අවිශ්කගේ නායකත්වයේ පිත්ත ජයක් සඳහා මඟක් කියයි

957
Sri lanka U19 V south africa u19 2nd youth odi

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (11) කොළඹ N.C.C පිටියේදී පැවති දෙවන  තරුණ  එක්දින තරගය අවිශ්ක ප්‍රනාන්දු ගේ දක්ෂ පිතිකරණය නිසා ලකුණු 12ක තියුණු ජයග්‍රහණයක් (D/L ක්‍රමය) ලබාගැනීමට ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: සිංහ පිත්තට පන්දුව හරස් කල ජයගත් මිචෙල්

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වෙමින් පැතුම් නිස්සංක පළමු කඩුල්ල ‍ෙලස ලකුණු පුවරුව ලකුණු 11 ක් වනවිට දැවීයන ලදි. අනතුරුව ශ්‍රී ලංකා යොවුන් පිතිකරණයට සාර්ථක සබඳතාවයන් ගොඩනැංවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩකඩ නොදෙන ලදි. ලකුණු 73 ට කඩුලු 4 දැවීගොස් තිබූ විට පිටියට එක්වූ නායක අවිශ්ක ප්‍රනාන්දු හා අශේන් බණ්ඩාර 5 වන කඩුල්ල සඳහා ලකුණු 61 ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර තත්වයකට ගෙන ඒමට සමත් විය. 5වන කඩුල්ල ලෙස බණ්ඩාර එක් 4 පහරක් සමඟ ලකුණු 24ක් ලබා සිටියදී දැවීයන ලදි.

අනතුරුව නැවතත් අවිශ්ක සමඟ එක්වූ නවිදු නිර්මාල් 6 වන කඩුල්ල සඳහා යළිත් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනංවමින් ලකුණු 51 ක් ලකුණු පුවරුවට එකතු කරන ලදි. අවිශ්ක ප්‍රනාන්දු දක්ෂ නායකත්වයේ ඉණිමක් දියත් කල අතර ඔහුගේ පිත්ත පිටිය සිසාර විහිදුවමින් 4 පහර 11 ක් හා 6 පහර 2 ක් සමඟ ලකුණු 97 කට 6 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. ඒ වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 185 කට කඩුලු 6 ක් ලෙස සටහන් විය. අවිශ්ක සඳහා හොඳ සහයක් ලබාදුන් නවිදු 4 පහරවල් 2 ක් සමඟ ලකුණු 26 කට දවාලීමට වියාන් මුල්ඩර් සමත් විය.

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම – 209 -10 (49.2) අවිශ්ක ප්‍රනාන්දු 97, නවිදු නිර්මාල් 26, අශේන් බණ්ඩාර 24, විලියම් සෙන්ඩින 3/46,  වියාන් මුල්ඩර් 2/39

අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් 3 දෙනෙකු ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 27 ක් වනවිට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

අනතුරුව පිටියට එක්වූ නායක වියාන් මුල්ඩර් හා ජේස් ක්‍රීස්ටින් ලකුණු 54 ක සබඳතාවයක් 4 වන කඩුල්ල සඳහා ගොඩනැංවීමට සමත් විය. මුල්ඩර් 4 පහරවල් 4 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 43 ක් ලබාගැනීමට සමත් විය. ක්‍රිස්ටින් 4 පහරවල් 2 ක් හා එක 6ක් සමඟ ලකුණු 35 කට දැවී යන විට ඔවුන් ලකුණු 117 ක් කඩුලු 6 ක් දැවී ලබා සිටින ලදි.

අවසන් මොහොතේ පිටියට පැමිණ ජයග්‍රහණය කරා මෙහෙයවීමට කෙනන් ස්මිත් උත්සාහ කල අතර ඔහුගේ වෑයම සාර්ථක කරගැනීමට අනෙක් අන්තයෙන් සහයක් නොලැබිණි. ස්මිත් නොදැවී ලකුණු 46* ක් ලබාගැනීමට 4 පහරවල් 3 ක් හා 6 පහරවල් 2 ක් එල්ල කරන ලදි.

වර්ෂාව නිසා තරඟය නවතා දැමු අතර තරඟය යළිත් ආරම්භ කිරීමට නොහැකි විය. ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 47.4 කට ක්‍රීඩා කර තිබීම නිසා ඩක්වර්ත් ලුවිස් නියාය අනුව තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 197 ක් ලබා ගත යුතුව තිබුණද ඔවුන් ලකුණු 184 ක් පමණක් ලබාගෙන සිටි නිසා මෙම තරඟයෙන්  ලකුණු 12 ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා තරුණ  කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 184 -8 (47.4) කෙනන් ස්මිත් 46*, වියාන් මුල්ඩර් 41, ජේස් ක්‍රිස්ටින් 35 , මිශේන් සිල්වා 2/8, අයන සිරිවර්ධන 2/22

මේ වනවිට තරගාවලිය 1-1 ක ලෙස සම තත්ත්වයක පසුවෙයි.

දෙරට අතර තෙවන තරුණ එක්දින තරඟය ජුලි 13 වනදා S.S.C පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට