ගෙවුනු දවස ජනවාරි 6 – දෙවැනි අර්ධයේදී හැව්ලොක් පෙරමුණ ගනී

460
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

    රග්බි    

හැව්ලොක් හමුවේ පොලීසිය අසරණ වෙයි

Havelock SC v Police SC
හැව්ලොක් සහ පොලිස් කණ්ඩායම් අතර පැවති තරඟයේ ඡායාරූපයක් ©ThePapare.com

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ නවවැනි සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති ආරම්භක තරගයේදී, 29-13ක් ලෙසින් පොලිස් ක්‍රීඩකයින් පරාජය කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කලේ හැව්ලොක් ක්‍රීඩා පිටියේදීයි.

ප්‍රථම අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 06 : 05 හැව්ලොක් ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලකුණු: පොලිස් ක්‍රීඩා සමාජය 29 : 13 හැව්ලොක් ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්

  • පොලීසිය – රජිත සන්නොනි (1T, 2P, 1C)
  • හැව්ලොක් – ප්‍රසාත් මධුසංක, දුෂ්මන්ත ප්‍රියදර්ශණ, ලසිඳු ඉෂාන්, හිරන්ත පෙරේරා, දුලාජ් පෙරේරා (3C, 1P)

සම්පූර්ණ තරඟ වාර්තාව


  පාපන්දු   

බ්ලුස්ටාර් 00 – 00 ගුවන් හමුදාව

Blue star vs Air Force SC
බ්ලුස්ටාර් සහ නාවික හමුදාව අතර තරඟයේ ඡායාරූපයක් ©ThePapare.com

දිගු නිහැඬියාවකින් අනතුරුව ඩයලොග් චැම්පියන්ස් ලීග් 2016 පාපන්දු තරඟාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දෙවැනි සතිය ආරම්භ කරමින් බ්ලූස්ටාර් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම ඊයේ (6) තරඟ බිමට පිවිසුණේ කැළණිය ක්‍රීඩාංගනයේදීයි. කණ්ඩායම් දෙකම ජය පරාජයකින් තොරව මෙම තරගය අවසන් කලේ කිසිදු ගෝලයක් වාර්තා නොකරමිනි.

සම්පූර්ණ ලකුණු – බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 0 – 0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ තරඟ වාර්තාව: බ්ලූස්ටාර්, ගුවන් හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි


    ක්‍රිකට්  

මදුරංග සොයිසාගේ ද්විත්ව ශතකය

15168680_1314597378613824_4632696148636349660_o-696x464
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩක මධුරංග සොයිසා (වම) ©ThePapare.com

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින් සොයා යන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 4ක් ඊයේ (06) ආරම්භ විය. එහිදී ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ මධුරංග සොයිසාගේ සුපිරි ඉනිම සියල්ලන්ගේම අවධානයට පාත්‍ර විය. එසේම විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුනු කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජයේ තිලිණ හේරත් ඉනිමක කඩුලු 7ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

ලංකන් ක්‍රිකට් සමාජය – කඩුලු 9ක් දැවී ලකුණු 446 (පන්දුවාර 91): මධුරංග සොයිසා 203, ලාල් කුමාර් 107, අනීක් හසන් 56, රශ්මික ද සිල්වා 5/137.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 61.5): බුද්ධික සඳරුවන් 70, ලහිරු ලක්මාල් 44, තිළිණ හේරත් 7/66, දුමින්ද දසනායක 2/71.

කුරුණෑගල  තරුණ ක්‍රිකට් සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 85 (පන්දුවාර 28): දර්ශන මහවත්ත 44, කවින්ද පුලුක්කුට්ටිආරච්චි 28*.

සංක්ෂිප්ත තරඟ වාර්තාව: මධුරංග සොයිසාගෙන් ද්විත්ව ශතකයක්


අශාන් සහ ලසිත ශතක රැස්කරයි

Ashan Priyanjan
ආශාන් ප්‍රියංජන් (ඡායාරූපය – නිළ Facebook ගිණුම – අශාන් ප්‍රියංජන්)

දේශීය ක්‍රිකට් පිටිය කාර්‍යබහුල කරවන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තවත් තරග 6ක් ඊයේ (06) ආරම්භ විය. ඉන් තරග කිහිපයකම ප්‍රථම දිනය නිමාවන විට දෙපිළටම සම වාසි හිමිව තිබූ අතර CCC කණ්ඩායමේ අශාන් ප්‍රියන්ජන් සහ ලසිත් අබේරත්න ශතක වාර්තා කරමින් තම ක්‍රීඩා සමාජය පෙරමුණට ගෙන ඒමට සමත් වූහ.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 7ක් දැවී ලකුණු 443 (පන්දුවාර 91): අශාන් ප්‍රියන්ජන් 124, ලසිත් අබේරත්න 103*, මාධව වර්ණපුර 50.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1): අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, රෝහිත් දමෝදරන් 33. ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, සචිත්‍ර සේනානායක 2/44.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී ලකුණු 75 (පන්දුවාර 35): මලින්ද පුෂ්පකුමාර 4/20.

සංක්ෂිප්ත තරඟ වාර්තාව: අශාන් ප්‍රියන්ජන්ගේ ශතකය නිසා CCC කණ්ඩායමට සුපිරි ආරම්භයක්


පවිත්ගේ පන්දු තෝමසුවන්ට ජය ගෙන එයි

Pavith Rathnayake
©ThePapare.com

ට්‍රිවෝන් පර්සිවල්ගේ ශතක ඉණිම හා රොමේෂ් නල්ලප්පෙරුමගේ අර්ධ ශතකය,  ත්‍රිත්ව විද්‍යාලයට හා සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණ හිමිකර දීමට සමත් විය. එයට අමතරව පවිත් රත්නායකගේ (5/56) දස්කම් ද මෙම ජයග්‍රහණ සඳහා සාන්ත තෝමස් විද්‍යාලයට විශාල පිටුවහලක් විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 74): රොමේෂ් නල්ලප්පෙරුම 73, ඩිනුර ගුණවර්ධන 63,මන්තිල විජේරත්න 31, ලසිත රසාංජන 6/76

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 55.5): ලක්ෂිත රසාංජන 84, කලණ පෙරේරා 29, පවිත් රත්නායක 5/56

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම –  කඩුලු 5ක් දැවී ලකුණු 131 dec (පන්දුවාර 41): රවිදු කොඩිතුවක්කු 55, ලක්ෂිත රසාංජන  4/13

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 91 (පන්දුවාර 24): අවිශ්ක පෙරේරා  33*, සචින්ත සුභසිංහ 22*, කසුන් සඳරුවන් 21, පවිත් රත්නායක 2/25

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 67.5): චාමිකර හේවාගේ 57, අවිදු තීක්ෂණ 56, ආධිත්‍යය සිරිවර්ධන 31, විමුක්ති නෙතුමල් 5/55

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම  – කඩුලු 8ක් දැවී ලකුණු 348 dec (පන්දුවාර 102): ට්‍රිවෝන් පර්සිවල් 100*, පී.බනුගොබන් 80,  හසින්ත ජයසූරිය 39, රවිශ්ක විජේසිරි 4/124

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 55 (පන්දුවාර 19): චාමිකර හේවගේ 37*, ශැනොගීත් ශන්මුගනාතන් 2/03

සංක්ෂිප්ත තරඟ වාර්තාව: අගනා ඉණිම් කිහිපයක්ම ජය පරාජයෙන් කෙලවර වේ

දවසක අවසානය