ගෙවුනු දවස ජනවාරි 15 – නාවික බලය මහනුවරදී අඩපණ වෙයි

652
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

   රග්බි   

Kandy Navyජයග්‍රහණය මහනුවරට සහ හැව්ලොක්ට

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ 10 වැනි සතියේ පැවති අවසන් තරග දෙකෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කලේ පිලිවෙලින් යුධ හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් පරාජය කරමිනි. තරග පැවතියේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී සහ නිත්තවෙල දීය.

හැව්ලොක් සහ යුධ හමුදාව අතර තරගය

  • ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 17 – 07 යුධ හමුදාව
  • සම්පූර්ණ ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 29 – 17 යුධ හමුදාව
  • ThePapare.com තරගයේ වීරයා: නිශෝන් පෙරේරා (හැව්ලොක්)

මහනුවර සහ නාවික හමුදාව අතර තරගය

  • ප්‍රථම අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 28 – 10 නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 50- 22 නාවික හමුදා ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරගයේ වීරයා: රිචඩ් ධර්මපාල (මහනුවර)

  පාපන්දු  

ප්‍රථම අර්ධයෙන්ම ජය රිනවුන්ට

Sri Lanka Sports Newsරිනවුන් කණ්ඩායමට කිසිදු ගෝලයක පහස විඳගැනීමට ඉඩනොදෙමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී නිමාව දුටුවේ, ගෝල 03-00ක් ලෙස යුධ හමුදා කණ්ඩායම ආධිපත්‍ය පතුරවමිනි.

.

.

  • ප්‍රථම අර්ධය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 03 යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • අවසන් ලකුණු තත්වය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 03 යුධ හමුදා ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරගයේ වීරයා: සාජිත් කුමාර (යුධ හමුදාව)

සම්පූර්ණ තරග වාර්තාව: රිනවුන් කණ්ඩායම යුධ හමුදාවේ අත්අඩංගුවට


pic 3ගෙලිඔය ඉදිරියට

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන කාණ්ඩයේ එක් අර්ධ අවසන් තරගයක දෙවන අදියර ගෙලිඔය ක්‍රීඩා සමාජයත්, Great Star ක්‍රීඩා සමාජයත් අතර අද (15) බෝගම්බරදී නිමාවට පත්වූයේ ගෝල 01:01ක් ලෙසිනි.

.

  • .පලමු අර්ධය : ගෙලිඔය කණ්ඩායම 1:1 Great Star ක්‍රීඩා සමාජය
  • අවසන් ලකුණු සටහන: ගෙලිඔය ක්‍රීඩා සමාජය 1:1 Great Star ක්‍රීඩා සමාජය
  • ThePapare.com තරඟයේ වීරයා: අඩියු අයිසැක් (ගෙලිඔය)

සම්පූර්ණ තරග වාර්තාව: ගෙලිඔය ක්‍රීඩා සමාජය අවසන් තරගය


  ක්‍රිකට්  

ශ්‍රී ලංකා යෞවනයින්ට පරාජයක්

SLvSAශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඊයේ (15) කේප්ටවුන් හිදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා යොවුන් පිළ පරදා ලකුණු 128ක පහසු ජයග්‍රහණයකට හිමිකම් කියූ දකුණු අප්‍රිකානුවන් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ තවදුරටත් වැජඹෙන්නට සමත් විය.

දකුණු අප්‍රිකා යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 283 (පන්දුවාර 50): ජෙසී ක්‍රිස්ටන්සන් 101, රේනාඩ් වෑන් ටොන්ඩර් 79, පීටර් මුල්ඩර් 44, මිචෙල් වෑන් බූරන් 23*, නිපුන් රංසික 3/45, ජෙහාන් ඩැනියෙල් 2/59.

ශ්‍රී ලංකා යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 40.5): හසිත බෝයගොඩ 24, තිසරු ඩිල්ශාන් 24, ජෙහාන් ඩැනියෙල් 19, ශම්මු අශාන් 18, ජේඩ් ක්ලාක් 3/28, පීටර් මුල්ඩර් 3/42.

සම්පූර්ණ තරග වාර්තාව: ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ලකුණු 128ක පරාජයක්


SLC Premier Leagueශෙහාන්ගේ ද්විත්ව ශතකය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය ශක්තියෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග 5ක් ඊයේ (15) දෙවැනි දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය. පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන් දේශීය පිටියේ අණසක පැතිරවූ අද දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වන්නට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ද්විත්ව ශතකයක් රැස් කරගෙන සිටින ශෙහාන් ජයසූරිය සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 291 (පන්දුවාර 60.5): අරෝෂ් ජනෝද 80, ශෙහාන් ජයසූරිය 49, මහේල උඩවත්ත 38, සචිත්‍ර සේරසිංහ 25, ලහිරු ප්‍රනාන්දු 6/93, විනෝද් පෙරේරා 2/30, මලිත් ද සිල්වා 2/48.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 53.2): අදීශ නානායක්කාර 32, මලින්ද පුෂ්පකුමාර 5/78, සචිත්‍ර සේරසිංහ 3/29, මධූක ලියනපතිරණගේ 2/20.

හලාවත මේරියන්ස් (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 379 (පන්දුවාර 67): ශෙහාන් ජයසූරිය 218*, මහේල උඩවත්ත 63, සචිත්‍ර සේරසිංහ 55.

ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 59.1): දිල්හාන් කුරේ 50, තරිඳු රත්නායක 4/25, සචිත්‍ර සේනානායක 2/30, විමුක්ති පෙරේරා 2/35.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 379 (පන්දුවාර 92.5): මිනෝද් භානුක 148, චරිත් අසලංක 76, දසුන් ශානක 50, රුවන් හේරත් 3/44, රොෂාන් ජයතිස්ස 3/93, චලන ද සිල්වා 2/91.

ගාලු ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 131 (පන්දුවාර 25): හොමඩ් ජලීල් 79*, පවන් එදිරිසිංහ 30.

සවිස්තර වාර්තාව: ශෙහාන් ජයසූරියගෙන් නොදැවී ලකුණු 218ක් 

දිනයක අවසානය