ගෙවුනු දවස ජූලි 15 – රග්බි, ක්‍රිකට් උණුසුම මැද දිනය නිමා වෙයි

399

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

කරට කර තරගයක්

pic 1 - SLvZIMසිම්බාබ්වේ පිළ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (15) නිමා වන විට දෙපිළ අතර ජයග්‍රහණය වෙනුවෙන් තියුණු සටනක් ඇති වන බවට පෙරනිමිති පහළ වී තිබේ. ඒ සිම්බාබ්වේ පන්දු යවන්නන් ද කරට කර සටනක නිරත වෙමින් දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිතිකරුවන් සත්දෙනෙකුම දඩයම් කර ගැනීමට සමත් වූ බැවිනි.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 356 (පන්දුවාර 94.4): ක්‍රේග් අර්වයින් 160, සිකන්ඩර් රාසා 36, මැල්කම් වොලර් 36, ඩොනල්ඩ් තිරිපානෝ 27, සීන් විලියම්ස් 22, හැමිල්ටන් මැසකඩ්සා 19, පීටර් මුවර් 19, රංගන හේරත් 5/116, අසේල ගුණරත්න 2/28.

ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී ලකුණු 293 (පන්දුවාර 83): උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, ඇන්ජෙලෝ මැතිව්ස් 41, දිල්රුවන් පෙරේරා 33, දිමුත් කරුණාරත්න 25, අසේල ගුණරත්න 24, ග්‍රැහැම් ක්‍රීමර් 3/100.

සම්පූර්ණ වාර්තාව: ටෙස්ට් ජයක් වෙනුවෙන් දෙපිළ අතර තියුණු සටනක්!

සචිත ජයතිලකගෙන් ශතකයක්

Sachitha Jayatilakeශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සවිබලයෙන් පැවැත්වෙන අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) දිනය තුළ තවත් තරග කිහිපයක්ම පැවැත්විය. ඊයේ දිනය තුළ පිතිකරණයෙන් සචිත ජයතිලක, රමේෂ් නිමන්ත හා හිමාශ ලියනගේ කැපී පෙන‍ෙන දස්කම් දැක්වූ අතර, සඳකැන් පතිරණ පන්දුවෙන් දැක්වූ දස්කම්, පන්දු යැවීමේ අංශයෙන් කැපී පෙනුණි.

බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 71.3): මලිඳු මදුරංග 53, රශ්මික ඕපාත 47, මාධව නිමේෂ් 32, ලක්ෂිත මානසිංහ 23*, කේ. තනුශාන්ත් 6/82, රමේෂ් නිමන්ත 3/49

නැගෙනහිර පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 84 (පන්දුවාර 31): නිපුන ගමගේ 18, සඳකැන් පතිරණ 7/23 , රනිත ලියනාරච්චි 2/15.

නැගෙනහිර පළාත් දෙවන ඉනිම (F/O) – සියල්ලන්ම දැවී 288 (පන්දුවාර 61.2): සචිත ජයතිලක 112, රමේෂ් නිමන්ත 77, රමිඳු නික්ලේෂ 46, ප්‍රමෝද් මධුවන්ත 3/35, සඳකැන් පතිරණ 3/86, ලක්ෂිත මානසිංහ 2/45

බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – කඩුලු 8ක් දැවී ලකුණු 121 (පන්දුවාර 29.5): මින්හාජ් ජලීල් 42, මලිඳු මදුරංග  30, කේ. තනුශාන්ත් 3/45, සංජික රිද්ම 2/20, ප්‍රමෝද් හෙට්ටිවත්ත 2/25

සම්පූර්ණ ලකුණු සටහන: සඳකැන් හා සචිතගෙන් විශිෂ්ට දස්කම්

ශ්‍රී ලංකා කාන්තාවෝ ජයක් සමරති

pic 3 - SL w v PAK wලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග ඊයේ (15) නිමාවට පත්විය. අවසන් තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර පැවැත්විය. එංගලන්තයේ ලෙයිස්ටර් හිදී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 15ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

7ක් දැවී ලකුණු 221 (පන්දුවාර 50): ඩිලානි මනෝදරා 84, එශානි කෞෂල්‍යා 28, චමරි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – කඩුලු අතපත්තු 27, ඩයිනා බෙයිග් 3/41, සදියා යූසුෆ් 1/32.

පාකිස්තානු කාන්තා කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 206 (පන්දුවාර 46.4): නයින් අබිදි  57, අස්මාවියා ඉක්බාල් 38*, ජවෙයිරියා කාන්24, චන්දිමා ගුණරත්න 4/41, අමා කාංචනා 2/31

තරගයේ වීරවරිය – ඩිලානි මනෝදරා (ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම)

සම්පූර්ණ වාර්තාව: මනෝදරාගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි


රග්බි –

සුපර් සෙවන්ස් දෙවැනි අදියර ආරම්භයි

pic 4 - 7s day 1ශ්‍රී  ලංකා සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරග මාලාවේ කොළඹ අදියරේ තරග  ආරම්භ වීමත් සමඟ පසුගිය සතියේ මහනුවර අදියරේ පෙරමුණේ පසු වූ කණ්ඩායම්වලට මෙම අදියරේ දී තම ස්ථානය ආරක්ෂා කර ගැනීමට දැඩි ප්‍රයත්නයක් යෙදීමට සිදුවනු දක්නට ලැබුණි.

එතරම් උණුසුම් ස්වභාවයක් ගත් මෙම තරගාවලියේ දී වෙළඳ අනුග්‍රාහක භවතුන්ගේ කණ්ඩායම් මෙන්ම පාසල් කණ්ඩායම් ද ඉතා උද්වේගකාරී ලෙස තරග වදිනු දක්නට ලැබුණි. මෙම තරගාවලිය දින දෙකක් පුරාවට කොළඹ පැරණි තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇති.  

ඊයේ දිනයේ වාර්තාව: ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් කිරුළ කා හට ද?

දිනයක අවසානය