රිනවුන් කණ්ඩායම යුධ හමුදාවේ අත්අඩංගුවට

623
DCL Week 8

රිනවුන් කණ්ඩායමට කිසිදු ගෝලයක පහස විඳගැනීමට ඉඩනොදෙමින් ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී නිමාව දුටුවේ, ගෝල 03-00ක් ලෙස යුධ හමුදා කණ්ඩායම ආධිපත්‍ය පතුරවමිනි.

බ්ලූස්ටාර් – නාවික හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරඟාවලියේ තෙවැනි සතියේ පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේ ගෝල 02-02ක් ලෙස සම ලකුණු මට්ටමකිනි.

කණ්ඩායම් දෙකම ගිය වසරේ පැවති FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් වටයට මුහුණදුන් අතර එහිදි යුධ හමුදාව තරඟයේ ශූරතාවය ලබා ගන්නා විට රිනවුන් කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදුවිය.

තරගයේ ආරම්භයට මත්තෙන් දැකගත හැකිවූ විශේෂත්වයක් වන්නේ යුධ හමුදාව ඔවුන්ට සුපුරුදු කහ පැහැති ජර්සියට සමුදී නිල් පැහැති ජර්සියකට මාරු වී සිටිමයි. එමෙන්ම රිනවුන් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයින් දෙපලක් වන උස්මාන් අන්වර් සහ මොහොමඩ් ෆාසිල් සංචිතය තුල දකින්ට නොලැබුනේ ආබාධ තත්වයන් හේතුවෙන් ඔවුන් විවේක ගන්නවා තිබීම හේතුවෙනි.

විනිසුරු ආරම්භ සංඥාව හැඬවීමත් සමඟින් ක්‍රීඩකයින් පන්දුව පසුපස හඹා ගිය අතර ප්‍රථම ගෝලය සාර්ථක කරගනු ලැබූවේ යුධ හමුදා ක්‍රීඩක සාජිත් කුමාර විසින්. ඒ තරගය ආරම්භ වී මිනිත්තු 8ක් වන තැනයි.

ඉන් පන්නරය ලැබූ යුධ හමුදා කණ්ඩායම තවත් ගෝලයක් කරා සිය පාද මෙහෙයවද්දි රිනවුන් කණ්ඩායම ලකුණු සම කීරීමට පන්දුව පසුපස ඇදෙනු පෙනුනි. තරගයේ දෙවැනි ගෝලය වාර්තා වූයේ යුධ හමුදා ක්‍රීඩක මධුෂාන් සිල්වාගේ පාදයෙනි. ඒ තරගයේ 29වැනි මිනිත්තුවේදීයි.

ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් හෝ රිනවුන් කණ්ඩායම ගෝලයක් වාර්තා කරන්නට උත්සහ කලත, 44 වැනි මිනිත්තුවේදී මධුෂාන් සිය දෙවැනි ගෝලයත් ලබා ගනිමින් ප්‍රථම වටය නිමාවට පත්විය.

ප්‍රථම අර්ධය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 03 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය සඳහා රිනවුන් කාණ්ඩායම පිටියට පිවිසියේ දැඩි අධිෂ්ඨානයකින් වුවත්, ඔවුන්ගේ අපේක්ෂාවන් සපථ කරගැනීමට යුධ හමුදා ක්‍රීඩකයින් ඉඩ තැබුවේ නැත. කණ්ඩායම් දෙකටම ලැබුනු අවස්ථාවන් කිහිපයක් නිසි අයුරින් සාර්ථක කරගැනීමට දෙපිලෙහිම ක්‍රීඩකයින් සමත් නොවූ අතර තරගය අවසාන වනතෙක් කිසිදු ගෝලයක් ඉන්පසුව වාර්තා වූයේ නැත.

රිනවුන් ක්‍රීඩකයින් වන මොහොමඩ් මුජීබ් සහ ෆාසුල් රහුමාන්ටත්, යුධ හමුදා ක්‍රීඩකයින් වන නදීක පුෂ්පකුමාර සහ බණ්ඩාර වරකාගොඩත් යන ක්‍රීඩකයින්ටත් විනිසුරුවරයා කහ කාඩ්පත් නිකුත් කරනු ලැබීය.

අවසන් ලකුණු තත්වය: රිනවුන් ක්‍රීඩා සමාජය 00 – 03 යුධ හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: සාජිත් කුමාර (යුධ හමුදාව)

තරගයෙන් පසුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරු ෆවුමි,

“අපේ කණ්ඩායම නම් අද විශිෂ්ටයි. ප්‍රථම අර්ධයෙන්ම අපි තරගය දිනලා ඉවරවුනු එක ගැන අපිට හරිම සන්තෝසයි. මට අවශ්‍ය වුනා දවසින් දවස කණ්ඩායමේ ශක්තිය සහ ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය වර්ධනය කරන්න, එය සාර්ථකයි. ක්‍රීඩකයින් තුන්දෙනෙකු අතර සංකලනය ඉතාමත් ප්‍රශංසනීයයි. අපි තරගයන් එකින් එක ජයග්‍රහණය කරනවා.”

රිනවුන් කණ්ඩායමේ පුහුණුකරු මොහොමඩ් අමනුල්ලා නම් පසුවූයේ අසතුටකිනි.

“අද කණ්ඩායම සෙල්ලම් කල විදිහ ඉතාමත් කනගාටුදායකයි. යුධ හමුදා කණ්ඩායමට අපේ තරගය දිනන්න පුළුවන් වෙන්න ඇති, නමුත් ක්‍රීඩා කිරීම අතින් අපි එතරම් හොඳ නැහැ අද. පුහුණුව අද තරගය සඳහා ප්‍රමාණවත් නොවෙන්න ඇති, ඒවගේම අපේ සුපුරුදු ගෝල රකින්නා සහ ෆාසිල් අපිත් එකක් අද හිටියේ නැහැ. ඉදිරියේදී තියෙන තරග සඳහා සෙල්ලම් කරන්නට, අපිට මේ සියල්ල නැවතත් සකස් කරගෙන වෙනවා.”

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්:

  • යුධ හමුදාව – සාජිත් කුමාර 08’, මධුෂාන් ද සිල්වා 29 44

කහ කාඩ්පත්

  • රිනවුන් – මොහොමඩ් මුජීබ් 24, ෆාසුල් රහුමාන්ටත් 49
  • යුධ හමුදාව – නදීක පුෂ්පකුමාර 16, බණ්ඩාර වරකාගොඩ 19

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට