පුහුණු සැසිය ගැන මිකී ආතර් පැහැදීමෙන්

1732

මේ මස අවසානයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණු ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් දැමුනත්, ශ්‍රී ලංකා කණ්ඩයම සුපුරුදු ලෙස පුහුණුවීම් කරමින් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට බොහෝ උනන්දුවෙන් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසා සිටිනවා. පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණුවීම් නැවතත් ආරම්භ කිරීමෙන් අනතුරුව සිය පළමු පුහුණු සැසිය නිමා කළා.

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම කල් යයි

මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරස තත්වය නිසාවෙන් මෙම මස අවසානයේ දී පැවත්වීමට නියමිතව තිබූ…

මේ මස ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කෙරුණු අතර ක්‍රීඩකයින් 13 දෙනෙකු සහභාගී වුණු පළමු නේවාසික පුහුණු සැසිය අවසානයෙන් පසු පුහුණුකරු මිකී ආතර් පවසා සිටියේ එම සැසිය සාර්ථක වූ බවයි.

අපි ශාරීරික සුවතා හා දරා ගැනීමේ ශක්තිය සම්බන්ධ පුහුණු වීම් ගොඩක් කළා, අපි අපේ පන්දු යැවීම හොඳ තත්වයකට ගෙනාවා” ආතර් පවසා සිටියා. “ඔවුන් මීළඟ මාසයේ දී ක්‍රීඩා කරන්න පුළුවන් තත්වයට ඉතා ආසන්නයට ඒවි. ඔවුන්ට ඉක්මනින්ම ක්‍රිකට්  ක්‍රීඩාව ආරම්භ කරන්නට පුළුවන් වෙයි.”

ශ්‍රී ලංකාව මීළඟට ක්‍රිකට් ක්‍රීඩා කරන දිනය තවමත් පැහැදිලි නැතත් මීළඟ පුහුණු සැසිය තවත් සතියකින් පසුව ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව මේ මාසය අගදී එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුනත්, පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ එම තරගාවලියත් දින නියමයක් නොමැතිව කල් දැමුණා.

මාර්තු 13 වැනිදා එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ පුහුණු තරගය අතරමග නවතා දැමීමත් සමඟම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හා දේශීය ක්‍රිකට් පිටිය සම්පූර්ණයෙන්ම වසා දමන්නට බලධාරීන්ට සිදු වුනා.

මාර්තු 20 වැනිදා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම වසා දැමීමෙන් පසුව පුහුණුකරු මිකී ආතර් විසින් එක් එක් ක්‍රීඩකයින්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද පුහුණුවීම් සැලසුම් ලබා දී තිබුණා. මැයි 27 වැනිදා කොළඹට පැය 24ම පනවා තිබුණු ඇඳිරි නීතිය ඉවත් කෙරුණු නමුදු තවමත් රාත්‍රියේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

ඉන්දීය කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයත් නවතියි

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ද දින නියමයක්..

පැය 24ම කොළඹට පැනවූ ඇඳිරි නීතියට සිරවී සිට නැවතත් පුහුණුවීම් ආරම්භ කිරීම ඉතා අපහසු වූ බව නායක දිමුත් කරුණාරත්න පවසා තිබුණා. “අපිට පළමු දිනයේ පුහුණුවීම් කිරීමත් ඉතා අපහසු වුනා. මම දැන් ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වා ගන්නවා වගේම යළිත් සුපුරුදු රිද්මයට එමින් සිටිනවා.”

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<