බ්ලූස්ටාර්, ගුවන් හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි

489
Blue star vs Air Force SC

දිගු නිහැඬියාවකින් අනතුරුව ඩයලොග් චැම්පියන්ස් ලීග් 2016 පාපන්දු තරඟාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ දෙවැනි සතිය ආරම්භ කරමින් බ්ලූස්ටාර් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අද (6) තරඟ බිමට පිවිසුණේ කැළණිය ක්‍රීඩාංගනයේදීයි. කණ්ඩායම් දෙකම ජය පරාජයකින් තොරව මෙම තරගය අවසන් කලේ කිසිදු ගෝලයක් වාර්තා නොකරමිනි.

පසුගිය ලිපි: වැහි කුනාටු පරදා ඩයලොග් චැම්පියන්ස් ලීග් මේ සතියේ නැවතත් කරලියට

බ්ලූස්ටාර් කණ්ඩායමේ ඊ. චන්න බිම දැමීමෙන් දිනයේ ප්‍රථම නිදහස් පහර ඔවුනට ලබා දුන්නේ චතුරංග ප්‍රනාන්දු විසිනි. තරඟය අතරතුර කණ්ඩායම් දෙකම ඉතා තරගකාරී වූයේ කණ්ඩායම් දෙකටම ගෝල පිපාසයක් තිබුණු නිසාවෙනි.

19 මිනිත්තුවේදී බ්ලූස්ටාර් කණ්ඩායමේ නසිරු ඔපායෙමි හට කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරු පියවර ගත්තේය.

තරඟයේ 24 වන මිනිත්තුවේදී වේගවත් අයුරින් ආක්‍රමණයේ යෙදුනු කවිඳු ඉශාන්ව වළක්වාගත්තේ මංජුල ප්‍රනාන්දු විසිනි. අෆොන්ජෝ ජිබෝලා විසින් සිදුකළ ඉතා හොඳ ප්‍රහාරයක් වළක්වා ගැනීමට ගුවන් හමුදා ගෝල රකින්නා වූ රුවන් අරුණසිරි වටිනා උත්සාහයක් ගත් අතර එය සාර්ථක විය.

37 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරන්නට ලැබුණු අගනා අවස්ථාවක් ඩී. කේ. දුමින්දට මඟහැරිණි.

ප්‍රථම අර්ධය – බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 0-0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

47 වන මිනිත්තුවේදී කවිඳු ඉශාන් විසින් සිය ප්‍රතිවාදී ආරක්ෂකයා නොමඟ යවන්නට සමත් වූවත් ඔහුගේ පහර ගෝලයෙන් ඉවතට විසිවිය.

70 වන මිනිත්තුව වන විටත් කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමට වෙහෙසුණු නමුත් ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ විය.

නමුත් 71 වන මිනිත්තුවේදී පන්දුව පහසුවෙන් හිසින් ගෝලය වෙත යොමුකළ හැකිව තිබියදී කැලුම් පෙරේරාව සාර්ථකව වළක්වාගන්නට බ්ලූස්ටාර් කණ්ඩායමේ මන්ජුල ප්‍රනාන්දු සමත් විය.

දෙවන අර්ධය – බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 0-0 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

සුපිරි 8 දෙනාගේ දෙවැනි සතියේ දෙවැනි තරගය කොළඹ ක්‍රීඩා සමාජයත් සොලිඩ් ක්‍රීඩා සමාජයත් අතර හෙට (7) කැලණිය ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට