ගෙවුනු දවස ජූලි 10 – ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්

586

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

සිම්බාබ්වේ ඓතිහාසික ජයක් සමරයි

Sri Lanka v Zimbabwe 5tyh ODI

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 – 2ක් ලෙස ජය ගැනීමට ඊයේ (10) සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ඒ පිතිකරණය, පන්දු යැවීම සහ පන්දු රැකීම යන ත්‍රිවිධ අංශයෙන්ම දිනෙන් දිනම පිරිහෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තම උපන් බිමේ දී ම පරාජයට පත් කරමිනි.

පසුගිය තරග කිහිපයේ දී ම ශ්‍රී ලංකා පන්දු යැවීමේ ඇතිවුණු ගැටලු නිරාකරණය කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සඳහා නවක ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ චයිනමන් පන්දු යවන ලක්ෂාන් සඳකැන් ඉවත් කොට අත්දැකීම් සපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර සහ අකිල ධනංජය කණ්ඩායමට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායම තරගයට පිවිසියේ තම ජයග්‍රාහී ක්‍රීඩක සංකලනයේ කිසිදු වෙනසක් සිදු නොකරමිනි.

සම්පූර්ණ වාර්තාව: දුර්වල ක්‍රීඩා රටාව නිසා ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!


මැතිව්ස් පරාජය ගැන කතා කරයි

Angelo Mathews press con

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (10) හම්බන්තොට දී පැවැත්වූ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය, සුවහසක් ශ්‍රී ලංකික ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමනින් අවාසනාවන්ත ලෙස කඩුලු 3කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

තරඟයෙන් අනතුරුව තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මැතිව්ස්, මෙම තරඟය තමන්ගේ ක්‍රිකට් ජීවිතය තුළ ලබාගත් දැවැන්තම පරාජයන් අතුරෙන් එකක් බවද සඳහන් කරන ලදි.

සම්පූර්ණ වාර්තාව: මගේ ක්‍රිකට් ජීවිතය තුල ලබාගත් දැවැන්තම පරාජයක්- මැතිව්ස්


පළාත් තරගාවලියේ සංචිත නම් කෙරේ

Squads-announced-for-U23

අවුරුදු 23න් පහළ අන්තර් පළාත් දෙදින ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වන අතර ඒ සඳහා ක්‍රීඩකයින් 150 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් ගණන 10කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (10) කණ්ඩායම්වල සංචිත නම් කිරීම සිදු කරනු ලැබූ අතර ඒ අනුව සදීර සමරවික්‍රම, බිනුර ප්‍රනාන්දු, චරිත් අසලංක, මිනෝද් බානුක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, අවිශ්ක ප්‍රනාන්දු, සම්මු අශාන් සහ රොන් චන්ද්‍රගුප්ත වැනි තරුණ ක්‍රීඩකයින් රැසක්ම තරගාවලිය සඳහා සහභාගී වනු ඇත. අද ආරම්භ වන තරගාවලිය අගෝස්තු මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

දිනයක අවසානය