ගෙවුනු දවස අප්‍රේල් 26 – කොළඹ සමාජය ඉදිරියටම

628
Sri Lanka Sports News

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

බස්නාහිර පළාතේ කණ්ඩායම් වලට ජය

Pic 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සාර්ථක ලෙස සංවිධානය කරනු ලබන සුපිරි පළාත් එක්දින තරගාවලියේ අවසන් දින කිහිපය ගෙවී යන විට, එම තරගාවලියට සමගාමීව පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ සුපිරි පළාත් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (26) පැවැත්විය. එම තරග වලින් බස්නාහිර දකුණ, බස්නාහිර උතුර, උතුර හා බස්නාහිර මධ්‍යම යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

බස්නාහිර දකුණ – සියල්ලන්ම දැවී 203 (පන්දු වාර 48.4): නුවනිඳු ප්‍රනාන්දු 68, නිපුන් දේශාන් 66, ජනිදු හිම්සර 2/12, නිම්සර අත්තනගල්ල 2/34, තිමිර සුපුන් 2/40, නිපුන් කුමාරසිරි 2/50

මධ්‍යම – සියලුම දෙනා දැවී 83 (පන්දු වාර 26.4): ටශික පෙරේරා 5/40, නුවනිඳු ප්‍රනාන්දු 2/03

උතුරු මැද – සියල්ලන්ම දැවී 145 (පන්දු වාර 42.3): කවිදු මදරසිංහ 32, විහාන් ගුණසේකර 25, මහේෂ් තීක්ෂණ 4/24, අසේල සිගේරා 3/21, චාමික ගුණසේකර 2/22

බස්නාහිර උතුර – කඩුලු 3ක් දැවී 147 (පන්දු වාර 24): අශාන් ප්‍රනාන්දු 84*, මොහොමඩ් ශමාස් 27

සම්පූර්ණ වාර්තාව: ටශික, අශාන් හා නුවනිඳු දිනය වර්ණවත් කරවයි


මහනුවර ඉවතට

Pic2

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ ක්‍රිකට් තරුවක් වන ශෙහාන් ජයසූරිය සහ වමත් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දුගේ සුපිරි දක්ෂතා හේතුවෙන් ඊයේ (26) පැවති සුපිරි පළාත් එක්දින තරගාවලියේ නාම මාත්‍රික අවසන් පූර්ව තරගය ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වූහ. ඒ අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු අඩු ලකුණු තරගයක් වූ මෙහි දී පරාජයට පත්වුණු මහනුවර කණ්ඩායමට  තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

සම්පූර්ණ වාර්තාව: ශෙහාන් – විශ්ව සුසංයෝගය නිසා කොළඹ අවසන් මහා සටනට


මලල ක්‍රීඩා –

මුළු වාර්තා ගණන 24ක්

Pic 3

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය 55 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය අද (26) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්විය. තරගාවලිය අප්‍රේල් 24 වැනි දා සිට අද (26) දක්වා දින 4ක් අඛණ්ඩව පැවැත්විය. පෙර දින වල දී මෙන්ම අද ද නව මලල ක්‍රීඩා වාර්තා කිහිපයක්ම බිහි වුනු අතර තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා බිහිවූ වාර්තා ගණන 24 ක්.

සම්පූර්ණ වාර්තාව: 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ධනංජය; ක්‍රීඩිකාව මදුෂිකා

දිනයක අවසානය