ගෙවුනු දවස අප්‍රේල් 19 – කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට අපේ මුරලිත්

619
Sri Lanka Sports News last day summary april 19th

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

සංගා විස්තර කථනයට

pic 1(1)ජුනි මාස 1 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තය හා වේල්සය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන, ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ විකාශන මෙහෙයුම් කටයුතු වල සැලසුම් හා එම තරගාවලියේ නිල විස්තර විචාරකයන්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් රිකී පොන්ටීන්, නවසීලන්තය සඳහා බ්‍රෙන්ඩන් මැකලම්, ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර සංගක්කාර හා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ග්‍රැහැම් ස්මිත් පළමු වරට නිල විස්තර විචාරකයන් ලෙස තම හැකියාවන් පෙන්වනු ඇත. තවද මොවුන් සියලු දෙනාම ඒ ඒ ක්‍රිකට් කණ්ඩායම් වල හිටපු නායකයින් වීම ද සුවිශේෂී සිදුවීමකි.

සම්පූර්ණ ලිපිය: ශූරයින්ගේ විස්තර විචාරකයන් අතරට අපේ සංගාත්


මුරලිට විශිෂ්ට ගෞරව සම්මානයක්

Muttiah Muralitharanපිට දඟ පන්දුවේ රජු වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් ජූනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අයි.සී.සී. ශූරයින්ගේ කුසලානය සඳහා නිල වශයෙන් ප්‍රවිශ්ටය ලබා දෙන්නා ලෙස තෝරාගෙන තිබේ. ICC විනිසුරුවරුන්ගේ තීරණය මත ප්‍රශංසනීයම දක්ෂතා පෙන්වූ ගෞරවනීය ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් වුනු ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමේ භාග්‍යය ද මුරලිදරන්ට හිමිවිය.

සම්පූර්ණ ලිපිය: ශූරයින්ගේ කුසලානයට ප්‍රවිශ්ටය ලබාදීම සඳහා මුරලිට ඇරයුම්


පාපන්දු –

ටෙලිකොම් සහ සම්පත් බැංකුවට ජය

Mercantile Footballවෙළඳසේවා පාපන්දු තරගාවලියේ “D” කාණ්ඩය යටතේ තරග කරන කණ්ඩායම් 4ක තරග ද්විත්වයක් ඊයේත් (19) සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය. එම තරගවලින් සම්පත් බැංකු කණ්ඩායම හා ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම් ජය වාර්තා කිරීමට සමත්විය.

සම්පුර්ණ ලකුණු 

  • සම්පත් බැංකුව 3 – 00 සෙලාන් බැංකුව
  • ශ්‍රී ලංකා ටෙලිකොම් 06 – 00 HSBC

සම්පූර්ණ ලිපිය: සම්පත් බැංකුවට හා ශ්‍රී ලංකා ටෙලිකොම්ට වැඩි ගෞරවය

දිනයක අවසානය