ශ්‍රී ලංකා ක්‍රිකට් කාලසටහනට තවත් අලුත් තරගාවලියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

375

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අද (19) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් 2021/22 තරග වාරයේ ඔවුන්ගේ රටේ දී පැවැත්වීමට නියමිත තරගාවලි පිළිබඳව නිවේදනය කළා. එයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසර ආරම්භයේ දී ඕස්ට්‍රේලියාව සමඟ විස්සයි විස්ස තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම විස්සයි විස්ස තරගාවලිය 2022 පෙබරවාරි 11 වැනිදා සිට පෙබරවාරි 20 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ඕස්ට්‍රේලියාවේ දී විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළේ 2019 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් යන මාසවල දී වන අතර එම තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. 

ඊට පෙර පැවති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලිය ද ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු නමුත්, එම තරගාවලියෙන් 2-1ක සුපිරි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එම තරගාවලිය පැවැත්වුනේ 2017 වසරේ පෙබරවාරි මාසයේ දීයි. 

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එම ලෝක කුසලානයට පෙර මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වීම විශාල වාසියක් වනවා. 

තරග කාලසටහන 

පළමු විස්සයි විස්ස තරගය – පෙබරවාරි 11 – Sydney

දෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 13 – Brisbane 

තෙවැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 15 – Queensland

සිව්වැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 18 – Adelaide Oval

පස්වැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 20 – MCG 

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තොරතුරු දැනගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<