලු අභිබවා යමින් සීමාවෙන් පිටතට බෝලය රැගෙන ගිය ශාන්ත පීතර ක්‍රීඩක ස්ටෙෆාන් සිවරාජ් ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීම අාරම්භ කරන ලදි. ඉන්පසුව සිය උත්සහක දිනුමේ ප්‍රවර්තනයද සාර්ථක කරගැනීමට සිවරාජ්ට හැකි විනි (07-00).

ඉන් අනතුරුව තරගයේ 20වැනි සහ 24වැනි මිනිත්තුවලදි ශාන්ත පීතර විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවන් දෙකක් ලැබෙන අතර එම අවස්තා දෙකටම උපරීම සාධාරණය ඉෂ්ඨ කිරීමට සිවරාජ් සමත් විය (13-00).

අපරාජිතයන්ට හොඳහැටි අභියෝග කරමින් ඉදිරියට අැදි ගිය පීතරයින් හමුවේ අභියෝගය පසෙක නොහෙළු ඉසිපතනයින් ද ලකුණු රැස් කිරීම අාරම්භ කරමින් ඉසිපතන විද්‍යාලීය අංක 8 ක්‍රීඩක වගීෂ වීරසිංහ විසින් සාර්ථකව බෝලය සීමවෙන් ඔබ්බට රැගෙන යමින් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නමුත් එයට අතිරේක ලකුණු එකතු කිරීමට ඉසිපතනන ක්‍රීඩක ගයාන් වික්‍රමරත්නට නොහැකි විය (13-05).

ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

ඉන් අනතුරුව ඉසිපතන ක්‍රීඩක සුමුදු රන්කොත්ගේ විසින් පීතරයින්ගේ අාරක්ෂක පවුරු අතරින් සාර්ථකව රිංගා ගොස් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එවර කිසිදු අතපසු වීමකට ඉඩ නොදුන් වික්‍රමරත්න සාර්ථකව අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (13-12).

ඒ වන විට පාසල් දෙකම ලබා ගත් ලකුණු සංඛ්‍යාව ප්‍රථම අර්ධයේ අවසන් ලකුණු ප්‍රමාණය බවට පත්වෙමින් කණ්ඩායම් දෙකම කෙටි විවේකයක් සඳහා විවේකාගාරය වෙත ගමන් කරන්නේ ප්‍රථම අර්ධය නිමා වීමත් සමඟිනි.

ප්‍රථම අර්ධය – ඉසිපතන විද්‍යාලය 12 : 13 ශාන්ත පීතර විද්‍යාලය

කෙටි විවේකය අවසානයේ නැවතත් තරගය අාරම්භ කල අතර සියළු දෙනා බලාපොරොත්තු වී සිටි ඉසිපතනය දෙවන අර්ධය අාරම්භයේ සිටම අාධිපත්‍ය විහිදනු අැතැයි කියන බලාපොරොත්තුව සුන් කරමින් ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩක සන්දේශ් ජයවික්‍රම විසින් විසින් ඉතාමත් දක්ෂ ලෙස පන්දුව රැගෙන යමින් විශිෂ්ඨ උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. සිවරාජ් විසින් ජයවික්‍රමගේ මහන්සියට උපරිම සාධාරණීකරණයක් දෙමින් ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි (20-12).

කෙසේ වෙතත් කවදත් උත්සහය ලෙහෙසියෙන් අත්නොහරින කණ්ඩායමක් වන ඉසිපතන කණ්ඩායම සිය නිහඩ උත්සහයේ තරම විහිදා දක්වමින් සහ සියළු දෙනාගේ බලාපොරොත්තු සඵල කරමින් ලකුණු රැස් කිරීම අාරම්භ කරන ලදි. ඒ කුෂාන් ඉඳුනිල් විසින් ලබා ගත් උත්හක දිනුමත් සමඟිනි. වික්‍රමරත්න මඟ හැරීමකට ඉඩ නොතබමින් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය (20-19).

සියලු රග්බි පුවත් සිංහලෙන් කියවන්න – එන්න රග්බි පිටුවට

පීතර විද්‍යාලය ලකුණු ලබා ගැනීමට තිබු අවස්තාවන් කිහිපයක්ම ඉන්පසු ගිලිහි ගිය අතර ඉසිපතන ක්‍රීඩකයෝද කිසිදු අත්රේක ලකුණක් පීතරයින් හට දෙවන අර්ධය අවසන් වන තෙක් ලබා ගැනීමට ඉඩ නොතබන ලදි.

නමුත් තරගයේ තවමත් ඉදිරියෙන් සිටින ශාන්ත පීතර විද්‍යාලය පරදා ජය ගැනීමට ඉසිපතනයට අැත්තේ තවත් සුළු මොහොතකි. අවදානම හොඳින් වටහා ගෙන සිටි ඉසිපතන ක්‍රීඩකයින් අවසන් මිනිත්තු 5දි සිය අවසන් ගෝලය වාර්තා කිරීමට ඩෙවින් ගුණරත්න සමත් විය. ඒ සමඟ ලකුණු පුවරුවේ අාධිපත්‍ය සියතට ගැනීමට ඉසිපතනය සමත් විය. ඩෙවින්ගේ උත්සහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට වික්‍රමරත්නට නොහැකි විය (20-24).

අවසන් ලකුණු – ඉසිපතන විද්‍යාලය 24 : 20 ශාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – කුෂාන් ඉඳුනිල්

තරග තීරක – ඩිංකා පීරිස්

ඉසිපතනය – 24 : වගීෂ වීරසිංහ, සුමුදු රන්කොත්ගේ, ඩෙවින් ගුණරත්න, කුෂාන් ඉඳුනිල් විසින් උත්සහක දිනුම් ලබා ගන්නා ලදි. ගයාන් වික්‍රමසිංහ ප්‍රවර්තන සාර්ථක කරගන්නා ලදි.

ශාන්ත පීතර විද්‍යාලය – 20 : ස්ටෙෆාන් සිවරාජ්, සන්දේශ් ජයවික්‍රම උත්සහක දිනුම් ලබා ගන්නා ලදි. ස්ටෙෆාන් සිවරාජ් වර්තන සාර්ථක කරගන්නා ලදි.

තරගය ලකුණු 4කින් ජය ගත් ඉසිපතන විද්‍යාලය ඊලඟ සතියේදි අවසන් මහා තරගය සඳහා ශාන්ත පීතර විද්‍යාලය සමඟ හෝ රාජකීය විද්‍යාලය සමඟ තරගවදිනු අැත. ප්‍රතිවාදීන් තීරණය වන තරගය හෙට (03) සවස රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වෙන අතර ThePapare.com සජීවීව තරගය ඔබ වෙත සමීප කරනු අැත.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න මුල්පිටුවට