මගේ ක්‍රිකට් ජීවිතය තුල ලබාගත් දැවැන්තම පරාජයක්- මැතිව්ස්

1431

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (10) හම්බන්තොට දී පැවැත්වූ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය, සුවහසක් ශ්‍රී ලංකික ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමනින් අවාසනාවන්ත ලෙස කඩුලු 3කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

දුර්වල ක්‍රීඩා රටාව නිසා ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3 – 2ක් ලෙස…

තරඟයෙන් අනතුරුව තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මැතිව්ස්, මෙම තරඟය තමන්ගේ ක්‍රිකට් ජීවිතය තුළ ලබාගත් දැවැන්තම පරාජයන් අතුරෙන් එකක් බවද සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ පස්වන හා අවසන් තීරණාත්මක තරඟය අද (10) හම්බන්තොට දී කඩුලු 3කින් පරාජය වීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සිම්බාබ්වේ කණ්ඩායමට එදිරිව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක පරාජයකට පළමු වරට මුහුණ දුන් අතර, සිම්බාබ්වේ කණ්ඩායම තම රටින් පිටත දී එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කිරීමේ සතුට ප්‍රථම වතාවට සැමරුවේ 2009 වර්ෂයට පසුවයි. එහිදී ඔවුන් විසින් කෙන්යානු කණ්ඩායම 5-0ක් ලෙස අවසන් වරට පරාජයට පත්කරන ලදි.

“මෙම පරාජය මගේ ක්‍රිකට් ජීවිතය තුළ ලැබුණු තවත් එක් දරුණු පරාජයක්. හුගක් අභියෝග ආවේ අපිට විරුද්ධව. පරාජයට හේතු දැක්වීමට දෙයක් නෑ දිනය අවසානයේ ඔවුන් අපිව අභිබවා යාමට සමත් වුණා” යැයි මැතිව්ස් පැවසීය.

පසුගිය වසරක කාලය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හුගක් අභියෝග වලට මුහුණ දුන්නා. ඒ තරඟාවලි කිහිපයක්ම එක දිගටම පරාජයට පත්වීම නිසා. මාධ්‍යවේදීයෙක් සිය නායකත්වයේ අනාගතය පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වයස අවුරුදු 30ක් වන ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පැවසූවේ “ මම තවමත් ඒ ගැන සිතා නැහැ, එසේම ඉදිරියේ දී තේරීම් කමිටුව සමගින් සාකච්ඡා කර මම මගේ නායකත්වය පිළිබඳව ඉක්මනින් තීරණයක් ගන්නවා” යැයි කියා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට හා ප්‍රේක්ෂකයන්ට ඇති විශාලතම ගැටලුව නම් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරඟාවලියකදී පරාජයට පත්කළ, ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ තරඟාවලියේ දී සිදුවූයේ කුමක්ද යන කාරණාවයි.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම, අභාග්‍යසම්පන්න ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී සෑම අංශකින්ම පාහේ පහළට වැටී ඇත. (ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල 7වන ස්ථානය, එක්දින හා 20-20  ශ්‍රේණිගත කිරීමේ දී 8 වන ස්ථානයට පත්වී ඇත)

අද තරඟය තුළ ක්‍රීඩා කළ තණතීරුව දඟ පන්දු යවන්නන්ට තරමක් උචිත ලෙසින් හැසිරෙන්නට විය. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමගයි. නුවන් කුලසේකර අද දිනය තුළ ක්‍රියාත්මක කලේ පන්දුවාර 3ක් පමණි. ලක්ෂාන් සඳකැන් වෙනුවට මේ තරඟයට ආදේශ කල අකිල දනංජය සිම්බාබ්වේ කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කළේය.

“අපිට තව දඟ පන්දු යවන්නෙකු සමගින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වුනා (සඳකැන්), නමුත් පසුගිය තරඟයේ දී ඔහු ද දැඩි අබාධයකට ලක්වුනා. අපේ දඟ පන්දු යවන්නන්ට ද හොදින් දස්කම් අතරට එන්න බැරිවුණා, අද තරඟයේදී අකිල දනංජය හොදින් පන්දු යැව්වා, අද තරඟයේ ප්‍රතිඵලයට කාසියේ වාසියද ලොකු බලපෑමක් කලා” යැයි මැතිව්ස් කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කල ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි තුනම එකදිගටම පරාජයට පත්විය. එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව 4-1ක්,බංග්ලාදේශයට එදිරිව 1-1ක් ලෙස සමශුරතාවය ජයග්‍රහණය කර අතර, අදින් අවසන් වූ සිම්බාබ්වේ තරඟාවලියද 3-2ක් ලෙස පරාජයට පත්වීම ලංකා කණ්ඩායමේ කීර්තිනාමයට සිදුවූ දැඩි හානියකි.

“අපේ අතින් හුගක් අඩුපාඩුකම් සිදුවුණා. එළෙබෙන ඉන්දියාව තරගාවලියද සුළුපටු තරගාවලියක් නොවේ. අපි කණ්ඩායමක් වශයෙන් ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. අපි අපේ පුහුණුවීම් නිසියාකාරව කලත්, පිටිය මැදදී ඒවා සාර්ථකව යොදගත්තේ නැහැ” යැයි මැතිව්ස් නිගමනය කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය ලබන 14 වැනි දා කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනු ඇත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට