ගෙවුනු දවස ජුලි 11 – ඊයේ ක්‍රිකට් තරග තුනක්

440

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟහැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –
අවිශ්ක ජය මාවතට කණ්ඩායම රැගෙන යයි

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (11) කොළඹ N.C.C පිටියේදී පැවති දෙවන  තරුණ  එක්දින තරගය අවිශ්ක ප්‍රනාන්දු ගේ දක්ෂ පිතිකරණය නිසා ලකුණු 12ක තියුණු ජයග්‍රහණයක් (D/L ක්‍රමය) ලබාගැනීමට ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම – 209 -10 (49.2) අවිශ්ක ප්‍රනාන්දු 97, නවිදු නිර්මාල් 26, අශේන් බණ්ඩාර 24, විලියම් සෙන්ඩින 3/46,  වියාන් මුල්ඩර් 2/39

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 184 -8 (47.4) කෙනන් ස්මිත් 46*, වියාන් මුල්ඩර් 41, ජේස් ක්‍රිස්ටින් 35 , මිශේන් සිල්වා 2/8, අයන සිරිවර්ධන 2/22

සම්පූර්ණ ලිපිය: අවිශ්කගේ නායකත්වයේ පිත්ත ජයක් සඳහා මඟක් කියයි


දෙවැනි දිනයේ වැඩි සැලකිලි පකිස්තානයට

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග එංගලන්තයේ වොරස්ටර්හි පැවැත්වෙන දෙවන නිළ නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දු යවන්නන් ලබාදුන් වාසිය තවදුරටත් වර්ධනය කරන්නට පාකිස්තානු A පිතිකරුවන් තරගයේ දෙවන දිනය වූ ඊයේ (11) සමත් විය. ඒ පළමු ඉනිමේ ලකුණු එකතුව කඩුලු 7කට ලකුණු 370ක් දක්වා ඉහල දමමිනි. ටෙස්ට් ක්‍රිකට් තරගයකදී හොඳ ලකුණු පුවරුවක අඩිතාලම වන දිගු සබඳතා රැසක් ගොඩනැගීම ඔවුන්ගේ සාර්ථකත්වයට මග පෑදීය.

ශ්‍රී ලංකා A පළමු ඉනිම – සියල්ලන් දැවී 250 (69.5) රොෂේන් සිල්වා 57, උදාර ජයසුන්දර 53, අශාන් ප්‍රියන්ජන් 36, නිරෝෂන් දික්වැල්ල 35,  මහේල උඩවත්ත 26, මිර් හම්සා 4/62, හසන් අලි 3/70, අසිසුල්ලා 2/43

පාකිස්තානු A පළමු ඉනිම – 370/7 (105.2) සෞද් ශාකීල් 86, මොහොමඩ් හසන් 57*, මොහොමඩ් නවාස් 52, ශාදබ් ඛාන් 48, ජාහිඩ් අලි 43, ධනංජය ද සිල්වා 2/28, විශ්ව ප්‍රනාන්දු 2/73

සම්පුර්ණ වාර්තාව: පන්දුවෙන් ලද වාසියට පාකිස්තානු A පිතිකරුවෝ පොහොර දමති


කාන්තා T20 තෙවැනි දිනය

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් සංවිධානය කරනු ලැබු 20-20 කාන්තා තරගාවලියේ තෙවන දිනය වු ඊයේ (11) තරග 4ක් මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි සහ රිෆ්ලි ග්‍රීන් ක්‍රීඩාංගණයේදි පැවැත්විය.

ලකුණු සටහන –

  • යුද හමුදා A ක්‍රීඩා සමාජය – 154/7 (20): දමයන්ති සිල්වා 53, ඉමල්කා මෙන්ඩිස් 36, ශයනි දිලක්ෂිකා 2/33.
  • මාතර ක්‍රීඩා සමාජය – 57/6 (20): අප්සරා බැද්දගේ 21, ශෙරීන් රවිකුමාර් 2/7, ලක්මාලි මතානන්ද 1/4.
  • නාවික හමුදා A ක්‍රීඩා සමාජය – 147/2 (20): ප්‍ර‍සාදිනි වීරක්කොඩි 63, ඉෂානි ලොකුසූරිය 42, හර්ශණි මධුවන්ති 1/18.
  • ගුවන් හමුදා B ක්‍රීඩා සමාජය – 89/7 (20): මිහිරි මධුශානි 34, දර්ශණි ධර්මසිරි 27, ඉනෝකා රණවීර 3/16.
  • කෝල්ට්ස් ක්‍රීඩා සමාජය – 132/4 (20): ශමීන් ශයිලා 52, හර්ෂිතා සමරවික්‍ර‍ම 42, ආර්. පේශලා 1/12.
  • යුධ හමුදා B ක්‍රීඩා සමාජය – 98/9 (20): නිලූකා කුෂාන්ති 30, අයේෂා සදමාලි 22, පූජා ලියනගේ 6/19
  • නාවික හමුදා B ක්‍රීඩා සමාජය – 47 (15.4): ශානිකා ලියනගෙදර 15, ඕෂදි රණසිංහ 3/4, ඉනෝෂී ෆර්නැන්ඩෝ 2/0.
  • ගුවන් හමුදා A ක්‍රීඩා සමාජය – 48/0 (7.3): යශෝධා මෙන්ඩිස් 23, චමරි අතපත්තු 19.

සම්පුර්ණ වාර්තාව: ත්‍රිවිධ හමුදා A හා කොල්ට්ස් සමාජයන් අර්ධ අවසන් තරගවලට

 අද දිනයේ පුවත් සදහා පිවිසෙන්න