දණ නවා විරෝධය පෑ ක්‍රීඩකයන්ට ඔලිම්පික් කමිටුව අනතුරු අඟවයි

561
Getty Images

ක්‍රීඩා තරගයන් අතරවාරයේ දී ජාතිවාදී සැමරුම්, විරෝධතා වලට සහාය දක්වමින් සැමරුම් කටයුතු සිදුකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන වසරේ පැවත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ තහනමකට ලක්විය හැකි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියි. 

SAG පිටියත් සාමන්‍ය පෙළ පිටියත් එකවර ජයගත් විශිෂ්ටයන් අගයයි

බොහෝ ක්‍රීඩාවන් හි මේ දිනවල පැතිර යන වර්ගවාදී විරෝධතාවන්ට සහාය දක්වමින් කටයුතු කිරීමට අවසර ලබා දී තිබුනත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔලිම්පික් තරගයන් තුළදී එලෙස කටයුතු කිරීම තවමත් තහනම් බව ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බෙච් මහතා  “Telegraphපුවත්පත වෙත ප්‍රකාශ කරන ලදි. 

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පසුගිය ජනවාරි මසයේ දී ඔලිම්පික් උළෙල තුළ කිසිඳු ආකාරයක විරෝධතාවක් ප්‍රදර්ශනය තහනම් කරමින් මාර්ගෝපදේශ රැසක් නිකුත් කළ අතර එයට දණනවා විරෝධය පල කිරීම, අත් උපයෝගී කරගනිමින් විරෝධතා ප්‍රදර්ශනය කිරීම ද ඇතුළත්ව තිබුනි. 

මෙම සිදුවීම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සඳහන් කර තිබුනේ මෙම නීති කඩ කරන ඕනෑම අයෙකු වෙනුවෙන් එක් එක් සිද්ධියට අනුව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, කමිටුවේ මීළඟ සැසිවාරයේ දී මෙම වර්ගවාදී සිදුවීම් පිළිබඳව සාකච්ඡාවට ගන්නා බවයි. 

“අපි ඉදිරිපත් කළ මාර්ගෝපදේශයේ 50 වන නීතියේ සඳහන් වෙනවා ඔලිම්පික් ගම්මානයේ, ක්‍රීඩාංගනයේ හා එයට අදාළ වෙනත් ප්‍රදේශ වලදී කිසිඳු ආකාරයක දේශපාලන, ආගම්වාදී සහ වර්ගවාදී ප්‍රචාරනයන් හෝ විරෝධතාවයන්ට අවසර නැති බව.” යැයි එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව තිබුනි. 

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

මීට අමතරව මෙම සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ තමන් විශ්වාස කරන දේ පිළිබඳව පෙනී සිටීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සෑමවිටම දිරිගැන්වීම් සිදුකරන නමුත් ඔලිම්පික් උළෙලේ දී කිසිඳු ආකාරයක විරෝධතාවයකට පෙනී සිටීමට ඉඩ නොදීමේ ප්‍රතිපත්තියක තම කමිටුව සිටින බවයි. 

46 හැවිරිදි ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් එරට පොලීසිය අතින් ඝාතනය වීමේ සිදුවීම මුල්කර ගනිමින් ලොව පුරා විරෝධතාවන් ආරම්භ වූ අතර ක්‍රීඩා තරගයන් අතරතුර දීද ක්‍රීඩකයන් තම දණහිස පිටිය මත තබා එම සිදුවීමට තම විරෝධය පලකරන ලදි. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<